කන්න බොන්න කලින් එන්න

London House of Coffee – Colombo 07 රසවත් කෝපි කෝප්පයක් බොන්න ලන්ඩන් හවුස් ඔෆ් කොෆී

banner

අගනුවර හොඳම තත්වයේ කෝපි එකක් බොනවා නම් තිබෙන්නේ අවන්හල් අතලොස්සක්. ඒ අතරට අලුතින් එක්වුනු සාමාජිකයෙක් තමයි ලන්ඩන් හවුස් ඔෆ් කොෆී අවන්හල කියන්නේ.ඔවුන් මෙහි වැඩිපුරම අවදානය යොමු කරලා තියෙන්නේ කෝපී සඳහායි.ඒ නිසාමයි වෙන්න ඕනි මෙහි නාමයත් ලන්ඩන් හවුස් ඔෆ් කොෆී කියන්නේ.

වටපිටාව

london4

මෙහි ඉදිරිපස බලකො‍ටුවක් අයුරට නිර්මානය වෙලා තියනවා.අවන්හල තට්‍ටු දෙකකින්යුක්තයි.ගලින් න්මවුනු ඉදිරිපස බිත්තිය අවන්හලට අමුතු වෙනසක් නිර්මානය කරලා තියනවා.රාත්‍රී කාලයේ කහ පැහැති විදුලි බල්බ වලින් පිටතට අවන්හල අල්ංකාරවත් තැනක්.බාහිරට වගේම ඇතුලත් මෙහි අලංකාරයි.මනව ඇතුලත ඉතා සුවපහසුව නිර්මානය කරලා තියනවා.ඉතා සැප පහසු කුශන් පු‍ටු සහ දැවයෙන් කල මේස අවන්හලට අලංකාරයක් ගෙන දෙනවා.ඇතුලත හරිම නිස්කලංක ස්වරූපයක් උසුලනවා.අවන්හලේ උඩුමහලත් ඉතා නිඩහස්.එහි බැල්කනිය වැනි කොටසක එලියට නිරාවරනය වෙමින් වුවත් කෝපි කෝප්පයක් රස බලන්න පුලුවන්.මෙහි ඉහල මට්ටමේ වටපිටාවක් පවතින බව කිව යුතුමයි.

බඩජාරි මෙනුපත

london3

මෙහි නමින් හැ‍ඟෙන ලෙසම මේ අවන්හල කෝපි පානයට තමයි මුල් තැනක් දෙන්නේ.රසවත් වගේම නියම කෝපි එකක් බොන්න මෙය ඉස්තරම් තැනක්.බීම වලට අමතරව අයිස් ස්මූදි වර්ග අඹ ඇවකාඩෝ ස්ට්‍රෝබෙරි පැපොල් අන්නාසි වගේ රසයෙන් ගන්න පුලුවන්.ඒ සියල්ල 500 මිල සීමාවේ පවතින්නේ..පැනි රස විදියට කන්න ගන්නඔවුන්ගේ චොකලට කේක් එක හොඳ තේරීමක්.ඒ කෑල්ලක් 140ක් වෙනවා.ඊට අමතරව ලෙමන් ඩ්‍රිසල් කේක් ටිරාමිසු යෝක්ශයර් රෝල් වගේ නම් වලින් පැරස ආහාර වර්ග කන්න ගන්න පුලුවන්.

london2

ඒ වගේම සේවරි වර්ගත් කන්නගන්න පුලුවනි.තේ වර්ග විදියට දේශීය කලු තේ කෝප්පයක් නැත්නම් ග්‍රීන් ටී එකක් උනත් බොන්න පුලුවන් මෙතනට ආවොත්.කලු තේ කෝප්පයක් 320ක් වෙනවා..ග්‍රීන් ටී එකක් 300ක්.රසවත් කෝපි කෝප්පයක් උනත් විව්ද අයුරට බොන්න ගන්න පුලුවන්.එහි අමුද්‍රව්‍ය 100% ක් ම නැවුම් .අපි දැනගත් විදියට කිසි රසකාරකයක් භාවිතා කරන්නේ නෑ.

london1

සේවාව

ඔවුන්ගේ සේවාව තවත් වර්දනය වෙන්න ඕනි කියන එකයි අපේ හැඟීම.පෙලක් වෙලාවන්ට කැම මේසයට එන්න ගත වෙන වේලාව වැඩියි.මෙහි සේවය කරන අය සමහරක් ඔවුන්ගේ මෙනු පතේ ඇති බීම සහ කෑම ගැන දැනුමක් නැති අය.ඒ දේවල් තව දුරටත් වර්දනය කරගන්න තියෙනවා.ඒ හැරුනාම ඔවුන්ගේ සේවාව හොඳයි.මෙහි වැඩ කරන අය ඉතාම මිත්‍රශීලි.

මග

මෙතන ලිපිනය වෙන්නේ ග්‍රෙගරි පාර කුරුඳුවත්ත කොලඹ 07.කොලඹ කො‍ටුව පැත්තේ ඉඳන් මෙතනට එනව නම් විහාර මහාදේවීඋද්‍යානය එහෙම පහු කරලා ඉදිරියට ඇවිත් ඩඩ්ලි සේනානායක මාවතේ පොඩි දුරක් ආවම Maitland Cres පාර දිගේ දකුනු අත පැත්තට ගියහ හමුවන පලමු පාරේන් වමට හැරෙව්ව විගස RG සේනානායක මාවතේ වම් අත පැත්තෙන් ඔබට මෙතනට ලඟා වෙන්න පුලුවන්

මෙතන ඔවුන්ගේ වයිෆයි කලාපයකුත් පිහිටනවා.011 2693072 තමයි මෙතන දුරකථන අංකය වෙන්නේ.සවස 3 ඉඳන් රාත්‍රී 9 වෙනතුරු මෙතන විවුර්ථයි.කාඩ් මගින් ගෙවීමේ පහසුකමත් මෙහි තියනවා.ඔබත් රසවත් කෝපි වීදුරුවක් බොන ගමන් හිතවතෙක් එක්ක පොඩි කතාවක් දාන්න එන්න හොඳ තැනක් තමයි London House of Coffee කියන්නේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *