කන්න බොන්න කලින් එන්න

Kesel Kole – Nugegoda ( කෙසෙල් කොලේ )

banner

කෙසෙල් කොලේ ඔතපු බත් එකක් කාලා තියනවද?කෙසෙල් කොලේ රසට බත් කටක් හැපෙන රස වචනයෙන් කියන්න බෑ.. ඒ තරමට ප්‍රනීතයි.අපි අද කියන්නේ කෙසෙල් කොලේ ආහාර ගන්න පුලුවන් තැනක් ගැන. මේ කෑම කඩේ නමත් කෙසෙල් කොලේ. කෙසෙල් කොලේ අවන්හල පිහිටලා තියෙන්නේ නුගේගොඩ.
වටපිටාව.

මෙතන සාමාන්‍ය පන්නයේ කෑම කඩයක්. නමුත් ඔවුන් පිරිසිදු ලෙසටපවත්වාගෙන යනව.වීදුරු මේස එක්ක ඒ පැහැහෙන් පු‍ටු වගේම මේසේ මත එලූ ටේබල් මැට් එකක් එක්ක ඔබේ කෑම මේසය පිලිවෙල වෙලා තියනවා. ඒ වගේම කර්ට්න් වෙනුවට ඇති දැල් ආවරනය අවන්හලට අමුතු වෙනසක්.පාකිං විදියට පොඩි ඉඩකුත් මෙහි ඇතුලත්.

බඩජාරි මෙනුපත keselkolekaha

මෙහි එනවා නම් ඔබ රස බැලිය යුතුම ආහාර වෙලක් තමයි. ඔවුන්ගේ කහ බත් එක.ඒක රුපියල් 250ක් වෙනවා.පිඟාන මතින් ඇතිරූ කෙසෙල් කොලය මත කහ පැහැති බත සමග කුකුල් මස් අල කරිය කට්ලට් එකක් බ‍ටු මෝජුව සමග පැත්තෙන් එකතු කල සෝස් කෑම පිඟානේ මනා වර්න සංකලනයක් මවනවා.. දැකුමට ප්‍රිය වගේම තමයි ආහ්හරයේ රසත්. මෙහි නිතර යන එන සැමගේ ප්‍රියතම තේරීම මේ කහ බත් එක.. ඒ ජනප්‍රිය තාවත් සමගම කෑම එකේ ගාන නම් ටිකක් ඉහලට දාලා වගේ. කලින් 180කට තිබුනු මේ කහ බත් එක දැන් 250ක් වෙනවා.එහි රස නම් ඇත්තටම හොඳයි.මතක් කරනකොටත් කටට කෙල උනනවා.

keselkolelinno

මෙහි දේශීය ආරට ඇති කෑම ඉතාමත් පිරිසිදු කමින් ගන්න පුලුවන් කම මෙහි විශේශත්වයක්.රසට කොස් මාලුවක් කෙසෙල් මුව වගේ ගැමි ආරේ කෑම මොවුන් ඔබට සපයාවි.රයිස් ඇන්ඩ් කරී විදියට චිකන් කෑම එකක් කනවා නම් 170යි මාලු කෑම එකේ ගනන් මාලු වර්ගය අනුව වෙනස් වෙනවා.තලපත් මාලු එක්ක බත් එකක් 170ක් වෙනවා ,ලින්නො එක්ක නම් 140ක්. ඒ වගේ මාලු වර්ගය අනුව කෑම එකේ මිල වෙනස් වෙනවා. ඔවුන්ගේ බිත්තර කෑම එකක් 160යි එලවලු කෑම එකක් 140යි.

keselkolekos

අපි ඔවුන්ගේ ඔබට යෝජනා කරන තවත් කෑම එකක් තමයි කොත්තු රොටිය. චිකන් කොත්තුවක් 250ක් වෙනවා. එය ගෙවන මිලට වට්නවා.රසයි. හවස් වරුවක මෙහි එනව නම් ආප්පයක් රුපියල් 10යි.බිත්තර ආප්පයක් 45ක් වෙනව. පරාආ එකක් 20යි. පොල් රොටියක් 20යි. උනු උනු ප්ලේන්ටියක් එක්ක රස බලන්න ඒවත් හොඳයි.
සේවාව.

සේවාව සාමාන්‍යයි. ඔවුන් ඉතා කඩිසර පුහුනු වේටර් වරු නම් නොවෙයි. ඒත් ඔබේ කැමැත්තට ඉක්මනින් කෑම ලබා ගන්න පුලුවන්. වැඩි තදබදයක් නෑ.නමුත් මෙහි අයිතිකරු නම් තා මිත්‍රශීලී.ඔහු ඔබත් සමග ආහාර ගැන කතා කරාවි.වෙනත් දේ උනත් සිනා ප්‍රි මුහුනෙන්.
මග

මෙතනට එනවා නම් නුගේගොඩ ඉඳන් පාගොඩ පාරේ එන්න ඕනි.කිලෝ මීටර් එක හමාරක් විතර ගිහාම තමයි කෙසෙල් කොලේ හම්බෙන්නේ. හරියටම කිව්වොත් එස් එම් එස් හෝල්ඩිංග්ස් ගොඩනැගිල්ලට කලියෙන්.
ඔබත් ඇවිත් බලන්න මෙතනට. දේශීය විදියට රස කෑම වේලක් ගන්න පුලුවන් වේවී. වෙනස් රසක් ඔබ ඉත්සහ කල කෑම පිඟානෙත් තිබුනා නම් එවන්න අපිට. අපි මේ සටහන යාවත්කාලීන කරන්න සූදානම්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *