කන්න බොන්න කලින් එන්න

ඇහැලියගොඩ නගරයේ රසවත් ෆ්‍රයිඩ් රයිස් අවන්හල More to More Restaurant -Eheliyagoda

banner

කොළඹ ඉඳන් රත්නපුර පැත්තට යනකොට ඇහැලියගොඩ නගරයේ පිහිටි රසවත් කෑම පිරිනමන අවන්හලක් ගැන තමයි අද අපි කියන්න යන්නේ .මේ අවන්හලේ නම මෝර් ‍ටු මෝර්.අවන්හල පිහිටන්නේ ඇහැලියගොඩ නගරයේමයි.අතේ ඇති මිලකට රසවත් කෑම කන්න පුලුවන් තැනක් විදියට මේ අවන්හල හදුන්වන්න පුලුවනි.

වටපිටාව

more2

මේ අවන්හල පිහිටන්නේ ඇහැලියගොඩ නගරයේ එක් කොනකට වන්නටයි.අවන්හල ඉදිරිපස යම් කුඩා ඉඩක් වාහනයක් පාක් කරගන්න තියෙනවා.එහෙම ඉඩක් නැති උනොත් ඔබ මෙතනට වාහනයක එනවා නම් ටිකක් පාරේ එහාට වෙන්නට නවත්තලා තමයි මෙතනට එන්න වෙන්නේ.අවන්හල සාමාන්‍ය මට්ටමේ එකක්.වැඩිය ලොකු ඉඩ කඩක් නම් නෑ.එක වර 10ක් 12කට එක වර කන්න ගන්න පුලුවනි.ප්‍රධාන ආහාර වර්ග වෙනම අලංකාරවත්ව ඇතුලත ඇලුමිනියම් භාජන වලට දාලා තියනවා.අවන්හල පිටතට වන්නට මෙහි ඇත් ප්‍රධාන මෙනු එකේ ගනන් පින්තූර එක්කම දර්ශනය කරලා තියනවා දැකගන්න පුලුවනි.මෙහි ඇතුලත නම් ටිකක් විතර රස්නෙයි.පාරේ අයිනට වෙන්නට තියෙන එකත් ඒකට හේතුවක් වෙන්න ඇති.

මෙනුපත

more234

මේ අවන්හලේ ප්‍රධාන මෙනු එකේ තියන කෑම වර්ග තමයි මෙහි විශේශත්වය කියන්න පුලුවන්.ෆ්‍රයිඩ් රයිස් එක්ක කන්න ගන්න විවිද ආකාරයට රෝස්ට් චිකන් ,ෆ්‍රයි කරපු චිකන් දැල්ලෝ,මාලු ඩෙවල් ,සෝසේජස් වගේ කැම කන්න ගන්න මෙතනට ආවොත් පුලුවනි.මේවා එක්ක එලවලු චොප්සියත් එක්ක සෝස් ටිකත් එකත් උනහම මේ කැම එක ඉතා රසවත් මට්ටමේ එකක්.මේ ෆ්‍රයිඩ් රයිස් එකේ බත් හොඳ මට්ටමේ එකක්.ඒත් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකට එකතු කරල තියෙන්නේ නම් කැරට් සහ ලීක්ස් විතරයි.

more23

ෆ්‍රයිඩ් රයිස් විවිද විදියට රුපියල් 100 බජට් පැක් එකේ ඉන්දන් 300 දක්වා එකක් එක විදියට කන්න ගන්න පුලුවනි.ඒ ඕනි එකක රසවත් වගේම පිරිසිදුයි.ක්‍රිස්පි චිකන් එකත් එක්ක ෆ්‍රයිඩ් රයිස් එක මේ අතරින් වඩාත් රසවත් කියන්න පුලුවනි.ඒ වගෙම සවස් වරුවට මෙතනට ආවොත් කොත්තුවක් කන්න ගන්නත් පුලුවනි.

සේවාව

පුන්චි අවන්හලක් නිසා මෙහි ආවොත් ඔබට ඉක්මනට ඔබ කැමති කෑම මෙතන ඉඳන් කන්න හරි අරගෙන යන්න හරි පුලුව්නෛ.වැඩි පරක්කුවක් නෑ.ඊට එහා සේවාව ගැන ලොකු විශේශ දෙයක් නම් කියන්න නෑ.

මග

මේ අවන්හල පිහිටන්නේ ඇහැලියගොඩ නගර මැද.කොලඹ රත්නපුර පාරේ රත්නපුර පැත්තට යනකොට මහජන බැංකුව ප්‍රධාන බස් නැවතුම එහෙම පහු කරපු ගමන් පාරෙන් දකුනු අත පැත්තට වෙන්නට තමයි මේ අවන්හල පිහිටන්නේ.පුන්චි පාලමක් එක්ක නගරයේ කොනට වන්නට තමා මේ අවන්හල තියෙන්නේ

මේ අවන්හල උදේ ඉඳන් රාත්‍රී 10 විතර වෙනකන් විවුර්ථයි.මෙහි දුරකථන අංකය වෙන්නේ 077 394 9466 ,077 394 9466. මේ අවන්හල පිහිටන්නේ කොලඹ රත්නපුර ප්‍රධාන පාරේ.ගොඩ දෙනෙක් මේ පාර හරහා දුර ගමන් යනවා.ඉතින් ඒ යන ගමනේ බඩගින්නක් ආවොත් ඇහැලියගොඩ නගරයේ පිහිටන මේ More to More Restaurant එකට ඇවිත් රසවත් ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *