කන්න බොන්න කලින් එන්න

Sumanadisi Bakers – Kohuwala උනු උනුවේ බේකරි කෑම ගන්න සුමනදිසි බේකර්ස්

banner

සුමනදිසි බේකරිය කියන්නේ නුගේගොඩ ප්‍රදේශයට කිට්‍ටුවෙන් තියන ප්‍රසිද්ධ බේකරියක්.බේකරි අයිටම් බොහොමයක් ඔවුන් සපයනවා.සාධාරන ගනනකට හොඳ බේකරි කෑම ගන්න යන්න හොඳම තැනක් තමයි සුමනදිසි බේකරිය කියන්නේ.ඔවුඉන් සතුව තවත් අවන්හල් පවතිනවා. ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ.

වටපිටාව

sumanadisi1

මෙතන පාකින් වලට නම් ලොකු ඉඩක් නෑ.ඇතුලත ඉතාම පිරිසිදුවට තියනවා.කුශන් පු‍ටු වගේම යකඩ පුන්චි පු‍ටු වලිනුත් යුක්තයි. පොඩි පු‍ටු වල ප්‍රමානෙ නම් ඒ තරම් නෑ.කුශන් කරපු ලොකු පු‍ටුවක වාඩි වෙන එකයි හොඳ. 4 දෙනෙක්ට එකට ඉඳගෙන කන්න පුලුවන්.බිත්ති වල හැම තැනම ෆැන් සවි කරලා.ආහාර වර්ග නැවුම්ව ඉදිරියේ පිරිසිදුව තියලා තියනවා

බඩජාරි මෙනු පත

sumanadoiso2

මෙතන බේකරි අයිටම් ගනනාවක් තියනවා. ඒක ටිකක් ලොකු මෙනු එකක්.ඒ වගේම සෙට් මෙනු විදියට ෆ්‍රයිඩ් රයිස් එකක් 300කට කන්න ගන්න පුලුවන්.බිරියානියක් 350ක් වෙනවා සී ෆුඩ් රයිස් එක 400යි..නාසි චිකන් එකක් 350ක් සහ සී ෆුඩ් එකක් 400ක් වගේ වෙනවා. රයිස් වල නම් මිල ටිකක විතර වැඩියි වගේ.සෙට් මෙනු නැතුව ෆ්‍රයිඩ් රයිස් එකක් 200-300 අතර මිලකට බාස්මති ගන්න පුලුවන්. ඒව චිකන් බිත්තර මාලු සී ෆුඩ් සහ මික්ස් රයිස් වීදියට ගන්න පුලුවන්.වෙජිටබල් බාස්මති රයිස් එකක් 180ක් වෙනවා
බේකරි අයිටම ගැන කිව්වොත් ඒව නම් ගොඩායි.පාන් වර්ග දයකට වඩා ජාති තියනවා. සාමන්‍ය පාං ගෙඩියේ ඉඳන් ජම්බෝ පාන් දක්වා ගන්න පුලුවන්. බනිස් වර්ගත් එහෙමමයි. සාමාන්‍ය ටී බන් එකක් 25ක් වෙනවා. ඒ වගේම බිත්තර බන් කිඹුලා බනිස් ජෑම් බනිස් වගේ ගොඩාක් බනිස් වර්ගත් ගන්න පුලුවන්.පේස්ට්‍රි සහ රෝල්ස් වර්ග 40-50 ත් අතර මිල සීමාවේ පවතින්නේ. ඒ වගේම රොටි වර්ගත් මෙතන තියනවා.බිත්තර රොටියක් 50යි.චිකන් රොටියක් 70ක් මාලු රොටිය 45යි.

මෙතන රසවත් කේක් පවා ගන්න පුලුවන්. කිලෝ එකේ බටර් කේක් එකක් 420ක් වගේ වෙනවා.පලතුරු කේක් චොකලට් කේක්,කොෆී කේක් කැරමල් කේක් වගේ කේක් වර්ගත් ගොඩක් මෙතනට ආවොත් ගන්න පුලුවන් කම තියනවා.තවත් බොහෝ පැනොඉර ස වගේම බිස්කට් වර්ගත් ගන්න හොඳ තෑනක් තමයි සුමනදිසි බේකරිය කියන්නේ..කාලා ඉවර උනහම බීම අයිස් කොෆී එකක් 30ක් වෙනවා. ඒක හොඳ මට්ටමේ අයිස් කෝපි එකක්. ඒ වගේම බිස්කට් පුඩිං වගේ එවත් මෙහි තියනවා.තවත් දෙයක් පැනි රස විදියට කොන්ඩ කැවුම් මුන් කැවුම් දොදොල් අග්ගලා වගේ දේශීය කෑම වර්ගත් ගන්න පුලුවන් තැනක් තමයි සිමනදිසි බේකරි කිඅයන්නේ.

ගොඩක් වෙලාවට උනු උනුවේ බේකරි කෑම ගන්න පුලුවන් තැනක් තමයි සුමනදිසි බේකර්ස් කියන්නේ
සේවාව
මෙතන ස්වයං සේව විදියට තමයි වැඩකටයුතු සිද්ද වෙන්නේ.වේටර් ලා කියලා නෑ. අපිම බිල ගෙවලා ආහාර ලන්බා ගන්නයි තියෙන්නේ.

මග

මෙතනට කොලඹ ඉඳලා එනවා නම් නුගේගොඩට ඇවිත් පාලම යට තියන පාරෙන් ඒ කියන්නේ සෙ ද එස් ජයසිංහ පාරෙන් කොහුවල පැත්තට දකුනට ඇවිත් කොහුවල හඳිය ලඟටම ආවහම පාරෙන් වම් අත පැත්තෙන් හොයා ගන්න පුලුවන් වේවි මෙතන

ඔවුන් උදේ ඉඳන් රාත්‍රී 9.30 විතර වෙනකන් විවුර්ථව පවතිනවා.දුරකථන අංකය 0112849481. ලිපිනය හරියටම කියනව අනම් 106, එස් ද එස් ජයසිංහ මාවත කොහුවල.උනු උනුවෙ බේකරි කෑමක් කන්න හිතුනොත් ඔබත් අනිවාර්‍යෙන්ම එන්න සුමනදිසි බේකර්ස්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *