කන්න බොන්න කලින් එන්න

Namasthe – Nugegoda ( නමස්තේ )

banner

ඉන්දීය අවන්හල් ලාංකීය බඩජාරින්ගේ අවදානය දිනා ගන්න හැමවෙලේම සමත්.. ඒ නිසයි ලංකාවේ බොහෝ ඉන්දීය පන්නයේ කැම කඩ වලට හොඳ තැනක් හිමි වෙන්නේ. ඒ අවශ්‍යතාවය මනාව හඳුනාගෙන ආරම්භ කල අවන්හලක් තමයි නමස්තේ කියන්නේ.

වටපිටාව

namasthe -seat

කුඩා එලිමහනක දිය ඇල්ලක් සමග නිර්මානය කල පොකුනක් නමස්තේ අවන්හල තුල නිර්මානය වෙලා තියනවා. ඒ සමග පසුපසින් ඇහෙන පැරනි හින්දි ගීතය යන එන අයගේ සිත් දිනා ගන්නවා. රතු තොප්පියක් සමග ආවේනික ඉන්දීය ඇඳුමින් සැරසුන වේටර් වරුන් නමස්තේ අවන්හලට ලාක්ශනිකත්වයක් ගෙන එනවා. නමුත් සියල්ලන්ම එලෙස එකම ඇඳුමෙන් සැරසුනු වේටර් වරුන් නොවේ..ඔවුන්ගේ ඒ අඩුව හොඳින් පෙන්නුම් කරනවා.

නමස්තේ ඔබට වී අයි පී කාමර සංකල්පය හඳුන්වාදෙනවා.එය පවුලක් ලෙස රාත්‍රී ආහාර වේලක් ගන්නට යනවා නම් කදිමයි. නමුත් ඊට එහා ගිය අමතර පහසුකමක් එහි නැහැ. ඒ වාගේම දෙදෙනෙකුට තනිවම ආහාර රසවිඳින්න තැනක් එහි නැහැ.. සියල්ලම අවම පස් දෙනෙකු වත් හිඳ ගත හැකි මේසයන්. එය ආදරනීය හැන්දෑවක දෙදෙනෙකුගේ කුලුපග කතා බහකට හොඳ වටපිටවක් නම් නෙවෙයි.

බඩජාරි මෙනු පත

දකුනු ඉන්දීය කැම වර්ග ‍රැසක් මෙහි මෙනු පතේ දකින්න ට තිබුනා.. මෙහි දේශීය මෙන්ම චීන කෑමත් ඇතුලත්. අපි නමස්තේ බටර් නාන් එකකින් වග වීම ආරම්භ කලා.එහි මිල සඳහන් උනේ 190ක් විදියට නාන් තුනක් සමග හතු හොද්දක් 1500ක් වගේ උනා. රස එතරම් ලොකු වෙනසක් නම් නැහැ. ඔවුන්ගේ ගොඩක් කැම වල තුන පහ රස නම් හොඳින් දැනුනා. ඒ ලාක්ශනික දකුනු ඉන්දීය රසය. නමුත් කෑම් වල කිවිය යුතු විශේශ රසක් නම් නෑ.ඒ වගේමයි ෆ්‍රයිඩ් රයිස් එක සහ බිරියානියත්.. බිරියානියේ වැඩිපුර කරාඹු නැටි රස දැනුනා.. ඒකට ලැබන කරියත් තුනපහ රසින් වැඩියි.නාසිය මදක් වේලුනු ගතියක් තිබුනා.නාසියක් එහි රුපියල් 540ක්..

namasthe-nan

ඔවුන්ගෙ චිකන් ලොලිපොප් එකක් 540. එහි යම් හොඳ රසයක් තිබුනා.ඒ වගේම එලගිතෙල් ‍තෝසේ එකත් රසයි.ඒක 340ක්.ඔබත් ඇවිත් රස බලා ගන්න විවිද වර්ගයෙන් කැම වර්ග තිබෙනවා.නමුත් මෙහි තිබූ අප කෑ විවිද ප්‍රභේද අතුරින් රස නහර පිනා යන කැම වර්ගයන් සොයා ගන්න අසමත් උනා.. ඔවුන්ගේ හොදි සහ කෑම වර්ග විශාල ප්‍රමානයෙන් ලැබෙනවා..ඔබ කෑම ඇනවුම් කරන්න පෙර ඔවුන්ගෙන් ප්‍රමාන අසා දැනගත්තොත් සාක්කුවට පහසු වේවි. උදාහරනයකට ඔවුන්ගේ අප ඔඩර් කල එලු මස් කරියේ හොදි අතින් ගොඩයි. නමුත් කුඩා එලු මස් කැබලි දෙකක් පමනයි එහි තිබුනේ.. එහි මිල 800ක්. සමස්තයක් විදියට මේ මිල නම් ටිකක් විතර වැඩියි.

සේවාව.

මෙහි සේවාව ගැන සමස්තයක් ලෙස    කියන්නට අමාරුයි.. ඔවුන් සුහදශීලි. ඔබට පැමිනි විට නිවැරදි මේසය පෙන්වාවි. මෙනු පතත් ඔබ ලඟින් තබාවි. ඔබ කෑම ඇනවුම් කල පසු කාර්‍ය නම් සෑහීමකට පත්විය නොහැකියි. සියලු කෑම මේසයට එන්නට පැය භාගයක් වත් ගත වේවි.. මේ ලක්ශනය නමස්තේ එන ගොඩ දෙනෙක් අත්විඳිනවා. බොහෝ විට කැම ‍රැගෙන යෑමට පැමිනෙන කලකිරුනු  ස්වභාවයෙන් පිරි මුහුනු අවන් හල තුල වෙන් කල කොටසේ නිතර දකින්න පුලුවන්. ඔවුන්ගේ මුහුනු හැමවිටම කේන්තියෙන් බරවෙලා.

මග.

ඔබ නුගේගොඩ නමස්තේ එනවා නම් කොලඹ පැත්තේ ඉඳන් 138 බස් පාරේ නුගේගොඩ පහුකරලා කිමි එක හමාරක් විතර එන්න ඕනා ගම්සභා හන්දියට. එහි කලර් ලයිට් පසු කල විගස මීටර් පනහක් දුරකින් වම් අත පැත්තෙන් නමස්තේ අවන්හල දැක ගන්න හැකියි. රාත්‍රී වරුවට නම් එහි වාහන පිරිලා.

namasthe-place

ඔබට ඔවුන්ගේ ඩිලිවරි එක හරහාත් කෑම ඕඩර් කරන්න පුලුවනි..පොට් බිරියානියක් හයදෙනෙකුට 1200 ඉඳන් . ඔවුන් 1000ට වැඩි සියලු බිල් සඳහා ගෙදරටම අවශ්‍ය කෑම් ගෙනත් දෙනවා. ඇත්තටම ඒ දේ හොඳයි..ඒ වගේම ඔවුන්ගේ ටේක් අවේ විදියට 140ක මිලකට ෆ්‍රයිඩ් රයිස් 150කට නාසි සහ බිරියානි තියනවා.. ඇත්තටම එය ගෙවන මිලට පිරිසිදුවට අනර්ගයි.මේ අපේ රස ගමන නමස්තේ එකට. ඔබත් නමස්තේ ඇවිත් රසට කාපු කෑමක් තිබුනා නම් අපිට විස්තර එවන්න.. අපි ඒ විස්තර යාවත්කාලීන කරන්න සූදානම්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *