කන්න බොන්න කලින් එන්න

කටට රසට ඌරු මස් කරියක් එක්ක ගමේ කෑම වේලක් කන්න එන්න Mythi’s Restaurant

banner

මයිති අවන්හල කියන්නේ තිඹිබිරිගස්යාය නාරාහේන්පිට පැත්තේ වැඩ කරන ගොඩ දෙනෙක් දන්න කියන අවන්හලක්.ගොඩක් මේ අවන්ට ඔ‍ෆිස් වල සේවය කරන අය දවල් කැම වරුවට මෙතනට එනවා රසවත් දිවා ආහාර වේලක් කන්න ගන්න.ගොඩ දෙනෙක් අතර මේ අවන්හල රසට කන්න පුලුවන් අවන්හලක් ලෙසට ජනප්‍රියයි.උදැසනට සහ දවල් වරුවට විතරක් ආහාර සපයන Mythi’s Restaurant එක ගැනයි අද අපේ රස සටහන.

වටපිටාව

mythis

මේ අවන්හල පිහිටන්නේ ෆයිෆ් පාරේ.අවන්හලට කියලා පොඩි කාර් පාක් එකක් තියනවා.ඒත් ඒක වාහන ගොඩකට එක වර නවත්තන්නට හැකි මට්ටමේ එකක් නෙවෙයි.දවල් වරුවකට වාහන ගොඩක් නවත්තලා තිබුනොත් මේ පාර අයිනේ කොහේ හෝ තැනක තමයි ඔබට වාහනේ පාක් කරන්න වෙන්නේ.මේ අවන්හල පිහිටන්නේ මහල් හතරක ගොඩනැගිල්ලක බිම් මහලේ.අවන්හල එතරම් ලොකු එකක් නෙවෙයි.පුන්චි පහේ අවන්හලක්.අවන්හලේ බෝඩ් එක එතරම් හොඳට පාරට පේන්නේ නම් නෑ.අවන්හල ඇතුලත ටයිල් කරලා තියෙන්නේ.ඇතුලත ලී මේස පු‍ටු එක මේසයක 4කට වගේ ඉන්න පුලුවන් විදියට සකස් කරලයි තියෙන්නේ.ඉඩ නම් ඇතුලත පොඩ්ඩක් විතර ඇහිරිලා.කොහොම උනත් එක පාර 20කට විතර එකට ඉඳගෙන ආහාර ගන්න පුලුවනි.

මෙනුපත

මේ අවන්හල උදේ සහ දවල් වරුවට විතරයි ආහාර සපයන්නේ.උදේට ඉඳි ආප්ප රත් කැකුලු බත් පාං වගෙම දවාලට රයිස් ඇන්ඩ් කරි බිරියානි නාසි ෆ්‍රයිඩ් රයිස් තමයි මෙතන කන්න ගන්න තියෙන්නේ.ගොඩ දෙනෙක් මෙතනට කන්න එන්නේ මේ අවන්හලේ රයිස් ඇන්ඩ් කරි එක රසවත් ඌරු මසුත් එක්ක ගිල දමන්නට තමයි.’mythis2

මේ රයිස් ඇන්ඩ් කරි එකට හැමදාමත් පරිප්පු හොද්දක් නම් වරදින්නේ නෑ.ඒ වගේම මොනා හෝ කොල මැල්ලුමකුත් එක්ක. ගමේ රසට දේශීය මාලු පිනි 3න 4ක් එක්ක ලස්සනට පාටට ඌරු මස් කරි එක උඩට වැ‍ටුනම මේ කෑම එක කන්න ඉවසුම් නැති තරම්.ඒත් එක්කම පපඩමක් සහ බැදපු මිරිස් කරලකුත් හම්බවෙනවා.ඒ වගෙම බැදපු කරවල කැල්ලකුත් කන්න ගන්න පුලුව්නෛ.මේ ඌරු මස් කරි එක නම් කියන්න වචන නැති තරමට රසවත්.මේ පැහැයට මස් හොන්ද්දක් එන්න තිතට කුලුබඩු ටික වැටෙන්න ඕනි.ඒ වගෙම මේ අනික් මාලුපිනි එක්ක රසට කැවෙනකොට ඉතා රසවත් කියන්නපුලුවනි.ඒ වගෙම චිකන් කැම එකත් මාලු කැමත් වරදක් නෑ.ගෙදර හැදුවා වගේ රස.මේ ලැබෙන ප්‍රමාන ගැන බැලුවොත් වැඩිත් නැති වෙන්න මදිත් නොවෙන්න කැම පිඟානට ලැබෙනවා.

mythis1

උදේ වරුවකට ආවොත් මේ පාන් එක්ක පොල්සම්බෝල සහ පරිප්පු ත් එක්ක මාලු හොදි එකත් හොඳ තේරීමක් කියන්න පුලුවනි.
සමස්ථයක් විදියට මේ අවන්හලේ කෑම ඉතා රසවත් වගෙම පිරිසිද් මට්ටමේ තියනවා.මෙතනට ඇවිත් කන්න වගෙම අරගෙන යන්නත් පුලුවනි.

mythis13

රයිස් ඇන්ඩ් කරි 150-300 අතර මිලටත් කරිස් වර්ග 100-200 අතර මිලකටත් විශේශිත ෆ්‍රයිඩ් රයිස් නාසි බිරියානි ලම්ප්‍රයිස් වගේ කෑම 250-500 වගේ මිලක් අතරත් තමයි මේ අවන්හලේ කෑම වල මිල සීමා පවතින්නේ.

සේවාව

මෙහි ඉන්න සේවකයන් මෙහි නිතර යන එන අයත් එක්ක හොඳට හිතවත්.ඒ වගෙම මෙහි එන අයට ඉතා ඉකමනට කන්න අවශ්‍ය දේ ලබා දෙන්න නොපමාව කටයුත් කරන බවක් පේනවා.

මග

ඔබ මෙතට එන වා නම් ෆයිෆ් පාරේ එන්න ඕනි.මේ පාරට එනවා නම් තිඹිරිගස්යාය නාරාහේන්පිට පාරේ තියන වව් ඔ‍ෆිස් එකට මෙහායින් තමයි ෆයිෆ් පාර පටන් ගන්නේ ඒ පාරේ මීටර් 500ක් විතර එනකොට පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.අනික් පසින් එනවා නම් ඉසිපතන පාරේ කූල් ප්ලැනට් එහෙම පසු කරගෙන ඉදිරියට එනකොට ෆයිෆ් පාර හමුවෙනවා.ඒ හංදියෙන් වමට දාපු හැටියෙම පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

ඔබ මේ පැත්තේ ඉන්නවා නම් හරි මේ පැත්තේ ඇවිදින් කටට රස්සට ගමේ රහට කැම වේලක් හොයනවා නම් මේ අවන්හල ඉතා හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුව්නෛ.ටිකක් පාරෙන් ඇතුල් පාරක වන්නට පිහිටියත් ගියාට පාඩු නැතුව රසට කන්න කියාපු තැනක් විදියට Mythi’s අවන්හල කියන්න පුලුව්නෛ.මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0112596814.ඔවුන් උදේ 7 ඉඳන් සවස 3න විතර වෙනකන් විවුර්ථයි.ඔබත් රසවත් කැම වෙලක් අතේ ඇති ගානට කන්න මේ අවන්හලට ගොඩ වෙලාම බලන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *