කන්න බොන්න කලින් එන්න

Pol Sambolaya – Kollupitiya නෙලුම් කොලේ ඔතපු බත් කන්න පොල් සම්බෝලය අවන්හල

banner

කොල්ලුපිටිය කියන්නේ අගනුවර ටිකක් කාර්‍ය බහුල වන පැත්තක්.මේ හරියේ ගොඩාක් කාර්‍යාල පවත්වාගෙන යනවා.ඉතින් කොල්ලුපිටිය හරියෙන් ඉක්මන්ට රසවත් කෑම එකක් ඉක්මනට ගන්න පුලුවන් වෙනස් ආකාරයේ තැනක් තමයි පොල් සම්බෝලය කියන්නේ.නමට හරියන්න තමයි මෙහි කෑමත්.දවල් වරුවකට බත් එකක් ගන්න කියාපු තැනක් තමයි පොල් සම්බෝලය කියන්නේ

වටපිටාව

polsambolata

මෙහි පාකිං වලට කියලා තැනක් නම් නෑ.ඒක හංඳා මෙතනට එනවා නම් පයින් එන්න වෙනවා.කොහොම උනත් මෙහි ඇතුලත ටිකක් විතර අනෙක් අවන්හල් වලින් වෙනස් වෙනවා. ඇතුලත බිත්ති මැටි යෙන් හදලා.එය මැටියෙන් කල ගැමි ගෙදරක් වගේ.ඇතුලත ඉඩ නම් පොඩියි.එක පාර 20ක් 25කට එක වර ඉන්දන් කෑම කන්න පුලුවන් මෙතනට ආවොත්.මේස පු‍ටු දැවයෙන් හදපු ඒවා. මේක ටිකක් වෙනස් අත්දැකීමක්.බිත්තියේ කලු ලැල්ලක කැම වල ගනන් දර්ශනය කරලා තියනවා.අපිරිසිදු බවක් නෑ.ඇතුලත නැවුම් සුවඳකුත් තියනවා.

බඩජාරි මෙනුපත

මෙහි කෑම විදියට තියෙන්නේ බත් විතරයි.ඒ නිසා ලොකු මෙනු එකක් නෑ. ඒ වගේම හැම බත් මුලක්ම කෙසෙල් කොලයේ ඔතලා .කැම විදියට ගත්තොත් සුදු බත් එක්ක මස් මාලු එලවලු ඉස්සෝ දැල්ලෝ හාල්මැස්සෝ ඔම්ලට් විඩ්දියට සාමාන්‍ය බත් වර්ග තියනවා.. මාලු කැම එකක් 200ක් වෙනවා. චිකන් එකක් 220යි, ඉස්සෝ හරි දැල්ලෝ හරි කනවා නම් 340ක් වෙනවා.හාල්මැස්සෝ කෑම එකක් 200යි.මෙහි කෑම වරදක් කියන්න බෑ.රසයි. කෑම වේලට පොල්සම්බෝල, පපඩම් බැතපු මිරිස් කරලක් අනිවාර්යයි.

polsambola2

කහ බත් එකක් ගන්නවා නම් 350ක් වෙනවා.ලම්ප්‍රයිස් එකත් ඒ ගනන්.ලම්ප්‍රයිස් වල නම් ඒ තරම් ලොකු විශේශයක් නෑ.කොහොම උනත් අනික් බත් වල නම් හොඳ රසයක් තියනවා.. කෙසෙල් කොලේ කනකොට රස තවත් වැඩියි.

සේවාව

මෙහි සියලු කටයුතු ස්වයං සේවා විදියටයි සිදු වන්නේ.ඉතින් කෑම ඇනවුම් කරලා පන් වට්ටියක් උඩින් තියාගෙන කන්නයි තියෙන්නේ.කෑම බිල ගෙවු සැටියෙන් හම්බවෙනවා. කොහොම උනත් දිවා කාලයේ 1ත් 2කත් අතර මෙතන පිරිලා ඉතිරිලා.හොඳම දේ කෑම එකක් අරන් ගිහින් කන එක

මග


මෙතනට හොයා ගන්න එක නම් අපහසු නෑ.කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් කොල්ලුපිටිය හංඳිය ආරම්ඹ වෙනවාත් එක්කම පාරෙන් වම් අත පැත්තෙයි තියෙන්නේ.ඉතිරිකිරීම බැංකුවට කලියෙන් පාරෙන් වම් අත පැත්තේ පහසුවෙන් හොයාගන්න පුලුවන් වේවි.

මෙතන අවන්හල පවත්වාගෙන යන්නේ දිවා කාලයේ පමනයි.11 ඉඳන් සවස 3 වගේ වෙනකන් ඔවුන් විවුර්ථයි.කොහොම උනත් 1 සිට 2ක අතර පැය මග හැරලා ගියොත් හොඳයි.ඒ වෙලවට නම් හොඳටම සෙනග.මෙහි දුරකථන අංකය 0115985500.නාගරික කොල්ලුපිටිය පැත්තට ඇවිත් කටට රහට පිරිසිදුවට බත් කන්න හොයනවා නම් එන්න හොඳ තැනක් තමයි පොල් සම්බෝලය කියන්නේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *