කන්න බොන්න කලින් එන්න

කලුගලේ පුච්චපු රොටියක් සැරම සැර කොච්චි සම්බෝලෙකුත් එක්ක කන්න පුලුවන් අපූරු අවන්හල

banner

ගොඩදෙනෙක් රොටි කන්න ආසයි.කොච්චි සම්බෝලයක් එක්ක රසම රස පොල් රොටියක් කන්න ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් තිබුන නම් තවත් නියමයි.අපි අද කියන්න යන අවන්හලත් උනු උනු රොටියක් කන ගමන් ඉඟුරු දාපු ප්ලේන්ටි බොන්න පුලුවන් රසවත් නවාතැනක්.මේ අවන්හලේ තියන විශේශත්වය වෙන්නේ මේ රොටී පුච්චන්නේ ගල් තැටියක.කවුරුත් යකඩ තැටියේ හරි මැටි තැටියක හරි පිලිස්සුනු පොල් රොටි කැවට ගලේ පුච්චපු රොටි කාලා නැතුව ඇති.ඉතින් අද අපි මේ අපූරු අවන්හල ගැනයි කියන්න යන්නේ

වටපිටාව


rotikade5

මෙතන තියෙන්නේ හොරන රත්නපුර පාර අයිනේ.මේ පාරේ වංගුවකට වගේ වෙන්න පිහිටන නිසා මෙතන කඩේ අයිනේම නම් වාහනයක් පාක් කරන එක ඒ තරම් ඇඟට ගුන නෑ.කොහොම උනත් ඔබ වාහනයක එනවා නම් මදක් ඉස්සරහට වෙන්න පාරේ වාහනය නවත්තලා මෙතනට එන්න පුලුවන්.අවන්හල කුඩා උලු හෙවිල්ලපු මැටියෙන් බිත්ති බැඳපු තැනක්.මෙහි ඇත්ලත ලී දඩු වලින් වහල සහ බාගෙට නග්ගපු බිත්ති සම්බන්ද කරලා තියෙනවා.ඇතුලත අමුතුම සනීපයක් තියනවා.අපි ඒ සී කරපු අවන්හලකට ගිහින් කෑම වේලක් කනවට වඩා වෙනස් නැවුම් ගතියක් මේ අවන්හල තුල ඇතුලට ආවහම පෙනෙන්න තියෙනවා.ඇතුලත ලී කොට වලින් හදපු මේස වලට ලී කොට වලින්ම පු‍ටු හදලා.එයත් අමුතු වෙනසක් මේ පුංචි රොටි කඩේට එකතු කරලා තියනවා.රොටි කඩේ ඇතුලතත් ඉතාම පිරිසිදුයි.

roti1

බඩජාරි මෙනුපත

මෙතන මේ විදියට අලෙවි කරන්නේ රොටී විතරයි.රොටිත් එක්ක කන්න රසම රස ඉඟුරු දාපු ප්ලේන්ටි එකක් ගන්න පුලුවනි.මේ අවන්හලේ විශේශත්වය ගලේ පුලුස්සපු පොල් රොටියනේ.විශාල කලුගලින් හදාපු තැටියකට යටින් දර දාලා තමයි මේ රොටී පුච්චන්නේ.අපි දැනගත්තු විදියට මේ ගල් තැටිය හොඳටම රත් වෙන්න පැය පහක් විතර යනවා.ඉතින් මේ ගලේ රොටී හදන්න වෙනම කාලයක් ගත කරන්න ඕනි.ඔබ මෙහි ඇවිත් රොටියක් ඉල්ලුවොත් ඔවුන් එවෙලෙ තමයි රොටිය හදලා දෙන්නේ.ඉතින් උනු උනු රොටියත් එක්ක කොච්චි සම්බෝලෙ රසට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගත්ත නම් ඔක්කොම සම්පූරනයි.

roti2

මේ රොටිය ඉතාම රසවත්.අපි යකඩ තැටියේ හරි මැටි තැටියේ හරි දාපු රොටියට වඩා වෙනස් රසක් තියනවා.ඒ වගේම කියන්න ඕනි මේ රොටිය ගොඩක් දුරට මැදත් හොඳින් පිලිස්සිලා තියනවා.යහමින් පොලුත් දාලා නිසා උනු උනුවේ කන්න පංකාදුයි..නියමෙට තිතට ලුනු රස ඒවගේම මේ රොටියත් එක්ක කොච්චි සම්බෝලේ කනෙක් දුම් දාන්න වගේ සැරයි.ඒ සැරට දිව පිච්චෙන්න උනු උනු ඉඟුරු ප්ලේන්ටිය මනා සංයෝගයක්. මේ කොච්චි සම්බෝලේ වෙනුවට රොටී කන්න ලුනු මිරිස් ටිකක් නැත්නම් පරිප්පු හොද්දක් උනත් ඉල්ලගන්න පුලුවනි.මේ අවන්හල කරගෙන යන්නේ පවුලක් විසින්.ඉතින් ඔවුන්ගෙන් දැනගත්තු විදියට ඔවුන්ගේ කලින් පරම් පරාවල අය මේ විදියට රොටි ගලේ පුච්චලා කාලා තියනවා.ඒ අදහස තමයි මේ අවන්හල කරගෙන යන අය ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පටන් අරන් තියෙන්නේ.

rotikadeiguru

මේ රොටියක් සාමානය ප්‍රමානයේ.ඔබ වැඩිපුර කරවෙච්ච රොටි කන්න ආස නැත්නම් ඉක්මනින්ම ගලෙන් බාගන්නත් පුලුවන්..ඒ වගෙම ටිකක් කර වෙලා රොටි කන්න ආසයි නම් ටිකක් ගලේ රත් වෙන්න තියලා රොටිය ඉල්ල ගන්නත් පුලුවනි.රොටි දෙකක් කාලා උනුසුම්ව ඉඟුරු දාපු ප්ලේටියක් කැව නම් රුපියල් සීයකින් ශේප් වෙන්න පුලුවන්.ඒ තරම ඇති බඩ පිරෙන්නම.

rotikade1

සේවාව

අපි කලිනුත් කිව්ව මෙතන පවුලක් විසින් තමයි මේ අවන්හල පවත්වාගෙන යන්නේ.ඉතින් ඔවුන් මෙහි යන එය සමග ඉතා හොඳින් සිනා මුසු මුහුනින් ගනු දෙනු කරනවා.මෙතනට ඇවිත් රොටියක් කන්න ඒ තරම් වෙලාවක් ඉන්න යන්නෑ.මොකද මේ ගල් තැටියේ රොටි ගොඩක් එක පාර හදා ගන්න පුලුවනි.

මග

මෙතනට එනවා නම් හොරන රත්නපුර පාරේ එන්න ඕනි.හොරන ඉඳන් රත්නපුරේ පැත්තට එනකොට හම්බවෙන මඩල හඳිය පහුවෙලා හරියටම කිලෝ මීටර් 2ක් ගියහම පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.මේ හරියට කියන්නේ එපිටවල කියලා.කාගෙන් හරි ඇහුවොත් ගලේ පුච්චන රොටි කඩේ කොහෙද කියලා පාර කියාවි.මේ අවන්හල ගැන නොදන්න කෙනෙක් නෑ මේ අවට නම්.

ඔවුන් මේ අවන්හල පටන් අරන් වසර තුනක් වගේ වෙනවා.ඒ කාලය ඇතුලත මේ අවන්හල මේ අවට අය වගෙම මේ පාරෙන් යන එන බොහෝ දෙනා අතර ජනප්‍රිය තැනක් බවට පත් වෙලා තියනවා.සාමාන්‍යයෙන් මෙතන රොටී කන්න හම්බවෙන්නේ සවස තුන පස්සේ වගේ ඉඳන් තයි.මේ වෙලේ ඉඳන්ම මේ අවන්හලට හරි කාරය බහුලයි.ඔබත් මේ පැත්තේන් ආවොත් නැවතිලා ගලේ පුච්චපු රොටියක් කාලා යන්න අමතක කරන්න එපා.


Comments to කලුගලේ පුච්චපු රොටියක් සැරම සැර කොච්චි සම්බෝලෙකුත් එක්ක කන්න පුලුවන් අපූරු අවන්හල

  • Kathawa thana okkoma maru bohoma hondai, namuth roti samaga planty ekath kana widiyai me kalpana karanne

    Dulan May 19, 2016 1:10 am Reply

Leave a Reply to Dulan Cancel reply

Your email address will not be published. Required fields are marked *