කන්න බොන්න කලින් එන්න

Risara Bakers – Haputhale ( රිසාරා බේකරි )

හපුතලේ කියන්නේ ඉතාම සුන්දර කුඩා නගරයක්.අද අපි කියන්න යන රස නවාතැන තියෙන්නේ ඒ සීතල හපුතලේ නගරේ.එය නමින් රිසාරා බේකරි.බන්ඩාරවෙල පැත්තට චාරිකාවක් යනවනම් හරි නැත්නම් ඇඩිශම් බංගලාව බලල එනගමන් හරි නැත්නම් ලිප්ටන් සීට් ගියොත් හරි බඩ පිරෙන්න කන්න හොඳ තැනක් තමයි රිසාරා බේකරි කියන්නේ.

නමට බේකරි කියලා තිබුනට මෙහි බේකරි අයිටම් වගේම ෆ්‍රයිඩ් රයිස් කොත්තු බුරියානි ආප්ප රෝල්ස් වගේ කැමත් කන්න ගන්න පුලුවන්.

වටපිටාව

risaraa

මේක තට්‍ටු තුනක ගොඩනැගිල්ලක්.පෙනුමට මුලින්ම බලනකොට නම් ඒ තරම් ප්‍රසන්න බවක් බාහිරින් පේන්නේ නෑ.පහත මාලය නම් ටිකක් කලබලකාරි. හොඳම දේ කැමකට නම් උඩට නගින එක.. ඇතුලත ඉඩ නම් ඉතාම කුඩායි.පිරිසිදු ගතිය තව ටිකක් තිබ්බා නම් හොඳයි..කොහොම උනත් සීතල හපුතලේ උනුසුම් කැමක් කන්න කියාපු තැන මේක කියන්න ඔවුන්ගේ කඩේ තේමා පාඨයත් ගැලපෙනවා.
“පැයෙන් පැය උනු උනුවෙන්”
බඩජාරි මෙනුපත

මෙහි අපි කලින් කිව්වත් වගේ සමන්‍ය මෙනු එකක් තිබෙනවා. මේ වගේ පලාතක මෙවැනි තැනක ඒක බලාපොරොත්තු වෙන්නට බැරි තරම්.

risara3

රයිස් ඇන්ඩ් කරි මාලු චිකන් බීෆ් ඔක්කොම 250යි එලවලු කෑම එකක් 160ක් වෙනවා. බිත්තර කෑම එකක් නම් 180ක්. ෆ්‍රයිඩ් රයිස් බීෆ් චිකන් ‍ෆිශ් ඕනි එකක් 279.. අපි මෙහි බීෆ් ෆ්‍රයිඩ් රයිස් එකක් උනු උනුවේ රස බැලුව.. සාධාරන ප්‍රමානයක් ගෙවන මිලට එහි ඇතුලත්. ඒ වගේමයි මස් කැබලි හිත පිරෙන්න තිබුනා. රසත් හොඳයි. කොත්තු උනත් මේ මිල සීමාවේ තියෙන්නේ ඒ වගේමයි නූඩ්ල්ස් ත්. චිකන් බීෆ් ‍ෆිශ් ඔක්කොම 270ක් වගේ වෙන්නේ.. නාසි ය උනත් ඉසා අලංකාරයි. ඒ උනත් ගොඩක් වෙලාවට නාසි නම් මෙහි නෑ.. ඒත් බුරියානියක් 350කට ගන්න පුලුවන්. එහිත් රස ඉස්තරම්.

risara4

මෙහි වෙනම කරි විදියට මස් මාලු බීෆ් ගන්නත් පුලුවන් .හැම දීසියක්ම 150ක් වගේ වෙනවා.මීට අමතරව සුප් වර්ගත් මෙහි ගන්න පුලුවන්.

ඔබ මෙහි ප්‍රධාන ආහාර වේල මග හැරලා ගියොත් හවස් වරුවක වගේ ට්‍රයි කරනව නම් උනු උනු ප්ලේන්ටියක් එක්ක සමෝසා. ඇත්තටම ඉතාම රසයි. ඔබට අනිවා එහි රස බැලිය යුතුමයි.සීතලට නියම තේ කොල රසට රෝල් එකක් පැටිස් එකකෙලවලු රොටී එකක් මරු.

risara6

සේවාව.

ඔබට ලොකු සේවාවක් මෙහි බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් ඔබ ඇනවුම් කරන කැම සාධාරන වෙලාවකදි ඔබේ මේසයට ලැබෙයි.
ගමන් මග

මෙතනට එනව නම් කොලඹ හපුතලේ පාරේ ඇවිත් හපුතලේ කඳ එහෙම පහු කරලා හපුතලේ නගරයේ ප්‍රධාන බස් නැවතුම පසුපසට එන්න ඕනි.හරියටම දඹේතැන්න පාරයි කොලඹ පාරයි අතර මැද.

මේ පැත්තේ ගමනක් එනවා නම් ඔබත් අනිවා ඇවිත් රස බලන්න. රිසාරා බේකරිය හොඳ තේරීමක්.

පැයෙන් පැය උනු උනුවෙන්


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan