කන්න බොන්න කලින් එන්න

Letona Cafe – Yakkala ( ලෙටෝනා කැෆේ )

banner

අගනුවරින් එහාට වෙන්න ට්කක් දුරට වෙන්න සුපිරි මට්ටමේ කෑම තියන තැනක් ගැන විස්තරයක් කියන්නයි අපි අද සූදානම් වෙන්නේ.මේ තෑන නමින් ලෙටෝනා කැෆේ.තියෙන්නේ නුවර පාරේ යක්කල.ගම්පහ පැත්තේ වැඩිදෙනෙක් දන්න කියන තැනක් තමයි ලෙටෝනා කැෆේ කියන්නේ.කොහොම උනත් මෙහි ලෙටෝනා නමින් ආපනශාලා දෙකක් පවත්වාගෙන යනවා.එකක් නුවර පාරේ යක්කල,අනික ගම්පහ ක්වීන් පාරේ පිහිටා තියෙන්නේ.කොහොම උනත් අපි ඇතුල් උනේ නුවර පාර අයිනේ යක්කල පිහිටි ලෙටෝනා කැෆේ එකට.

වටපිටාව letona1

ලෙටෝනා එක ඉදිරිපස පාකිං සඳහත් යම් කුඩා ඉඩක් තිබෙනවා.වාහන හතර පහකට ඒ ඉඩ ප්‍රමානවත්.මෙතන ඇතුලත කුඩා ඉඩක තමයි අවන්හල පිහිටා තියෙන්නේ.මේ අවන්හල නැවුම් බවකින් පිරිලා. ඒ තිබෙන කුඩා ඉඩ අලංකාරව සකස් කල නිසා වෙන්න ඇති.අවන්හල ඇතුලත ඒසී කර තිබෙනවා.මෙස ඇතිරිලි සමග මල් පෝච්චියෙන් හැඩ මේස සීමිත ප්‍රමානයක් සමග නවීන ලීයෙන් කෙරූ පු‍ටු අවන්හලට අමුතු ගතියක් එක් කර තිබෙනවා.රාත්‍රියට කහ පැහැයෙන් වර්න ගැන්වූ බිත්ති මතට ආලෝකය වැටී අවන්හලට ගෙනෙන එලිය රස පිනා යන ආහාර දීසියකට වගේම හීනියට මදුවිතකට එක් වෙන්නටත් කදිමයි.කොහොම උනත් පවුලක් පිටින් ගිහින් ආහාර ගන්න අප යෝජනා කරන්නේ නෑ. මේ කුඩා ඉඩේ මදුවිත සහ ආහාර ගන්න තියෙන්නේ එකම තෑන.නිසයි එහෙම කියන්න වෙන්නේ.ඔවුන් උදේ ඉඳන් රාත්‍රී එකොලහ පමන වනතුරු විවුර්තයි.

බඩජාරි මෙනුපත

එහි ලාංකීය සහ චීන රසට කෑම ලබාගන්න පුලුවන්.මෙහි වරක් ආවොත් නැවත් මෙහි ඇවිත් කෑම ගන්න පෙලඹෙන තරමටම ආහාර රසවත්.කෑම විදියට කියනවා නම් ගොඩාක් රසවත් මික්ස් රයිස් එක. එය අපිට පෝක් සමග නැත්නම් බීෆ් සමග ගන්න පුලුවන්. ඉතාම රසයි. ඔවුන්ගේ නාමය තැබූ කෑම පීරිසිය මේසය මතට එන විට එහි පෙනුම සහ සුවඳ අපේ රස නහර අවදි කරනවා.. ඇත්තටම එය ඉතාම රසවත්.

letonahome

ඒ වගේමයි උනුවට දුම් දමමින් ඇති ඌරු මස් ඉස්‍ටු. එයත් ඉතාම රසවත්.කටට කෙල උනනවා..ඒ වගේමයි ඔවුන්ගේ සී ෆුඩ් රයිස් එක. රස අතින් ඉස්තරම්.ලුනු රස ගානට.සියල්ල නියමිත පදමට.අවුලක් කියන්න දෙයක් නැති තරම්.ඒ වගේම ඔවුන් ලෙනෝටා ස්පෙශල් රයිස් එකක් හදනවා.. එයත් ඉස්තරම්ලු. අපට එය නම් රස විඳින්න නොහැකි උනා.. ඔබටත් අප යෝජනා කරනවා ඉහත ආහාර රස බලන්න.. කොහොම උනත් සමස්තයක් විදියට බහුතරය කෑම රසවත්. ඒකයි මෙතන මෙතරම ප්‍රසිද්ධ.දෙදෙනෙක් එක්ක කන්න යනව නම් රුපියල් 1000ක් වගේ වියදම් කලොත් හොඳ හැටි බඩ පුරවන් එන්න පුලුවන්.හැම විටම කුඩා පෝශන් එකක් ගන්න. එය හොඳ හැටි ඇති තරම්.

සේවාව

ඔවුන් ගේ සේවාව ගැන කියනවා නම් වේදනාකාරීව සෙමින් සිදුවන්නක්.මෙය කාර්‍ය බහුල වෙලාවකට වැඩි කාලයක් ඔබව මේසය මත හිඳුවා තබනු ඇති.හොඳ හැටි බඩගිනි වී ඇතුල් වෙන කෙනෙකුට සියුම් කේන්තියක් ගෙනදෙන්න තරම ඒ ප්‍රමාදය බලවත්. කොහොම උනත් ඔවුන්ගේ ආගන්තුක සත්කාරය හොඳයි. වේටර් වරු ඔබත් සමග සුහදශීලී වේවී.ඒත් අර ප්‍රමාදය?
තව දෙයක් ඔබේ කාඩ් පත් මගින් උනත් බිල් ගෙවීමේ හැකියාව තියනවා මෙතනට ආවොත්.

මග

මෙතනට එනවා නම් කොලඹ ඉඳ නුවර පරේ මිරිස්වත්ත හංඳිය පහු කරලා කිලෝ මීටර් 1.5ක් වගේ එන්න ඕනි.පාරෙන් වම් අත පැත්තට වන්නට මෙය පිහිටා තියනවා

මෙහි Take Away විදියට ආහාර ‍රැගෙන යාමේ පහසුව ඔවුන් සපයනවා.ඒ වගේම අප දැන ගත් විදියට ගම්පහ නගරයේ ඔවුන්ගේ අවන්හල මීට වඩා නිස්කලංකයි වඩා ඉඩකින් යුක්තයි.එහි ඔබට සුහද හමුවකට බර්ත්ඩේය් පාටියකට උනත් ඉස්තරම්.අප දැනගත් පරිදි ඔවුන්ට අවුරුදු 20කට එහා ඉතිහාසයක් තියනවා.ලෙනෝටා නමින් ජනප්‍රිය රසවත් කේටරින් සේවාවකුත් ඔවුන් පවත්වාගෙන යනවා.
කොහොම උනත් අපි කලින් කිව්වා වගේ හීනියට මදුවිතකට උනත් මෙතන ඉස්තරම්. ඒ නිසා නැවතත් කියන්නම් පවුලේ උදවිය එක්ක එන්න කලින් දෙපරක් හිතන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *