කන්න බොන්න කලින් එන්න

කොත්තුවක් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න කියාපු කුරුවිට Palm Garden Travellers Paradise

banner

කොලඹ ඉඳන් කුරුවිට නගරය පසු කරලා රත්නපුර පැත්තට යනකොට හම්බවෙන අවන්හලක් ගැනයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල් නමින් පාම් ගාඩ්න් ට්‍රැවලර්ස් පැරඩයිස්.මේ අවන්හල පිහිටන්නේ කුරුවිට නගරයට ආසන්න වෙන්න.මේ හරහා කතරගම හරි බදුල්ල පැත්තට හරි යනවා නම් කටට රසට කෑම ටිකක් කන්න හොඳ තැනක් විදියට මේ අවන්හල අපිට නම් කරන්න පුලුවනි.

වටපිටාව

palmgarden1

මේ අවන්හල පිහිටන්නේ පාරෙන් ටිකක් උඩට වෙන්න.ඔබ වාහනයක මෙතන්ට එනවා නම් තෙන මිස් වෙන්න ඉඩ තියන ගතියක් තියනවා.මොකද මේ නම සඳහන් බෝඩ් එක පාරට ඒ තරම් හොඳින් දර්ශනය වෙන්නේ නෑ.කොහොම උනත් පරෙන් උඩ පැත්තට වෙන්න ලොකු වාහන පහසුකම් සහිතව ව්ගේම තනකොල වවපු ලොකු ගාඩ්න් එකක් මේ අවන්හල සතුයි.මේ උයන පුරාවටම පාම් ගස් වවලයි තියෙන්නේ.පාම් ගාන් කියන නම මේ නිසා මේ අවන්හලට එකතු වෙන්න ඇති.

palmgarden2
අවන්හ්ල ඇතුලත විවුර්ථ කොටසක් විදියටයි තියෙනේ.වහලයට ඇස්බැස්ටෝස් හෙවිලි කරලා නිසා දවල් වරුවට පොඩි රස්නයක් තිබුනත් වටපිටාවට විවුර්ථ නිසා ඒ ගතිය පොඩ්ඩක් අඩුයි.සැප පහසු මේස සහ ලී පු‍ටු සකස් කරලා තියෙනවා.ඒ වයේ හතරකට එකට වාඩි වෙන්න පුලුව්නි.ඒ වගේම ගොඩ දෙනෙක්ට එකට කෑම ගන්න පුලුවන් විදියටත් මේ අවන්හල පහසුකම් සලසනවා.

මෙනුපත

මෙහි කෑම උදේ දිවා සහ රාත්‍රී තුන් වේලටම සපයනවා.උදේ වරුවකට මෙහි ආවොත් කිරිබත් ඉඳි ආප්ප පාන් වගේ කෑම කන්න ගන්න පුලුවනි.රසම රස පරිපු හොද්දක් කිරි මාලු හොද්දක් පොල්සම්බෝලයක් එක්ක පාන් ඉඳි ආප්ප කන්න ගන්නවා නම් හොඳයි .ඒ ව්ගේම් මේ අවන්හලේ තේක උනත් ඉස්තරම් .

palmgarden2

දවල් වරුවට සෙට් මෙනු එකක් තියනවා.රයිස් ඇන්ඩ් කරි තමයි කන්න තියෙන්නේ.මාලු පිනි වර්ග 4ක් 5ක් එක්ක රසවත් ආහාර වේලක් කන්න ගන්න පුලුවනි.ඒ වගෙම දවල් වරුවට ෆ්‍රයිඩ් රයිස් වගේ කැම උනත් ඇනවුම් කරන්න පුලුවනි.ගොඩ දෙනෙක් මේ අවන්හලේ කොත්තු සහ ආප්ප වලට ප්‍රියයි.ඒ වගෙම ඉතා රසවත්ව ඒ වා මෙහි පිරිනමනවා.කොත්තුව චිකන් එග් ‍ෆිශ් විදියට කන්න ගන්න පුලුවනි.ඒ වගෙම උනු උනු ආප්ප ලුනු මිරිස් එක්ක කන්න ගන්න එකත් හොඳ ‍තෝරාගැනීමක්.ඒත් එක්ක උනු උනු ප්ලේන්ටියකුත් බොන්න පුලුවනි නම් පංකාදුයි.

palmgaren

කොහොම උනත් මේ අවන්හලේ කෑම වල මිල ගනන් නම් ටිකක් විතර වැඩියි.සාමාන්‍ය මිලෙන් ටිකක් විතර වැඩියි.ඒ වගෙම කෑම වලට සර්විස් චාජස් එකතු කරනවා.වතුර බෝතල් පවා මිලයට ගන්න ඔවුන් පොලඹවන ගතියක් පේන්න තියනවා.මිල අතින් සාධාර්න උනා නම් කෑම රසත් එක්ක ඉතා හොඳ මට්ටමේ අවන්හලක් වෙන්න තිබුනා.

සේවාව

මෙහි සේවාව සාමාන්‍ය මට්ටමේ එකක්.සෙට් මෙනු එක හරි මොනා හරි කාල ප්ලේන්ටියක් බොනවා නම් හරි තමන්ගේ කෑම බීම ඉකමනට මේසයට ගෙන්වා ගන්න පුලුවනි.කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ එව්ව නම් මේසයට එන්න ටිකක් වෙලා යනවා.මෙහි දුම් බොන අයට වෙනම තැනක් සකස් කරලා තියනවා.ඒ වගෙම වැසිකිලි පහසුකම් හොඳ මට්ටමේ කියන්න පුලුවනි.

මග

මේ අවන්හලට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් කුරුවිට නගරය පහු කරලා කිලෝ මීටර් 2ක් විතර රත්නපුර නගරය පැත්තට එන්න ඕනි.එහෙම එනකොට කුරුවිට කර්මාන්තපුරය එහෙම පහු කරලා එනකොට පාරෙන් දකුනු අත පැත්තේ උඩට් වෙන්නටයි මෙ අවන්හල පිහිටන්නේ.ගාන් එකේ පාම් ගස් වවලායි තියෙන්නේ.බෝඩ් එක නම් ලොකුවට නැති නිසා ටිකක් අවධානයෙන් එන්න වෙනවා

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0455622609. ඔවුන් උදේ 7 වගේ ඉඳන් රාත්‍රී 10 පමන වෙනතුරු විවුර්ථව පවතිනවා.මිල ගැන වැඩිය නොහිතා රසවත් කෑම වේලක් කන්න ගොඩ වෙන්න හොඳ තැනක් විදියට මේ අවන්හල අපිට නම් කරන්න පුලුවනි.ඔබත් මේ හරහා ගමනක් යනවා නම් Palm Garden Travellers Paradise එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *