කන්න බොන්න කලින් එන්න

The Pub – Kandy නුවර ඇවිත් බීර වීදුරුවක් තොලගාන්න කියාපු – ද පබ් අවන්හල

banner

මහනුවර නගරයේ පිහිටි ද පබ් අවන්හල කෑම වගේම බීම සපයන ජනප්‍රිය අවන් හලක්. නගරය මැද ඉපැරනි ගොඩනැගිල්ලක ඉඳන් බීර වීදුරුවක් තොල ගාන්න වගේම රසට ආහාර වේලක් ගන්න හොඳ තැනක් තමයි පබ් එක කියන්නේ..

පිහිටීම.

thepubz

දලඳා වීදියේ බේක් හවුස් එක තියන ගොඩනැගිල්ලේ උඩු මහලක තමයි මෙය පිහිටන්නේ.. ආහාර ගැනීමට තැනක් බැල්කනියක් සහ බාර් එකකින් මෙය සමන්විතයි.මෙම ගොඩනැගිල්ල අවුරුදු සිය ගනනකට එහා ඉදි කල ගොඩනැගිල්ලක්.එහි ඉතිහාසය බ්‍රිතාන්‍ය කොලෝනියල් යුගයට දිව යනවා..හොඳින් පිරිසිදුව අවන් හල පවත්වාගන යනවා. මෙහි ඉතිරි පසින් ඇති පඩි පෙල හරහා පලමු මහලට පිවිසීමෙන් අවන් හලට ගොඩ වෙන්න පුලුවන්. මේස පු‍ටු එතරම් සැපක් නෑ.. ඒත් පිලිවෙලයි.. නුවරට ආවේනික කැටයම් සහ ගෘහ නිර්මාන සුලුවෙන් මෙහි දැකගන්නත් පුලුවන්.. බාර් එක කිට්‍ටුව වෙනම බිත්ති මත පැමිනි අය දක්වපු අදහස් ලියා තිබෙනවා. ඔබටත් මෙහි ආවොත් සටහනක් තබා යන්න පුලුවන්. මෙහි ගොඩක් ම එන්නේ පිටරට අය. සවස පහෙන් පස්සේ නම් මෙතන ඉතා කාර්‍ය බහුලයි

සීතල නුවර ඇඟ උනුසුම් කරගන්න බීර වීදුරුවක් බොනවා නම් මෙහි බැල්කනිය පන්කාදුයි.එහි කුඩා මේසය වටා වියූ පු‍ටුවක් මත ඉඳන් වීදිය දිහා බලමින් හෝ පොඩි කතා බහකට එතන පංකාදුයි..

බඩජාරි මෙනු පත

thepubb

මෙහි හොඳ මෙනු එකක් තිබෙනවා.. ස්ටාටර් වල ඉඳන් රයිස් වර්ග බයිට් කොක්ටේල් සහ බියර් සහ සැර බීම වෙනකන් කෑම සහ බීම ඔබට ඕඩර් කරන්න පුලුවන්.මෙතන් විදේශිකයන් ගොඩක් එන නිසා ඒ අයට හරියන කැම වර්ගත් ගොඩක් තියනවා. පෙලක් නම් නම් අපිට ටිකක් නුහුරුයි.

අපි කැමට ගත්තේ ‍ෆිශ් අල් ඕලි fish al orly එකක්. මේක විදේශිකයන් ගේ ප්‍රියතම කැම එකක් . වෙනසකටත් එක්ක අපිත් උත්සහ කලා.ක්‍රීම් ගතියට තැවරූ මාලු පෙති ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සමග තම්බපු කැරට් බෝන්චි එහි ඇතුලත්.මාලු කැල්ල හොඳින් ඉඟුරු සුදුලූනු සහ ලුනු රසයෙන් හොඳට පදම් වෙලා තිබුනා. එය ලාක්ශනික කැම රසයට ගොඩක් සමානයි.

thepub

අපි මෙහි ෆ්‍රයිඩ් රයිස් එකකුත් රස බෙලුවා. එලවලු ෆ්‍රයිඩ් රයිස් එක රසයි.ලොකු පෝශන් එකක් ඔබට ලැබේවි.බැදපු අල ගෝවා සලාදයක් සහ තම්බාපු එලවලුත් එක්ක විගහට එයත් මේසයට ආවා.එකත් හොඳ මට්ටමේ තියනවා. ලොකු පෝශන් එකකකුත් ඔබට ලැබෙනවා. එය පොඩි බඩජාරි දෙන්නෙක්ට ප්‍රමානවත්.ඒ වගේමයි ස්පැගටි එකත් ඔබ මෙහි ආවොත් ට්‍රයි කරන්න. මේ ඉහත සියල්ලට අපට 3400ක් වගේ මිලක් නියම උනා. ටිකක් විතර වැඩියිද මන්දා.. ඒතරම් අවුලකුත් නෑ..

thepub2

කැමට වඩා බීමට මෙතන අනර්හයි. මිතුරෙකු සමග දොඩමලු වෙන ගමන් බීර් කෝප්පයකින් ඇඟ උනුසුම් කරගන්න හොඳ තැනක් තමයි ද පබ් කියන්නේ. සවස පහෙන් පස්සෙ තමයි බාර් එක අරින්නේ. එවේලෙන් පස්සේ ටිකක් මෙතන කාර්‍ය බහුල වෙනවා. කාල්ස්බර්ග් ,ලයන් බියර් වගේ හුරු නම් වලින් වගේම විදෙශීය බීම වර්ග වලිනුත් ඔබට බීම වර්ග ගන්න පුලුවන්.. බීර එකක් එක්ක කජු බයිට් එක ඉස්තරම්.

හොඳ කොක්ටල් වීදුරුවකට උනත් මෙතන ඉස්තරම්. විවිද වර්ගයේ නැවුම් යුශ ,හරියට පලතුරු කෙලින්ම ඔබේ බඳුනට මිරිකුවා වගේ.මිල නම් ටිකක් විතර වැඩී.ඒත් ඔබ පසු තැවෙන එකක් නෑ.

සේවාව.

මෙහි සේවාව මධ්‍යස්ත මට්ටමේ පවතිනවා. වැඩකරන අයත් හොඳයි. සිනා මුසු මුහුනින් සිටින මිත්‍රශීලී අය වගේම පාඩුවේ තමුන්ගේ වැඩේ කරන යන පිරිසකුත් ඉන්නවා. කෑම උනත් මේසෙට එන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ

මග

මෙතනට එනවා නම් දලදා වීදියේ එන්න ඕනි.නුවර ප්‍රදාන ඔරලෝසු කනුව පැත්තේ ඉඳන් එනවා නම් ස්වර්නමහල් එක එහෙම පහු කරපු ගමන් බේක් හවුස් එක තියන ගොඩනැගිල්ලේ උඩ තට්‍ටුවේ.හොයා ගන්න එක අපහසු නෑ.

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *