කන්න බොන්න කලින් එන්න

Long Tang Trincomalee – ත්‍රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හල ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්‍ටුරන්ට්

banner

ත්‍රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හලක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්‍ටුරන්ට්.අවන්හල පිහිටන්නේ නගරය මැද්දට වෙන්නටයි.දේශීය ආහාර වගේම චීන ආහාර වලට කෑමති කාටත් ට්‍රින්කෝ ඇවිත් අතේ ඇති මුදලට කටට රසට ඇතිවෙන්න කන්න හොඳ තැනක් තමයි මේ Long Tang Trincomalee කියන්නේ.

වටපිටාව

longtang1

මේ අවන්හල පිහිටන්නේ ට්‍රින්කෝ නගරයේමයි.ටිකක් විතර කාර්‍ය බහුල වෙන තෑනක තමයි මේ අවන්හල පිහිටන්නේ.අවන්හලට පොඩි පාකිං එකකුත් තිබෙනවා.ඒකේ වාහන තුනක් විතර එක පාර නවත්වන්න පුලුවන්.එතන නම් වාහනයක් නවත්වන්න බලාපොරොත්තුවෙන් එනවට වඩා මෙතනට එනවා නම් වෙන තැනක වාහනේ නතර කරලා එනවා නම් හොදයි.මේ අවන්හල ඇතුලත 4 දෙනාට එක වර ඉඳගන්න පුලුවන් වෙන විදියට ප්ලාස්ටික් මේස පු‍ටු සකස් කරලා තියනවා.එක පාරකට 40කට වගේ මෙතන කෑම ගන පුලුවන්.මේ මේස පු‍ටු සකස් කරලා තියන විදිය නම් ටිකක් හිර වෙලා වගේ.ඉඩ පාඩු පොඩ්ඩක් අවමයි.අවන්හල ඇතුලත සහ පිටත කොටස් දෙකේම ආහාර ගන්න පුලුවන්.ඇතුලත ෆැන් සවි කරලායි තියෙන්නේ.හවස් වෙනකොට මේ අවන්හල ඇතුලත ටිකක් කාර්‍ය බහුල වෙනවා.මෙහි උයන කොටස තිබෙන්නේ අවන්හලේ ඉදිරිපසට වෙන්නටයි.අවන්හල ඇතුලත තවත් පොඩ්ඩක් පිරිසිදුව පවත්වා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා..

longtang

බඩජාරි මෙනුපත

longtang123

මේ අවන්හල චීන කෑම අලෙවිසලක් නිසා බොහොමයක් චීන කෑම වර්ග රසට කන්න පුලුවන්.බොහොමයක් ට්‍රින්කෝ නගරයේ තිබෙන චීන අවන්හල් වල කෑම වලට වඩා ගොඩක් අඩුවෙන් කෑම කන්න පුලුවන් වෙන එක විශේශයක්.සුප් වර්ග සැන්ඩ්විච් වගේම බර්ගර් වර්ගත් ඔවුන්ගේ මෙනු එක සත්යි.ගොඩක් ලොකු චීන ආහාර මෙනු එකක් නැතත් ඔවුන්ගේ සී ෆුඩ් රයිස් එක සුපිරි මට්ටමේ එකක් කියලා කියන්න ඕනි.ඒක 450ක මිලක් වෙනවා.ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ ඇත්ලුව ගොඩක් මුහුදු මාලු කෑමත් එක්ක ඇති වෙන්න ලොකු කෑම එකක් ඔබට හම්බවෙනවා.ඒක මිලෙන් 450ක් වගේ තමයි වෙන්නේ.මේ කෑම එකක් ප්‍රමානයෙන් පොඩි බඩජාරි දෙන්නෙක්ට ඇතිවෙන්නම තියනවා.ඒ වගෙම මේ අවන්හලේ කොත්තුවට්ත් ගොඩ දෙනෙක්ගේ ඉල්ලුමක් තියන බවක් පේනවා.

longtang12
ෆ්‍රයිඩ් රයිස් කනවා නම් ව්ජිටබල් එකක් 140ක් වගේ මිලක් වෙන්නේ.ඒ මිලේ ඉඳන් මස් මාලු සී ෆුඩ් වගේ විවිද විදියට ෆ්‍රයිස් රයිස් ඇනවුම් කරන්න පුලුවනි.ඒවා 160-500 වගේ මිල පාරසයක තමයි තියෙන්නේ.
මේ කෑම වලට අමතරව නූඩ්ල්ස් චීන ක්‍රමයට සීෆුඩ් හෝ චිකන් එක්ක ඇනවුම් කරන්නත් පුලුවන්.බීම විදියට පලතුරු බීම මිල්ක් ශේක් වගේ ඒවත් තේ කෝපි වගේ බීමත් ඔබට මෙතනට ආවොත් බොන්න ගන්න පුලුවන්.

සේවාව

මේ අවන්හලට ඔබ ආවොත් ඔබේ ඇනවුම ලබාගන්නට ටිකක් වෙලා ඉවසන්න නම් වෙනව.මොකද මේ අවන්හලට එන දේශීය අය බොහොමයි.ගොඩක් කාර්‍ය බහුල වෙලාවට මේ අවන්හල මිනිස්සුන්ගෙන් පිරිලායි තියෙන්නේ.කොහොම උනත් මේ අවන්හලේ අය ඉක්මනට ඔබේ ඕඩරය මේසයට ගෙනත් දෙන්න හැකි උපරිමෙන් කටයුතු කරන බව පේනවා.මෙහි අයිතිකරු පවා විටෙක උයන්න සම්බන්ද වෙමින් වගේ කෑම මේසයට ගෙනෙමින් ඉක්මනට මෙහි එන අයට කෑම දෙන්න මහන්සි වෙලා වැඩ කරන බවක් පේනවා.

මග

මෙතන හොයා ගන්න එක නම් ඒ තරම් අපහසුවක් නෑ.ත්‍රීකුනාමල නගරයේ මහජන බැන්කුව අසල තිබෙන රවුන්දබවුට් එකෙන් නුවර පාර පැත්ත්ට මීටර් එකසිය පනහක් විතර ගිය තැන පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

දිගු සංචාරක ස්ථානයකට ට්‍රින්චෝ ආවොත් තමන්ගෙ අතේ ඇති මිලට බඩ පිරෙන්න කන්න්න පුලුවන් හොඳ තැනක් විදියට මේ ලෝන්ග් ටැන්ග් අවන්හල අපිට කියන්න පුලුවනි.මෙහි දුරකථන අංකය වෙන්නේ 077 409 8418 .ඔබත් මේ පැත්තේ ආවොත් ලඔන්ග් ටැන්ග් අවන්හලට ඇවිත් රසවත් චීන ආහාර වේලක රස බලලා යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *