කන්න බොන්න කලින් එන්න

ගාලු කො‍ටුවේ පිහිටි පැරනිතම අවන්හලට ගොඩ වෙමු National Tea Room – Galle

banner

ගාලු නගරයට සංචාරය සඳහා යන එන ඕනිම කෙනෙක් ගාලු කො‍ටුව බලන්න එන්න අමතක කරන්නේ නෑ.ගාලු කො‍ටුවේ සංචාරයකට යන එන අයට තමන්ගේ ගමනට තවත් වටිනාකමක් එකතු කරගන්න ගොඩ වදින්න පුලුවන් අවන්හලක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හල නමින් නැශනල් ටි රූම්.මේ අවන්හලේ විශේශත්වය වෙන්නේ මේ National Tea Room එක තමයි ගාලු කො‍ටුවේ පිහිටන පැරනිතම අවන්හල.1932 දි ආරම්භ කල මේ අවන්හල අද දක්වා පවත්වාගෙන ඇවිත් තියනවා.

වටපිටාව

national123

මේ අවන්හල පුන්චි පහේ තැනක්.මෙතන නවින පන්නයට හදාපු තැනක් නෙවෙයි.බිත්ති කොන්ක්‍රීට් වලින් ගොඩනගලා වහ්ලයට ඇස්බැස්ටෝස් හෙවිලි කරලා තමයි තියෙන්නේ.අවන්හලේ බිත්ති ටිකක් විතර ජරා ජීරන වෙලයි තියෙන්නේ.කොහොම උනත් අවන්හලේ පසෙකට වන්නට එක බිත්තියක ගාලු කො‍ටුවේ පැරනි දසුන් වල් පින්තූර එල්ලලා තියනවා.වාඩිවෙන්න ලී පු‍ටු සහ මේස තියෙනවා.ඇතුලත සහ පිටත 20ක් 25කට මෙහි එකවර අසුන් ගන්න හැකියි.අවන්හල ඇතුලත සාමාන්‍ය මට්ටමේ කඩයක ස්වරූපය තමයි දිස්වෙන්නේ.අවන්හල ඇතුලේ පාපැදිත් දාල.ටිකක් ඉඩ නම් ඇහිරිලායි තියෙන්නේ.

මෙනුපත

උදේ වරුවට මෙහි ආහාර සපයනවා.පොල් රොටී,පාං සමග පරිප්පු,ඉඳි ආප්ප වගේ කෑම වර්ග උදේ වරුවට ඔබ මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.මෙහි අව්වොත් නමේ හෛයටම රසවත් තේ බොන්න පුලුවනි.අපි සාමනයැන් බොන තේ වලට අමතරව කිරි තේ කුරුඳු තේ වැනිලා තේ වගේ තේ වර්ග බොන්න ගන්නත් පුලුවනි.ඒ වගේම කෝපි සහ කිරි කෝපි එකක් බොන්න උනත් මේ අවන්හල ඉස්තරම් තැනක්.තේ සහ කෝපි වලට අමතරව රසවත් පලතුරු බීම ත් බොන්න ගන්න මෙතනට ආවොත් පුලුවනි.අලිගැටපේර දෙහි කොමඩු වගේ විවිද පලතුරු බීම මේ අවන්හලේ බොන්න ගන්න පුලුවනි.

national12

මේ අවන්හලේ මේ බීම වර්ග වලට අමතරව ශෝට් ඊට්ස් වර්ගත් කන්න ගන්න පුලුවනි.එලවලු රොටී බනිස් වර්ග දොදොල් වගේ පැනිරස කෑමත් තේකක් එක්ක ක්qන්න ගන්න හොඳ කෑම විදියට කියන්න පුලුවනි.

සේවාව

national1

මේ අවන්හල කරගෙන යන්නේ වයසක දෙපලක් විසින්.ඔබ මේ අවන්හලට එනවා නම් ඔවුන්ගේ කාරුනික සංග්‍රය කිසි දිනෙක ඔබට අමතක නොවන එකක් බවට පත්වේවි.ඒ තර්මට ඔවුන් මෙහි එන අයට කාරුනිකව සලකනවා.ඔබ මෙහි එනවා නම් ඔවුන් සමග පොඩි කතාබහකට මුල පුරන්නත් අමතක කරන්න එපා.සුහද මට්ටමේ හොඳ සේවාවක් ඔබට මේ අවන්හලට ආවොත් ලබා ගන්න පුලුවනි.ඔබට අවශ්‍ය කෑම බිම ලබාගන්න ලොකු වෙලාවක් යන්නෙත් නැති නිසා සේවාව ඉතා හොඳයි කියන්න පුලුවන්.

මග

මේ අවන්හල පිහිටන්නේ ලයිට් හව්වුස් එකට යන පාර අයිනෙයි.ගාලු නගරයේ බස් නැවතුම්පලේ ඉඳන් මෙහි එනවා නම් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පසුපසට ඇවිත් එහි දී හමුවන වටරවුමෙන් පුන්චි දුරක් පයින් යනකොට හමුවන දෙවෙනි වටරවුමෙනුත් ඉස්සරහට යන තැනම පාරෙන් දකුනු අත පැහ්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0727100222.මෙහි ලිපිනය 10 ,ලයිට් හවුස් වීදිය ගාලු කො‍ටුව.මේ අවන්හල උදේ 6.30 ඉඳන් රාත්‍රී වෙනතුරු විවුර්ථයි.ඔබත් ගාලු නගරයේ ඉපැරනි සිරිය නරඹන්න ආවොත් ඔබේ ගමනට තවත් අගයක් එකතු කරගන්න National Tea Room එකට ඔඩ වෙන්නත් අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *