කන්න බොන්න කලින් එන්න

Grashia Restaurant – Nuwaraeliya උනු උනුවෙන් සාක්කුවට පහසු මිලට කන්න නුවර එලියේ ග්‍රාශියා අවන්හල

banner

ගොඩ දෙනෙක් නුවර එළියේ එන්නේ නිදහසේ නිවාඩුව විදගන්න.නුවර එලි ඇවිත් රසට වගෙම සාක්කුවට පහසු වෙන විදියට කැම වේලක් ගන්න තැනක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්.මෙහි එන සංචාරකයන් වැඩි නිසා කැම බීම වල මිල ගනනුත් ටිකක් විතර වැඩියි.අපි අද කියන්න යන්නේ නුවර එලියේ තියන අවන්හලක තොරතුරු.මේ අවන්හල නමින් ග්‍රාශියා අවන්හල .ඔබ මෙතනට ආවොත් කටට රසට වගේම සක්කුවට පහසු මිලකට හොඳ ආහාර වේලක් ගන්න පුලුවන්

වටපිටාව

grashiya2

අවන්හලේ පිටින් නම් පේන විදියට සාමානය හෝටලයක් වගේ තමයි පෙනුම.අවන්හල පිහිටන්නේ නුවර එලිය නගර මැදට වන්නටයි.මෙහි උයන තැන අවන්හලේ ඉදිරිපසට වන්නටයි තියෙන්නේ.එක පසකට කවුන්ටරේ සහ උයන කොටස වගෙම අනික් පස ඉඳන්ම මේස පු‍ටු සකස් කරලා තියනවා.මේ අවන්හලේ ඇතුලත ලොකුවටම පිරිසිදු කමක් නෑ.ඒ වගෙම ඇතුලත පොඩ්ඩක් විත්‍ර අඳුරු ගතියක් තියනවා.අවන්හලේ ඇති ප්‍රධාන කැම වර්ග සහ එහි මිල ගනන් මෙතන පැහැදිලිව පෙනෙන්නට ඉදිරිපසින්ම දර්ශනය කරලායි තියෙන්නේ.ටිකක් ඇතුලට වෙන්නට වාඩි උනා නම් වැඩිය භාහිර සද්ද වලින් තොරව රසවත් කෑම වේලක රස බලන්න පුලුවනි.

මෙනුපත

????????????????????????????????????

මේ අවන්හලේ කැම ඉතාම රසවත් ඒ වගෙම උනු උනුවෙන් පිඟානට ලැබෙනව කියන්න පුලුවනි.නුවර එලිය වගේ සීත ප්ලාතකට ඇවිත් උනු උනුවට කෑම කන්න නැති උනොත් වැඩක් නෑ නේනේ.මේ අවන්හලේ සුප් වර්ග රයිස් වර්ග ඔමලට් චොප්සි තම්බපු එලවලු සීෆුඩ් වගෙම චිකන් විවිද රසයෙන් කන්න ගන්න පුලුවනි.

grasia

රයිස් කන්න ගන්නවා නම් බිරියානි ෆ්‍රයිඩ් රයිස් සහ නාසි ගුරං වගෙම සී ෆුඩ් රයිස් වගෙ කෑමත් කන්න ගන්න පුලුවනි.ඒ වාගේ මිල සාමාන්‍යයෙන් 200-400 වගේ මිල සීමාවේ තමයි තියෙන්නේ.නූඩ්ල්ස් වර්ග චිකන් විශියට මික්ං ෆ්‍රයිඩ් වෙජිටබල් එග්, සී ෆුඩ් වගේ විවිද ක්ර්මයට කන්න ගන්න පුලුව්නෛ.චිකන් සෝසේජස් සහ සී ෆුඩ් විවිද විදියට වෙනම ඩිශ් මේසයට ගෙන්වා ගන්නත් පුලුවනි. ඒ අතරෛන් ඩෙවල් කල චිකන් පීරිසියක් 400 මිල සීමාවේ පවතිනවා.ඩෙවල් කල සොසේජස් රුපියල් 250ක් වගේ මිලක් වෙන්නේ.

grashiya3

සවස් වරුවට මෙහි ආවොත් කොත්තුවක් කන්නත් පුලුව්නෛ.උනු උනුවට කොත්තුවත් ඉතාම රසවත්.ඒත් එක්කම උනුවට ප්ලේන්ටියකුත් දිව පිච්චි පිච්චි බොන්න .වෙනස්ම අත්දැකීමක් වෙනවා නො අනුමානයි.නුවර එලියේ සීතලත් එක්ක මේ කොත්තුව වෙනස්ම අත්දැකීමක් කියන්න පුලුව්නෛ.සමස්ථයක් විදියට කිව්වොත් ඔබ මෙහි ආවොත් ඔබ ගෙවන මිලට හොඳ කෑම වේලක රස බලන්න පුලුව්නෛ.ඔබේ කෑම් පිඟාන්ට ලැබෙන ප්‍රමාන්යත් ඇති තරම්.

සේවාව
මෙහි හොඳ සේවාවක් ඔවුන් සපයන බවත් කියන්න ඔනෛ.මේසයට කෑම එක එන්න විනාඩි දහයක් විතර ගත වෙනවා.ඒ වගෙම මෙහි වැඩ කරන අය මේ අවන්හලට එන අයට හොඳින් සලකන බව කියන්න ඕනි.මෙහි වැඩ කරන සියලු දෙනාම හොඳින් මෙහි එන අයට සලකන බව පේනවා.නුවර එලියේ මේ විදියේ කෑම පිරිනමන අවන්හල් වල බොහොමයක සේවා ගාස්තුත් බිලට එකතු කරනවා.නමුත් මේ අවන්හලේ සේවා ගාස්ත් අය කෙරෙන්නෙත් නෑ.

මග

මේ අවන්හල පිහිටන්නේ නුවර එලියේ නිව් බසාර් වීදියේ .තැන හොයාගන්න එක නම් ඒ තරම් අපහසුවක් නෑ.නුවර එලියේ මාකට් බිල්ඩිං එකට එයායි ඇති කීල්ස් සුපර් මාකට් එකට ඉදිරිපසින් තමයි මේ අවන්හල පිහිටන්නේ.නුවර එලිය නගරයට ඇවිත් කීල්ස් ෆුඩ් සිටිය හොයන් ආවොත් එතනින් පාරෙන් අනික් පසට වන්නටයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හල උදේ ඉඳන් රාත්‍රී වෙනතුරු විවුර්ථයි.ඔයාලත් නුවර එලි පැත්තේ සංචාරයකට එනවා නම් අතේ සැක්කුවට පහසු මිලකට රසවත් කෑම වේලක රස බලන්න Grashia Restaurant එකට ඇවිත් යන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *