කන්න බොන්න කලින් එන්න

Makrin Restaurant – Nugegoda ( මැක්‍රින් )

banner

මැක්‍රින් අවන්හල් අප දන්න විදියට හතරක් පිහිටනවා. ඒ නුගේගොඩ ඇඹුල්දෙනියේ, තලවතුගොඩ, වැලිපැන්න . සහ කොලඹ පිටකො‍ටුවේ.අපි අද කියන්න යන්නේ නුගේගොඩ ඇඹුල්දෙනියේ තියන මැක්‍රින් අවන්හල ගැන.පවුලේ අය එක්ක හරි යාලුවෝ සෙට් එකක් එක්ක හරි නැත්නම් පෙම්වතා පෙම්වතිය එක්ක කැම වේලක් ගන්න වගේම දිගු කතාබහකට මුල පුරන්නත් හොඳ තැනක් තමයි මැක්‍රින් කියන්නේ.මැක්‍රින් කියන්නේ ආපන ශාලා බේකරි නිශ්පාදන බීම වර්ග උදේ දිවා රාත්‍රී ආහාර කොත්තු ආප්ප අයිස්ක්‍රීම් පාන් කේක් වර්ග සහ ඔබේ අවශ්‍යතාවය අනුව කේටරින් පහසුකම සපයන අවන්හලක්.. අපි අද ගොඩ උනේ නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි මැක්‍රින් අවන්හලට

වටපිටාව

මෙහි හොඳින් කුශන් කල පු‍ටු වලින් යුක්තයි.ඒ නිසා හොඳ සෑප පහසුවක් තියෙනවා. අවන්හල තුල ඉතා පිරිසිදුයි.ලොකු කලබලයක් නෑ. නමුත් අප දන්න පරිදි අගනුවරට කිට්‍ටුවෙන් පිහිටි මැක්‍රීන් අවන්හල් ටිකක් සෙනගින් පිරිලා.නමුත් මෙහි එතරම් කලබලකාරී වටපිටාවක් නෑ.මෙහි ඇතුලත සැකැස්ම හොඳයි.

බඩජාරි මෙනුපත

makrin

මෙහි සාමාන්‍ය රෙස්‍ටුවරන්ට් එකක තිබිය යුතු කෑම වර්ග විවිදාකාරයෙන් තිබෙනවා.සැලඩ් සුප් රයිස් වර්ග නූඩ්ල්ස් ඩෙසර්ට් ඩ්‍රින්ක්ස් හැමදෙයක්ම.මෙහි මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 400ක් වගේ. එහි රස එතරම් ලොකු විශේශයක් නම් නෑ.. සාමාන්‍ය රසයක්.නාසි නම් රසයි. ඒකක් 350ක් වෙනවා..මොන්ගෝලියන් රයිස් එකකුත් ඒ ගනන්.. එහි රස හොඳයි.. ඒත් විශේශයෙන් මතකේ හිටින රසයක් නම් නෙවෙයි.අපේ මොන්ගෝලියන් රයිස් එක නම් පොඩි බඩජාරි දෙන්නෙක්ට හොඳටම ඇති.

මෙහි රයිස් ඇන්ඩ් කරී මෙනු එක දිනෙන් දිනට වෙනස් රසයන්. පෙලක් දවසට හොඳයි වගේම අවුල් දවසුත් තියනවා. ඔවුන් දේශීය මාලු පිනිත් කැම වේලට එකතු කරන්න අමතක කරන්නේ නෑ.. විශේශයෙන් ඔවුන්ගේ අඹ මාලුව අපේ රස දිව පිනා ගියා.

සවස් වරුවට මෙහි කොත්තු ත් ගන්න පුලුවන්. අපි ඔබ්බට කියන්නේ චිකන් කොත්තුවත් කන්න. නමුත් චීස් කොත්තුවට යන්න එපා. එහි ඔබ ගෙවන මිලට චීස් තියනවද යන්න සැක සහිතයි.මිල ගනන් සාධාරයි.එක්කෙනෙක්ට 450ක් – 500ක් වගේ මිලකට බඩ පිරෙන්න කන්න පුලුවන්.අප හිතනවා මැක්‍රින් අනෙක් අවන්හලුත් මේ මිල ගනන් ම තමයි.

සේවාව.

අපිට මෙහි සේවාව ගැන විශේශයෙන් කියන්න දෙයක් නෑ. කැම ඉල්ලුවහම විනාඩි 15ක් වගේ සීමාවේ කෑම පිඟානට ඒවි.

මග

ඔවුන්ගේ ලිපිනය වෙන්නේ අංක 373/A පරන කොට්ටාව පාර ඇඹුල්දෙනිය නුගේගොඩ.කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් නුගේගොඩට ඇවිත් මිරිහාන හංඳිය ට එන්න ඕනි.එතනින් කොට්ටාව පැත්තට හැරිලා කිලෝ මීටර් එක හමාරක් වගේ දුරින් ඇඹුල්දෙනියේ මැක්‍රින් එක පිහිටන්න.ඇඹුල්දෙනියේ හඳියට එක හෝල්ට් එකක් එහායින් තමයි මේක තියෙන්නේ..අනික් පැත්තෙන් එනවා නම් මහරගම වත්තෙගෙදර හඳියෙන් පරන කොට්ටාව පාරේ කිලෝ මීටර් 2ක් වගේ එන්න ඕනි
ඔයාලත් ඇවිත් බලන්න. නිදහසේ කතා බහක් එක්ක කැමවේලකට මෙතන ඉස්තරම්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *