කන්න බොන්න කලින් එන්න

Sen Saal Thibirigasyaya ( සෙන්සාල් )

banner
අගනුවර සියලුම බේකරි කෑම කේක් අතුරුපස සහ බත් කොත්තු වගේ ආහාර ගන්න තියන තැන් අවමයි. ඒ අතරින් සෙන්සාල් සියලු වර්ගයේ ආහාර අවශ්‍යතා සපුරාලනවා.රතු සහ කලු පැහැති ඇඳුමින් සැරසුනු සෙන්සාල් ආයතනයේ සේවකයන් ආයතනයට යම් ලාක්ශනික ගතියක් එක් කරනවා.. ඔවුන් ගේ බේකරිය සහ සියලු කෑම එහිමයි හදන්නේ.. බඩජාරි අපේ කන්ඩායමත් මේ සියලු දේ දකිමින් ඇතුල් උනා හයිල්වෙල් පාරේ තිඹිරිගස්යායේ තිබෙන මහල් දෙකකින් යුතු සෙන්සාල් ශාඛාවට. දන්නා විදියට තවත් කෑම හල් පහක් ඔවුන් පවත්වාගෙන යනවා. ඒ නාවල, බත්තරමුල්ල දෙකකුත්, හයිඩ් පාක් ,ආකේඩ් සහ ජාවත්ත පාරේ

 

බඩජාරි මෙනුපත

 

බඩජාරි කන්ඩායමේ අපි මුලින්ම ශෝට් ඊට්ස් එක බැගින් රහ බැලුවා.සියලු ශෝට් ඊට්ස් වර්ග රුපියල් සීයෙන් මෙහා පනහට වැඩි.කවුරුත් කන මාලු පාන් වල හොඳින් මාලු රස දැනුනා.. ගම්මිරිස් මදක් වගේ වැඩියෙන් කැවුනත් ඒක සමස්ත රසයට බාධවක් කරන්නේ නෑ..මාලු බනිස් වල රස හොඳ මට්ටමක තියනවා.හැම ශෝට් ඊට්ස් එකක් ම මදක් වියලි ගතියක් පෙනෙන්න තිබුනා..මාලු පේස්ට්‍රිය හොඳ මට්ටමක තියෙනවා.. ඒකක් රුපියල් 60ක් වෙනවා.. මාලු පේස්ට්‍රිය වගේම්ම අනෙක් ශෝට් ඒට්ස් වර්ග ලොකු බඩජාරියෙක්ට නම් ගැලපෙන්නේ නෑ . මොකද ඒවාගේ  ප්‍රමාන ඉතා කුඩායි. ඔබ වෙජි විතරක් කන කෙනෙක් නම් එහෙ වෙජිටබල් කෝන් එකක් 55 ක් වගේ, වෙජිටබල් පේස්ට්‍රියත් ඒ ගනන්.. මුහුදු මාලු රසට කැමති නම් සෙන්සාල් ඔබට විවිද වර්ගයේ මුහුදු මාලු රස පේස්ට්‍රි හඳුන්වදෙනවා..Sea food පේස්ට්‍රියක් 65ක් වගේ වෙනවා.ඔවුන්ගේ පීසා නම් ඉතා කුඩායි. ඉස්සො චිකන් සොසේජ් පීසා එකක් 90ක් වැනි මිලකට ගන්න පුලුවන්.. රස අතින් පීසා හට් එකේ පීසා තරම් රසක් නම් නෑ.

sensal-friedrice

අපි ඊලඟට දිවා අහාරය විදියට චිකන් ෆ්‍රයිඩ් රයිස් නාසියක් සහ බිරියානි ඕඩර් කලා.. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 340ක සීමාවේ පවතිනවා , බිරියානියත් ඒ මිල සීමාවේ. ඒවා සාමාන්‍ය රසක් තමයි දැනුනේ.. ඔවුන්ගේ කැම වලට අමතර රසකාරක නම් බෙහෙවින් එකතු කර ඇති බවක් දක්නට ලැබුනා.. නමුත් ෆ්‍රයිඩ් රයි එකක් සාමාන්‍ය හෝටලයකින් මීට වඩා අඩුවට මේ රසින් ලබාගන්න පුලුවන් කියන එකයි අපේ මතය..කොහොම උනත් ඔවුන් ගේ නාසි ය නම් ඔබ අත්විඳ බැලිය යුතුයි.. එහි යම් අමුතු රසක් තිබුනා.. ලාවට පැනි රසින් යුත් බැදුනු කුකුල් මස් වලට එක්වූ නසි බත උඩින් උනු උනු බිත්තර ඔම්ලට් එකක් එක්ක කන්න බඩට අඩගහන බව කෑම පුරාම දිවගට මනා රසයක් එක් කලා.මේ සඳහා යම් යම් රසකාරක නම් යොදා ගන්න බව පැහැදිලියි.. ඒ වගේම දවල් කැමට රයිඔස් ඇන්ඩ් කරි කර්නව නම් මෙහි 220කට කුකුල් මසුත් මාලු 220කටත් බිත්තර 210කටත් තිබෙනවා.

sensal-nasi

අතුරුපස විදියට ඔබට අපි රෙකමදෝරු කරනවා බනානා බ්‍රේඩ් එකක් කන්න, නැත්නම් මිල්ක් ශෙක් එකක්.. ඇත්තටම රසයි. චොකලට් මිල්ක් ශේක් එකක් 220ක් වගේ වෙනවා. අපිට වෙන මොනවත් අතුරු පසට ට්‍රයි කරන්න බැරි උනා.. අපේ පෙර අත්දැකීම අනුව රාත්‍රියට මෙතනට එනවා නම් නූඩ්ලස් එකත් රසයි.. ඒත් චීස් කොත්තු ව නම් ගෙවන මිලට ලොකු රසක් දන්වන්නේ නෑ.

sensal-milkshake

වටපිටාව.

 

සෙන්සාල් තිඹිරිගස්යාය ශාඛාව මහල් දෙකකින් යුක්තයි. පහල මහලේ බේකරි අයිටම්. ඊට වඩා ඉහල මහල තරමක් නිස්කලංකයි.. ඇතුලත විශාල රූපවාහිනි තිරයක බොහෝ විට ක්‍රිකට් මැච් එකක් දිස් වෙනවා ඇති.. කපල් එකකට උනත් කාලය කා දමන්න වරදක් නෑ.. දෙපස මුල්ලේ ඇති කුශන් පු‍ටු ඒ සඳහා මනාව වටපිටාව සකස් කරනවා.. කියන්න අමතක උනා.. පාකින් සඳහා කුඩා ඉඩක් තමයි තියෙන්නේ.. කාර්‍ය බහුල වෙලාව්ක නම් ඔබට යම් තරමක පසුතැවිල්ලක් දැනෙයි .

 

සේවාව.

 

සෙන්සාල් සේවාව නම් ඒ තරම් හොඳ මට්ටමක නෑ.. බොහො වේටර් වරු පාරිබෝගිකයන් ගැන වගක් නෑ. පෙලක් වෙලවට හොඳ සේවයක් ලැබෙනවා.. ඒත් කලාතුරකින්.තමුන්ගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය දේ ඉල්ලුවොත් ඒ සඳහා බිල මුලින් ගෙවිය යුතුයි.. එහි මූලික ක්‍රියාවලිය යම් ආධුනිකයෙක් අතරමං කරනවා. ඔබ කෙසේ හෝ බිල ගෙවුවොත් කැම ලැබෙන්න නම් ලොකු වෙලාවක් යනවා.මේ සාමාන්‍ය ස්වභාවය.

 

මග

සියල්ල සලකා බලා ලකුනු දෙනවා නම් අපි ඔවුන්ට ලකුනු දහයෙන් 5.5ක් ලබා දෙනවා.. ඔබත් ගිහින් රස විඳ බලන්න.. වඩාත් රසට අපි නොවිඳි රසයෙන් කැමක් ඇත්නම් අපිට දන්වන්න.. අපි යාවත්කාලීන කරන්න සූදානම්.

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *