කන්න බොන්න කලින් එන්න

රසවත් චීන කෑම වේලක් නිදහසේ කන්න එන්න මාරවිල මින්ටේජ් අවන්හලට Mintage Restaurant and Bar, Marawila

banner

මාරවිල සංචාරක නවාතැන්පලක් විදියට ලොකුවටම ප්රසිද්ධ නොවුනත් සංචාරකයෙක්ට යන්න කියාපු පලාතක් විදියට මේ පලාත හදුන්වන්න පුලුවන්.සුන්දර මාරවිල වෙරල තීරය වගේම ඕලන්ද කොටුව මුන්නේශ්වරම් කෝවිල වගේ ප්රසිද්ධ සංචාරක ස්ථාන වලට යන අතරමග හමුවන නගරයක් විදියට මාරවිල හඳුන්වන්න පුලුවන්.එහෙම ගමනක් යන අතරතුර ගොඩවෙලා කටට රසට කෑම වේලක් කන්න යන්න කියාපු අවන්හලක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ.මෙතන නමින් මින්ටේජ් අවන්හල.

වටපිටාව

mintage2
හලාවත කොලඹ පධාන පාරට මුහුන ලා තමයි මේ අවන්හල පවත්වාගෙන යන්නේ. හලාවත පැත්තට යන කෙනෙක්ට මීගමුව නගරයේ සංචාරක අවන්හල් වලට පස්සේ චීන කෑම වේලක රස බලන්න ගොඩවෙන්න පුලුවන් හොඳ තැනක් විදියට මින්ටේජ් අවන්හල හඳුන්වන්න පුලුවන්.නිදහස උපරිම විදගෙන කැම වේලට අමතරව වෙනස් විදියේ අත්දැකීමක් මේ අවන්හලට ආවොත් විදගන්න ඔබට අවස්ථාව තියනවා.අති නවීන පන්නයේ පෙනුමක් සහිතව ඉදි වුනු මේ අවන්හලේ පුද්ගලිකව ආහාර ගන්න පුලුවන් වෙන විදියට තෑනක් පිලිවෙල කරගන්නත් පුලුවන්.සැපවත් මේස පුටු වගේම අලංකාර ආලෝක පහන් අවන්හලට අගනා පෙනුමක් ගෙනත් දෙන්නට සමත් වෙලා.

මෙනුපතmintage8

මින්ටේජ් අවන්හලේ මෙනු එක ගැන බැලුවොත් චීන ආහාර වර්ග ගනනාවක් තියන දිගු මෙනු පතක් ඔවුන් සතුයි.ඇපටයිසර් වල ඉඳන් ප්රධාන ආහාර දක්වා ලොකු විවිදත්වයක් මේ අවන්හලේ දැකගන්න පුලුවන්.සුප් වර්ග උනත් Clear Soup වල ඉඳන් Thick Soup විදියට කොටස් දෙකකින් දකින්න හැකියි.ලොකු ඉස්සන්ගෙන් සහ පොඩි ඉස්සන්ගෙන් හදන කැම වර්ගත් ගොඩක් මේ මෙනු එකේ දකින්න පුලුවනි. Kankun Prawns,”Sichuan” Style Chilly Prawns,Sweet & Sour Prawns වගේ ඉස්සන්ගෙන් හදන ජනප්රිය චීන කෑම වගේම මැලේශියන් ඉන්දුනීසියන් වගේ විවිද ක්රම වලට විවිද රසයෙන් රසවත් කැම වේලක රස බලන්න ඔබට මෙහි ආවොත් පුලුවන්.

mintage7

මීට අමතරව කට්ල් ෆිශ්,ගරූපා,චිකන් බීෆ් පෝක් කෑම විවිද නම් වලින් විවිද රසයෙන් රස බලන්න ඔබට මෙහි ආවොත් අවස්ථාව තියනවා.ඔබ වෙජිටේරියන් කෙනෙක් නම් එහෙම අයෙක්ට ගැලපෙන විදියේ වෙනම මෙනු එකක් මින්ටේජ් අවන්හල සතුයි.ප්රධාන ආහාර විදියට රයිස් වර්ග විස්සක් වගේ අතරින් කැමති විදියට තෝරාගන්න අවස්ථාව ඔබ සතුයි.චිකන් ෆ්රයිඩ් රයිස්, ස්ටීම් රයිස්, සී ෆුඩ් රයිස් නාසි ගුරං වගේ අපි දන්න කියන රයිස් වර්ග වල ඉඳන් ඉන්දුනීසියන් තායි සහ චීන රයිස් වර්ගත් වෙනම මින්ටේජ් ස්පෙශල් රයිස් එකකුත් මේ මෙනු එකට ඇතුලත්

මේ කැම සමස්ථයක් විදියට රසවත් බවින් ඉස්තරම්.ඒ වගෙම ලැබෙන ප්රමාන අතින් ගට්තත් ඇති වෙන්න කන්න ගන්න පුලුවනි.දෙදෙනෙක්ට දෙදහසක් වගේ මුදලක් වැය කරලා බඩ පිරෙන්න කන්න මේ අවන්හලට ආවොත් පුලුවන්.

mintage1

සේවාව
මේ අවන්හලේ සේවය කරන අයගෙන් හොඳ සේවාවකුත් ඉටු වෙනවා.ඔවුන් හොඳ සුහදශීලි අය.ඒ වගෙම ඉකමනට ඔබට් ඕනි කරන කෑම ගෙන එන්න ඔවුන් කාර්යශීලී අය.නිදහස් වටපිටාවක් අවන්හල ඇතුලත් තියන නිසා පාඩුවේ කලබල බවකින් තොරව කැම වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ අවන්හල හඳුන්වන්න පුලුවන්.ඒ වගෙම පූල් සෙලම් කරන්න හිතුනොත් ඒ සඳහාත් මෙහි ඉඩකඩ සකස් කරලා තියෙනවා.ඒ නිසා ඔබ මෙහි ආවොත් කෑම වේලට වඩා මතර වටිනාකමක් එකතු කරගන්නට හැකියි.

මග

අපි දැනගත්තු විදියට කුඩා ප්රමානයේ උත්සව අවස්ථා සඳහාත් මෙහි පහසුකම් සලසනවා. මෙතන ලිපිනය වෙන්නේ අංක 227,කොලඹ පාර මූදුකොටුව මාරවිල. දුරකථන අංකය 0768208106.කොලඹ ඉඳන් හලාවත පැත්තට යනකොට මාරවිල නගරයට කිලෝමීට්රයක් විතර මෙහායින් පාරෙන් දකුනු අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.උදෑසන එකොලහේ ඉඳන් මැදියම් රාත්රිය දක්වා ඔවුන් ආහාර සපයනවා.ඔබ මාරවිල නගරය හරහා සංහ්චාර කරනවා නම් රසවත් ආහාර වේලක රස බලන්න Mintage Restaurant and Bar, Marawila අවන්හලට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *