කන්න බොන්න කලින් එන්න

Kamuko – Bandarawela ( කමුකෝ )

banner

සීතල බන්ඩාරවෙල නගරයේ වැදගත් විදියට චීන ආහර වේලක් හරි දේශීය ආහාර වේලක් හරි ගන්න යන්න හොඳ තැනක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මෙතන නමින් කමුකො.කමුකෝ කියලා කන්නම අරාධනය කරන හංඳා අපිත් ගියා කමුකෝ එකෙං කන්න. මේක බන්ඩාරවෙල නගරයේ තිබෙන ඉපැරනිම චීන අවන්හල.

වටපිටාව

kamuko2

මෙතන පාරට මුහුනලා තියෙන්නේ. ටිකක් මිනිස්සු නම් ඉන්නව කොයි වෙලෙත්. ඒ තරම් කාර්‍ය බහුල ගතියකුත් නැ මෙතන. මෙහි ඔවුන්ගේ ලාක්ශනික වර්නය වෙන්නේ කලු සහ සුදු පැහැය. ඔවුන් ඔවුන්ගේ ගොඩනැගිල්ලේ සිට කෝකිවරුන්ට පවා ඒ පැහැය ගෙනත් දීල තියනවා. ඒ කලු පාටම නිසාද දන්නේ නෑ මෙහි ඇතුලතත් අඳුරු. ඒ අඳුරු බව නම් ඒතරම් ප්‍රියමනාප බවක් දෙන්නේ නෑ මේ අවන්හලට. කොහොම උනත් මේස පු‍ටු හොඳින් පිරිසිතුව පවත්වාගෙන යනවා. ටී වී එකකුත් ඇතුලත තියනවා. මැච් එකක් එහෙම තියනවා නම් ඔබට ආහර ගන්න ගමන් ක්‍රිකට් තරඟය බලන්න උනත් බාදාවක් නෑ.

බඩජාරි මෙනුපත

kamuko4

කෑම විදියට මෙහි ඔබට චීන මොන්ගෝලියන් මැලේශියන් වගේ රසට කෑම ගන්න පුලුවන්. ඒ කෑම සෑදීමට වෙනම කෝකිවරු කමුකෝ සතුයි.අපි ආහරයට ගත්තු ෆ්‍රයිඩ් රයිස් එක චොප්සියක් එක්ක. ඒක ඉතාම රසයි. එය ඔබට ඕනි නම් වෙජි විදියටත් ගන්න පුලුවන්. සැකැස්ම උනත් කටට කෙල උනන සුලුයි. ඇත්තට්ම එය රසවත්. නමුත් තව පොඩ්ඩක් එලවලු වැටෙන්න තිබ්බ මේකට. මොකද බන්ඩාරවෙල කියන්නේ එලවලු වවන නගරයක්. කොහොම උනත් එහි සැහෙන්න ප්‍රමානයක් ඔබට හම්බෙනවා පිඟාන්ට. පොඩි බඩජාරි දෙන්නෙක්ට එක පිඟානක් ඇති..

kamuko5

මැලේශියන් ෆ්‍රයිඩ් රයිස් එකත් ඉතා රසවත්. ඒක බ්ලැක් පෙපර් චිකන් එක්ක රස හොඳට පෑහෙනවා.මෙහි ශ්‍රිම්ප් නූඩ්ල්ස් එක හොදයි ඔබට යෝජනා කරන්න.ඒ වගේමයි Hot butter cuttlefish ,butter chicken , mixedfried rice . මේ තුන එකට කාලා බලන්න. ඒකත් ඉතාම හොඳයි. රස ඉස්තරම්.අපි හතර දෙනෙක් බඩ පිරෙන්න කෑවා.2100 ක වගේ බිලක් තමයි අපිට ලැබුනේ. මෙහි සේවා ගාස්තුත් ඇතුලත්.කොහොම උනත් ගෙවන මිලට කෑම හොඳයි. රසයි.. කැම ගොඩක් ඒවගේ ස්පයිසි ගතිය නම් ටිකක් වැඩියි. කොහොම උනත් ඔබට කෑම වර්ග ඔබේ කැමැත්ත පරිදි වෙනස් කරලා හදා ගන්න පුලුවන්.

තම මෙහි සුප් වර්ග ඩෙසර්ට් උනත් කන්න ගන්න පුලුවන්.ඒ වගේම්යි සීතලට ඇඟ උනුසුම් වෙන්න බියර් එකකට උනත් මෙතන නරකම නෑ. ගෙවන මිලට සාදාරන කෑම වේලක් කන පුලුවන් තැනක් තමයි කමුකෝ කියන්නේ.

සේවාව

මෙහි සේවාව හොඳ මට්ටමේ එකක්. ඔවුන් හරි සුහදශීලී. ඔබට අවශ්‍ය කෑම ඉක්මනින් මේසයට සපයාවි. එය ඉතා කෙටි කාලයක්.ඉතින් මේසේ මත ගොඩ වෙලාවක් බඩගින්නේ ‍රැ‍ඳෙන්නට නම් වෙන්නේ නෑ මෙහි. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය කැම වෙනස් කරල ඕනි විදියට මෙනු එක වෙනස් කරගන්න පුලුවන්. ඔවුන්ගෙන් කිසි බාදාවක් නෑ.සමස්තයක් විදියට හොඳ සේවාවක් ඔවුන් සපයන්වා.

මග


මෙතනට එනවානම් බන්ඩාරවෙලට ඇවිත් වැලිමඩ පාරේ එන්න ඔනි.මීටර් 400ක් වගේ ඒ පාරේ අවම කලු පැහැති ගොඩනැගිල්ල පහසුවෙන් හොයා ගන්න පුලුවන් වේවි.

ඔවුන් Takeaway සේවාවකුත් පවත්වාගෙන යනවා. ඔබ දුර ගමනක් අතර තුර බන්ඩාරවෙල නගරය පසු කරනවා නම් මෙතනට ඇවිත් ආහාර රස විඳලාම යන්න.එය හොඳ අත්දැකීමක් වේවි


Comments to Kamuko – Bandarawela ( කමුකෝ )

  • කිව්ව නිසාම නත්තල් දවසේ ගියා “කමුකෝ” එකට. නිවාඩු දවසේ ලොකු රවුමක් ගහල මෙතනට 3ට විටර ආවේ හොදටම බඩගිනි වෙලා.
    දැන් හැබැයි “කමුකෝ” නම වෙනස් වෙලා “රෙස්ටෝ” වෙලා. ආවේනික පාටත් කළු-කහ වෙලා.
    කොහොම හරි මටයි කෙල්ලටයි දෙන්නට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ලාර්ජ් එකක් ඕඩර් කරා හොදටම බඩගින්නේ ඉදපු නිසා..එත් එයාලම කිව්වා දෙන්නෙක්ට මිඩියම් එකක් ඇති කියල.කිව්වා වගේම ගෙනත් දුන්නේ නැද්ද හෙන පත එකක්…හොදට චිකන්, ඉස්සෝ, සොසේජ් එහම දාල තිබුනා…ඉගුරු රස කැපී පෙනෙන චිලි පේස්ට් එකකුත් තිබුනා…කොහොම හරි සැහෙන්න බඩගින්නේ හිටියත් දෙන්නටම කාල ඉවරකර ගන්නත් බැරි උනා.
    ඊට පස්සේ ඩෙසර්ට් එකට මික්ස් ෆෘට් ජූස් එකකුයි චොකලට් අයිස් ක්‍රීම් එකකුයි ගත්තා. ෆෘට් ජූස් එක නම් සාමාන්‍යයි.එත් අයිස් ක්‍රීම් එක නම් උපරිමයි…ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. යාපනේ රියෝ අයිස් ක්‍රීම් වලට පස්සේ මම කාපු හොදම අයිස් ක්‍රීම් එකක් කියන්න පුළුවන්.

    බඩජාරි.කොම් තමයි අපිට මේ තැන කිව්වේ. බද පැලෙන්න රසට කෑවා. ඔන්න මගේ රිවිව් එකත් ඇඩ් කරා…

    ChathuraC2R December 27, 2016 12:01 am Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *