කන්න බොන්න කලින් එන්න

වරක් කෑවොත් ආයෙත් එන්න හිතෙන කළුතර කැම්රෝස් අවන්හල – Kamrose Restaurant Kaluthara

banner

කලුතර පැත්තේ රවුමක් ගහන කෙනෙක්ට බජට් එකට ගැලපෙන් විදියට කෑම ‍තෝරගෙන කන්න සුපිරි තෑනක් ගැන කියන්නයි අද අපි ලෑස්ති වෙන්නේ.මේ අවන්හලේ නම කැම්රෝස්.පිහිටන්නේ කලුතර නගරයේ.පෙනුම ටිකක් වගේ සාමාන්‍ය පෙනුමට ත්බුනත් අනික් සාමාන්‍ය අවන්හලකට වඩා වෙනස් විදියේ ආහාර වගේම හොඳ සේවාවකුත් සහිතව පවත්වාගෙන යන අවන්හලක් විදියට මේ අවන්හල හඳුන්වා දෙන්න පුලුවන්.

වටපිටාව

kamrose2

මේ අවන්හල මහල් දෙකකින් යුක්තයි. ආහාර ගන්න තියෙන්නේ අවන්හලේ උඩු මහලේ.පහත වෙන් වෙන්නේ කැශියර් එක සහ ටේක් අවේය් සඳහායි.එක වර වාහන 4ක් වගේ දාන්න පුලුවන් පාකිං පහසුකම ඔවුන් සතුයි.ගොඩක් කාර්්‍ය බහුල තැනක් නොවන නිසා පාකිං එක මේ එන අයට අපහසුතාවයකට මුහුන පාන්න වෙන අවස්තා අඩුයි.පහල මාලයේ ඔවුන්ගේ කෑම වල මිලගනන් සහිතව බිත්තියේ සියල්ලම දර්ශනය කරලා තියනවා.

kamrose

ආහාර ගන්න ඔබ ඉහල මහලට පැමිනිය යුතුයි.ෆෑන් සවි කරපු ඉහල මහලේ ඉඳන් ආහාර ගන්නව නම් වීදුරුව අයිනට ආවොත් වටපිටාවත් හොඳින් පේනවා.දවල් වරුවට නම් ටිකක් විතර මේකේ ඇතුල ටිකක් රස්නෙයි.

මෙනුපත

මේ අවන්හලේ ලොකු මෙනු එකක් තියනවා.ඒ කොහොම උනත් මෙනු එකේ තියන හැම කෑමක්ම ඔවුන් සතුව නෑ.ඉතින් කැම ඕඩර් කරන්න කලින් කන්න තෝරගන්න එව්ව තියනවද කියලා මුලින් දැනගන්න එකයි හොඳයි.මේ menu එකේ හැටියට නම් ස්ටාටර් වල ඉඳන් සුප් රයිස් නූඩ්ල්ස් රයිස් වර්ග සි ෆුඩ් වර්ග වගෙම සැලඩ් සහ ඩෙසර්ට් වර්ග ගනනාවක් ‍තෝරගන්න හැකියි.

kamrose3

මේ කැම වල ප්‍රමාන තුනකින් ඔබට කෑම ඇනවුම් කරන්න පුලුවන්.ස්මෝල් මීඩියම් සහ ලාජ් විදියට ඒ කෑම ඕඩර් කරන්න පුලුවනි.රයිස් වර්ග වලින් සෙට් මෙනු ගොඩක් 400 යේ මිල සීමාවේ පවහ්නවා.ඒ කෑම ස්මෝල් උනත් තනි කෙනෙක්ට ඇති වෙන්න කන්න පුලුවනි.කෑම වල රසත් ඉස්තරම් කියන්න පුලුවන්.

kamrose3

මෙහි ෆ්‍රයිඩ් රයිස් එක වගේම චීස් චිකන් කොතුව මෙහි යන එන අය අතරෙ ගොඩක් ජනප්‍රියයි.මේ කොත්තු එක ඔවුන් කදුන්වන්නේ කැම්රෝස් ස්පෙශල් කොත්තු කියලා.ඇති වෙන්න චිකන් සහ චීස් එක්ක මේ කොත්තුව වරක් කෑවොත් ඔබ තවත් දවසක් මේ කොත්තුවේ රස බලනවමයි.ඒ තරමට එය රසවත්.රාත්‍රී වරුවකට නූඩ්ල්ස් හරි චීස් සහ චිකන් එක්ක spagati එක හරි මෙහි ආවොත් ඔබ උත්සහ කරන්න පුලුවන් තවත් රසවත් කෑමක්.මේ ඔකොම 400 මිල සීමාවේ පවතින්නේ.

මේ අවන්හලේ කෑම ඇට්තටම ගොඩක් රසයි.ඔවුන්ගේ අවන්හලේ ප්‍රධාන පාඨය කෑවොත් එක වරක් කනවා නිසෑයි තවත් වරක්.ඇත්තටම ඒ දේ එහෙමයි කියන්න පුලුවන් මට්ටමේ කියන්න පුලුවනි.

සේවාව

මෙහි සේවාව ඉතා හොඳ මට්ටමේ තියනවා.මෙහි ඉන්න සේවකයන් ඉක්මනින් බට ඕනි කරන කෑම මේසයටගෙනත් දෙන්න සූදානමින් ඉන්නේ.ඒ වගෙම ඔවුන් හොඳ සුහදශීලී අය.ඔවුන් සතුව catering පවත්වාගෙන යන බව තමයි දැනගන්න ලැබුනේ.

මග

මේ අව්න්හල පිහිටන්නේ කොල්ඹ ගාල්ල ප්‍රධාන පාරට මුහුනලායි.ඔබ කොලඹ ඉන්න්හන් එනවා නම් කලුතර නගරයේ කලුතර දකුන පොලීසිය පසුවෙනවාත් එක්කම පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.

ඔබ ගාලු පාර දිගේ දකුනු ලකට ට්‍රිප් එකක් යන අතරේ අතේ ඇති මිලට රසවත් කෑම වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ Kamrose Restaurant හන්දුන්වන්න පුලුවනි.කලුත්‍ර අවන්හලට අමතරව ඔවුන්ගේ තවත් ශාලාවක් පානදුර නගරයේ පවතිනවා.මෙහි දුරකථන අංකය වෙන්නේ 034 4 905050.මෙතා දවල් වරුඒ ඉඳන් රාත්‍රී එකොලහ දක්වා විවුර්ථයි.ඔබත් කලුතර පැත්තේ ආවොත් රසවත් කෑම වේලක් කන්න යන්න මේ කැම්රෝස් අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *