කන්න බොන්න කලින් එන්න

New Taj Hotel & Restaurant- Mount Lavinia අඩු මිලකට බඩපිරෙන්න කන්න ගල්කිස්සේ නිව් ටාජ් අවන්හල

banner

නිව් ටාජ් හෝටලය කියන්නේ ගල්කිස්සේ පිහිටි සාමාන්‍ය ප්‍රමානයේ අවන්හලක්.දේශීය ආහාර පාන සාධාරන මිලට ගන්න පුලුවන් සාමාන්‍ය කඩයක් විදියට මේ අවන්හල නම් කලොත් හරි.ගල්කිස්ස ප්‍රදේශයේ තිබෙන මිල අධික කඩ අතරේ සාක්කුවට පහසු මිලට කෑම කන්න තැනක් හොයනවා නම් මෙතන හොඳ තේරීමක් කියන්න පුලුවන්

වටපිටාව

newtaj3

මෙතන පිහිටන්නේ ගාලු පාර අයිනට වෙන්න නිසා වාහනයක් නවත්තගන්න නම් ටිකක් අපහසුයි.නමුත් ඒ අසල ඇති ඇත්ල් පාරකට නම් පහසුවෙන් වාහනයක් ඇතුල් කල හැකි වෙනවා.මෙහි පිටතින් බැලූ බැල්මට නම් ඒ තරම් ප්‍රිය ගතියක් පෙන්වන්නේ නෑ.කොහොම උනත් ඇත්ලත ලීමේස සහ පු‍ටු වලින් යුක්තව තිබෙනවා .එක් මේසයක 4 කට වාඩි වෙලා කන්න ගන්න පුලුවන්.ඇත්ලත ලොකු පිරිසිදු කමක් නැතත් ලොකු අවුලක් නෑ.

බඩජාරි මෙනුපත

මෙතන ජනප්‍රියම කෑම වෙන්නේ ආප්ප.සවසට ආප්ප කන්නම මෙතනට ඇදෙන පිරිසක් ඉන්නවා.ඒ නිසා ආප්ප ඉක්මනට ඉවර වෙනවා.කොහොම උනත් 4ට වගේ ගියොත් රස ආප්පයක රස වින්ඳින්න ඔබටත් පුලුවන්.ආප්ප වලට අමතරව මෙහි නූඩ්ල්ස් වර්ග රයිස් වර්ග කොත්ත් ඉඳි ආප්ප මැකරෝනි කන්න ගන්න තියනවා.මේවගේ මිල ගනන් සාධාරනයි.ගෙවන මිලට රස ශේප් කියන්න පුලුවන්.ලොකු විශේශිත රසයක් නැතත් හැම කෑමක් ම ශේප් කිව්වොත් හරි.මෙහි එක විශේශ්ත්වයක් තමයි රයිස් සහ බිරියානි ඔනි එකක් කුකුල් මස් හරක් මස් මාලු බිත්තර විදියට කැමති එකකින් ගන්න පුලුවන්.පොඩි සහ ලොකු ලෙස ප්‍රමාන වලින් මෙහි මේවා ගන්න පුලුවන්.newtaj2

ෆ්‍රයිඩ් රයිස් චිකන් පොඩි එකක් 260යි.ලොකු එකක් 300යි හරක් මස් පොඩි එක 190යි.ලොකු එක 230ක් වෙනවා.මාලු 170ක් පොඩි එක 210යි ලොකු එක.ඔය වගේ මිල සමානයි බිරියානි වලත්.රයිස් ඇන්ඩ් කරී කනවා නම් කුකුල් මස් කැම එකක් 130යි වෙන්නේ.හරක් මස් මාලු බිත්තර ඕනි එකක් 120යි.මේ ගනන් නම් සාදාරනයි.ලැබෙන පෝශන් එකත් ලොකුයි.අපි කලින් කිව්ව ආප්පයක් 10යි.පැනි ආප්ප 20යි සහ බිත්තර ආප්ප 30යි.අනික් මැකරෝනි ඉඳි ආප්ප කොත්තුත් 130-300 මිල සීමාවේ තමයි පවතින්නේ

සේවාව

මෙතන සේවා ටිකක් ඉක්මන්.කට්ටිය ටිකක් පිරෙන වෙලාවට නම් ටිකක් ඉවසන්න වෙනවා.අවන්හලේ ඉඩ පොඩ්ඩක් පොඩි හඳා කාර්‍ය බහුල වෙලාවකට නම් සේවාව පරක්කුයි.මෙතන් ඉන්න සේවකයන්ගේ ඒ තරම් ලොකු පිරිසිදු කමක් දකින්න නම් නෑ.කොහොම උනත් සේවාව ලොකුවට කියන්න තරම් දෙයක් නෑ

මග.

මෙතන ට එනවා නම් වැල්ල වත්තෙ සැවොයි සිනමා ශාලාව පසු කරලා මීටර් 300ක් විතර ඉදිරියට ගියාම වම් අත පැත්තෙයි මෙය පිහිටන්නේ.

මෙතන දවසේ පැය විසිහතරේම විවුර්ථයි.ඒ නිසා මේ හරියේ ඕනිම වෙලාවක කැම ගන්න පුලුවන් තැනක් තමයි නිව් ටාජ් හොටෙල් ඇන්ඩ් රෙස්‍ටුරන්ට් කියන්නේ.මෙහි දුරකථන අංකය 0112737365.දෙන්නෙක් ඇවිත් රුපියල් 300ක් වගේ පොඩි ගානකට බඩ පිරෙන්න කන්න හොඳ තැනක් තමයි මේ අවන්හල


Leave a Reply

Your email address will not be published. Required fields are marked *