කන්න බොන්න කලින් එන්න

රසවත් කැම වේලක් නිදහසේ කන්න දඹුල්ලේ කමු අවන්හලට ගොඩවෙමු – Kamu Restaurant Dambulla

banner

සීගිරියේ සංචාරයක යෙදෙන අතරතුර ගොඩ වෙන්න පුලුවන් හොඳ අවන්හලක් ගැන විස්තර කියන්නයි අපේ මේ සූදානම.මේ අවන්හල නමින් “කමු”.ගොඩක් දෙස් විදෙස් සංචාරකයන් තමන්ගේ ප්රදාන සංචාරක නවාතෑනක් විදියට සීගිරිය තෝරාගන්නා නිසා ඔබත් මේ පැත්තේ ආවොත් ගොඩ වෙන්න හොඳ මට්ටමේ අවන්හලක් විදියට කමු අවන්හල හඳුන්වා දෙන්න පුලුවන්.

වටපිටාව

ඇතුලත හොඳින් ඒ සි කල පිරිස්දු බව උපරිමෙන්ම පවතින අවන්හලක් විදියට කමු අවන්හල නම් කරන්න පුලුවන්.සැපවත් ආසන පනවා ඉතා පිලිවෙලකට චාම් බවින් යුක්තව මෙහි සියලු දේ සකස් වෙලා තියනවා.වැඩිය ගොඩ දෙනෙක් නැති නිසා නිදහසේ ආහාර වේලක් ගන්න හොඳ වටපිටාවක් මෙහි සකස් වෙලා කියන්න පුලුවන්

kamu4

මෙනුපත

kamu2

මේ බුෆේ එකට අමතරව අලා කාට් මෙනු එකකුත් මෙහි ඇතුලත්.ගොඩක් චීන කෑම වට්ටොරු මෙහි එන ගොඩ දෙනෙක් අතර ජනප්රිය බව තමයි අපට දැනගන්න ලැබුනේ.මෙහි වෙනම වෙජිටේරියන් අය සඳහාත් වෙනම මෙනු එකක් තිබෙනවා.ඊ වගෙම කුඩා දරුවන්ටත් ඔවුන්ගේ මෙනු එකේ වෙනම කෑම ගන්න පුලුවන්.ප්රහාන කෑම වලට අමතරව ඩෙසර්ට් එකට පලතුරු වර්ග කන්න ගන්න පුලුවන්.අඹ අන්නාසි පැපොල් වගේ පලතුරු වර්ග මෙහි කෑමට ගත හැකියි.ඒ වගෙම විවිද වර්ගයේ පලතුරු යුශ වර්ගත් පානය කරන්න කමු අවන්හලට ආවොත් ඉඩ සැලසෙනවා.

kamu1

සේවාව
මේ අවන්හලේ හොඳ කාර්ය මංඩලයක් සේවයේ නියුතුව ඉන්නවා.ඔවුන් මෙහි යන එන අයගේ ඕනැ එපා කම් හොඳින් හොයා බලනවා.සුහදශීලී සේවාවක් ලබන්න මේ අවන්හලට ආවොත් ඔබටත් පුලුවන්.

මග

මේ අවන්හලට පිහිටන්නේ දඹුල්ල නගරයේ ඉඳන් ඉනාමලුව හංදිය පහු කරලා මීටර් 250ක වගේ දුරකින් පාරෙන් දකුනු අත පැත්තට වෙන්නටයි.කලු පැහැති පසුබිමේ සුදු පැහැයෙන් කමු කියන නාමය සහිත නාමපුවරුව නිසා ලේසියෙන්ම මේ තෑන හොයාගන්න පුලුවන්.අවන්හලට සැලකිය යුතු ප්රමානයේ වාහන නවතා තැබීමේ පහසුකමත් තියන නිසා පුද්ගලික වාහනයකින් යන එන අයට පහසුයි.

මෙතන දුරකථන අංකය වෙන්නේ 0665677440.රාත්රී 11 පමන වෙනතුරු මේ අවන්හල විවුර්ථ වෙලා පවතිනවා. ඔබත් සීගිරිය නරඹන්න ආවොත් හරි දඹුල්ල නගරය පසු කරමින් ට්රින්කෝ පැත්තට යනවා නම් හරි ගොඩ වෙලා රසවත් ආහාර වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට Kamu Restaurant Dambulla හඳුන්වන්න පුලුව්න්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *