කන්න බොන්න කලින් එන්න

Moon River – Thimbirigaryaya චීන ජාතිකයන්ගෙන් සේවය ලබාගන්න පුලුවන් අපූරු අවන්හල මූන් රිවර්

banner

චීන කැම ඒ රසටම කන්න හොඳ තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ.එතන නමින් මූන් රිවර්.ලංකාවේ අය පමනක් නෙවෙයි චීනෙන් අපේ රට බලන්න එන අය පවා ගොඩක් කැමැත්තෙන් චීන කෑම කන්න එන තැනක් තමයි මූන් රිවර් කියන්නේ.පවුලේ අයට උනත් එකට ගිහින් කන්න හොඳ තැනක් මෙතන.මෙහි සේවයට ලාංකිකයන් මෙන්ම චීන ජාතිකයිනුත් ඉන්නවා.ඉතින් චීන රසට කැමති කාටත් ඇවිත් රසවත් චීන ආහාර වේලක රස බලන්න පුලුවන් මූන් රිවර් ආවොත්.

වටපිටාව

moonriver1

මෙතන පාකිං වලට නම් කුඩා ඉඩක් තියෙන්නේ.ඉතින් ගොඩක් වෙලාවට මෙහි එන අය වැඩි නිසා පාකින් හැමවෙලේම පිරිලා. වාහනයක් පාරේ අයියෙන් නවත්තගන්න උනත් පුලුවන්.මෙතන් ඉන්න සිකුරුටි මහත්වරු ඉතාම ඕනි කමින් ඔබට තැනක් හොයා දේවි. ඇතුලත කහ පැහැති මේස රෙදි ඇතිරූ මේස වලට පු‍ටු දාලා. ඒවා ඒ තරම් සැප පහසු නැතත් වරදක් නෑ.මේස පෙලක් ඒවා කැරකෙන ඒවා.ඇතුලත හොදින් පිරිසිදුව පවත්වාගෙන යනවා.ඇතුලත ඉඩ කඩ නම් ටිකක් ඇහිරිලා වගේ.ඔබට චීන ක්‍රමයට ආහාර ගන්න ඕනි නම් ඒ විදියට පිඟන් කෝප්පත් තියනවා. ගොඩාක් චීන ජාතිකයන් මෙහි එන හඳා වෙන්න ඇති එහෙම තියෙන්නේ.එන තැනම මාලු ටැංකියක් එක්ක සෝෆාවක් තියනවා. බැරි වෙලාවත් හවුස් ෆුල් නම් ඔබට මද වෙලාවක් එතන හිඳගෙන ඉන්නත් වේවි

බඩජාරි මෙනුපත

????????????????????????????????????

මෙතන් චීන කෑම වල දිගු මෙනු එකක් තියනවා.ඇපටයිසර්, සුප් වර්ග,ඉස්සෝ කකුලුවෝ දැල්ලෝ,කකුලුවෝ වගේ චීන කෑම ගොඩක් කන්න ගන්න පුලුවන්.විවිද ආකාරයෙන් එලවලු වර්ගත් කන්න ගන්න පුලුවන්.රයිස් වර්ගත් චීන ක්‍රමයට ගොඩක් තියනවා. සාමාන්‍යෙන් අපි කන මස් වර්ග අතරේ මෙහි තාරා මස් කන්න ගන්න පුලුවන්.ඒක ටිකක් විශේශයි.ඒ වගේම විවිද වර්ගයේ නූඩ්ල්ස් වර්ගත් කන්න ගන්න පුලුවන්.මෙතන් තියන කෑම වර්ග බොහොමයක රස ඉතා විශිශ්ඨ මට්ටමේ කියන්න ඔනෛ. නූඩ්ලෙස් වර්ග බොහොමයක්ම අදාල නියම රස මතු කරනවා.ඒ වගේමයි අනික් කෑම වර්ගත්.මේ කෑම වර්ග වල ප්‍රමාන නම් එක එක් කෑම වලට වෙනස් ප්‍රමාන. ඔබ නූඩ්ලෙස් කුඩා පෝශන් එකක් ඕඩර් කලත් සැලකිය යුතු ප්‍රමානයක් මේසයට ඒවි. ඒ ප්‍රමානය දෙදෙනෙකුට පමනට වඩා වැඩි වෙන්නත් පුලුවන්. නමුත් රයිස් ලොකු පෝශන් එකක් ඕඩර් කලොත් සමහර විට ඒ ප්‍රමානය ටිකක් පොඩ්ඩක් වගේ දැනෙයි.කොහොම උනත් දෙන්නෙක්ට 1500ක් වගේ මිලකට ආහාර ගන්න පුලුවන්.මේ ගනන් නම් සාධාරනයි.

moonriver4

සේවාව

මෙහි සේවකයන් අපි කලිනුත් කිව්වා වගේ ලංකාවේ අය වගේම චීන අයත් ඉන්නවා.ලාංකික සේවකයන් නම් එතරම් ඔබව සාදරයෙන් පිලිගන්න එකක් නෑ. ඔවුන් පාරිබෝගිකයන්ව ගනන් ගන්නේ නෑ වගේත් දැනෙනවා. චීන ජාතික සේවකයන් නම් ටිකක් හොඳයි.ඔවුන් උදව් කරනව අපිට ඕනි කෑම වේල ‍තෝරගන්න. ඒත් ටිකයි.කොහොම හරි කැම මේසේට ලැබෙන්න යන වෙලාව විනාඩි 10ත් 15ත් අතර.ඒ වෙලාව නම් ප්‍රශ්නයක් නෑ.සේවාව හොඳම මට්ටමේ නම් නෑ කොහොම උනත්.

මග

මෙතනට කොලඹ පැත්තේ ඉන්දන් එනවා නම් හයිලෙවෙල් පාරේ තිඹිරිගස්යායට ඇවිත් ඒ හඳියෙන් වම් අත පැත්තට එන්න ඕනි ජාවත්ත පාරේ.මුලින්ම හම්බෙන හතර මං හඳියත් පහු කරගෙන ඉස්සරහට තව මීටර් 50ක් වගේ ගියාම හම්බවේවි පාරෙන් දකුනු අත පැත්තේන්.

මෙතන දුරකථන අංකය 0112596685. ඔවුන් උදැනසන එකොලහේ ඉඳන් දවල් 2.30 වෙනකනුත් ඒ වගේම සවස 6 ඉඳන් රාත්‍රී එකොලහ පමන වන කනුත් විවුර්ථයි.මෙහි කැම වල රස නිසාම හැම වෙලේම මිනිසුන්ගෙන් පිරිලා.ඔවුන් සතුව ඩිලිවරි සේවාවකුත් පවත්වාගෙන යනවා.කටට රසට චීන කැම වේලක රස බලන්න එහෙනම් ඇවිත් යන්න මූන් රිවර් චීන අවන්හලට.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *