කන්න බොන්න කලින් එන්න

The Soya Food Center – Kandy සෝයා රසට අයිස් ක්‍රීම් කන්න සෝයා ආහාර මධ්‍යස්ථානය

නුවර ආවොත් රසට අයිස් ක්‍රීම් එකක් කන්න පුලුවන් තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ. මෙතන නම ද සෝයා සෙන්ටර්.සිංහලෙන් කිව්වොත් සෝයා ආහාර මධ්‍යස්ථානය.නුවර කො‍ටුගොඩැල්ල වීදියේ තියන මේ අවන්හල ගොඩක් ප්‍රසිද්ධ සෝයා අයිස් ක්‍රීම් වලට. ඒත් තවත් බොහොමයක් කෙටි ආහාර සෝයා වලින් හදලා මෙහි ගන්න තියනවා. ඉතින් රස වගේම ගුනත් ගොඩක් වැඩියි මෙහි කෑම වල.

වටපිටාව

soya1

මෙතන මුලින්ම දකින කොට නම් එතරම් ප්‍රිය මනාප බවක් ඇති වෙන් නෑ.නුවර වයි එම් සී ඒ ගොඩනැගිල්ලට ඇතුලුවෙන තැනමයි මේ ආහාර කඩේ පිහිටන්නේ.අවන්හල ඉදිරිපස ලොකු අයිස් කෝන් දෙකක් තිබෙනවා.. මෙහි බිත්ති නම් ගොඩ කලෙකින් පේන්ට් බ්‍රශ් එකක් දැක නැති පාටයි. මෙහි අයිනට වන්නට හිඳගත්තොත් අවට වීදියේ වෙන දේවල් හොඳින් නරඹන්න පුලුවන්.නුවර නගරයේ කාර්‍යබහුල බව මෙතනට හොඳින් දැකගන්න පුලුවන්.

soya2

බඩජාරි මෙනුපත

අපිත් මුලින්ම රස බැලුවේ හැම දෙනාම රසයි කියන සෝයා අයිස් ක්‍රීම් එකක්. ඒ වගේම චොකලට් දැමූ සෝයා අයිස් ක්‍රීම් එකක්. රස විශිශ්ඨයි. චොකලට් සෝයා අයිස් ක්‍රීම් එකත් පට්ට. කිසිම අයිස් ක්‍රීම් එකක සෝයා රසක් නෑ. නියම අයිස් ක්‍රීම් රස එහි තියෙනවා. ඉතාම ප්‍රනීතයි. ඔබ නුවර ආවොත් සෝයා අයිස් ක්‍රීම් එකක් කන්න . අපි ඔබට යෝජනා කරනවා..

මීට අමතරව මෙහි සෝයා වලින් සෑදූ පේස්ට්‍රි පැටිස් කට්ලට් කේක් යෝගට් වගේ ලොකු මෙනු එකක් යටතේ කෑම ගන්න පුලුවන්.ගොඩ දෙනෙක් මෙහි සෝයා රොටි එකත් කැමැත්තෙන් රස බලනවා. අපට නම් රස බලන්න බැරි උනා.

සේවාව

ඔවුන් ගේ සේවාව හොඳයි. කාර්‍ය මංඩලය උනත් සුහදශීලී. මෙතන හොඳින් පිරිසිදුව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. ඔවුන් අයිස් ක්‍රීම් එකක් පාරිබෝගිකයන්ට පිරිනමන්නේ පේපර් සර්වියට් එකක් මත තියා ගෙන.සමස්තයක් විදියට ඔවුන් ඔබට හොඳ සේවාවක් ලබාදෙනවා

මග

මෙතනට එනව නම් නුවර කො‍ටුගොඩැල්ල වීදියේ එන්න ඕනි.කාගෙන් හරි වයි එම් සී ඒ එකට යන්න පාර ඇහුවා නම් හරියටම හරි. මේ තැන පිහිටා තියෙන්නේ වයි එම් සී ඒ එකට යාබදවමයි

ඔබත් නුවර ආපු වෙලාවක ඇවිත් මේ අලුත් අත්දැකීමත් විඳගන්න.!!!


Comments to The Soya Food Center – Kandy සෝයා රසට අයිස් ක්‍රීම් කන්න සෝයා ආහාර මධ්‍යස්ථානය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan