කන්න බොන්න කලින් එන්න

Five Star Bakers – Rathmalana තරු පහේ නමක් තියන පුංචි බේකරි අවන්හල

රත්මලානේ පිහිටි බේකරියක් ගැන තමයි අද ඔබට කියන්න යන්නේ.එය නමින් ෆයිව් ස්ටාර් බේකර්ස්.ගාලු පාරේ වගෙම රත්මලාන පිරිවෙන පාරෙත් ඔවුන්ගේ අවන්හලක් තිබෙනවා.ඒ වගේම ගල්කිස්සෙත් ඔවුන්ගේ බේකරි නිපැවුම් අලෙවිසලක් තියනවා.අපි අද ගොඩ වැදුනේ රත්මලානේ ගාලු පාර අයිනේ පිහිටි අවන්හල වෙත

වටපිටාව.

fivestar0

මෙය ඉතා ලොකු ඉඩක් ඇති අවන්හලක් නෙවෙයි.කුඩා ස්ටූල් ස්සහිතව මේස ඇතුලත තියෙනවා. ඒ අතර ඉඩ කඩ නම් අඩුයි.ටිකක් ඇහිරිලා වගේ.මෙහි සේවය කරන්නේ කාන්තාවන්.ඔවුන්ම කැශියර් වැඩෙත් කරනවා.ඇතුලත හොඳින් පිරිසිදුව පවත්වාගෙන යනවා.

බඩජාරි මෙනුපත

fivestar3

මෙහි ලංකාවේ කන්න ගන්න සාමාන්‍ය ශෝට් ඊට්ස් වර්ග හැම එකක් ම කන්න ගන්න පුලුවන්. ඒ නිසා ලොකු මෙනු එකක් තියෙනවා.මෙහි ආහාර අතර වඩා ජනප්‍රිය කඩේ පාන් නමින් හඳුන්වන පාන් එක සහ සැන්ඩ්විච් පාන් එක.අනික් කැම වර්ග නම් සාමාන්‍යයි කියන්න පුලුවන්. සියලු කැම වර්ග වල විශේශිතව කියන්න දෙයක් නෑ.සාමාන්‍ය මට්ටමේ රසක් තියෙනවා.මේවයේ ගනන් නම් එතරම් නෑ.කට්ලට් එකක් 30යි.චයිනීස් රෝල් එකක් 40ක් වෙන්නේ..මාලු පාන පේස්ට්‍රි රොටී ඔම්ලට් බන් ඕනි එකක් 40 මිල සීමාවේ යන්නේ.සබ්මැරීන් බන් එකක් 100ක් වෙනවා. ඒක නම් ප්‍රමානෙන් ටිකක් විශාලයි.බර්ගර් සහ පීසත් ඔවුන්ගේ මෙනු එකේ තියනවා.ඒකක් 80ක් වෙනවා.

fivestar2

ශෝට් ඊට්ස් වලට අමතරව කේක් වර්ගත් මෙතන කැමට ගන්න පුලුවන්.පුන්චි බටර් කේක් කෑල්ලක් 35ක් වෙනවා.ඒ වගේ අයිසිං බටර් කේක් ඩේට් ක්ලේක් ෆෘට් කේක් බිබික්කන් චීස් කේක් වගේම වෙඩිං කේක් එහෙමත් මෙහි විකුනන්න තියෙනවා.කප් විදියට කන්න ගන වටලප්පන් කැරමල් බිස්කට් පුඩිං සහ චොකලට් මූස් කප් කන්න ගන්න පුලුවන් .ඒ ඕනි එකක් 50යි වෙන්නේ.. දෙන්නෙක් ආවොත් රුපියල් 300ක් යනකොට බඩ පිරෙන්න කන්න පුලුවන්.

fivestar1

සේවාව

සේවාව මෙතන හොඳ මට්ටමේ එකක්. ගොඩක් වෙලාවට කාර්‍ය බහුල නැති නිසා ඉක්මනට තමන්ට අවශ්‍ය කෑම කන්න ගන්න පුලුවන්.කැම සපයන අයම බිල් පත දෙනවා. ඔබට කැම අවශ්‍ය නම් ඔවුන්ගෙන් එව්ලේ ඉල්ලගෙන කාලා අදාල මිල ගෙවන්න පුලුවනි.

මග

මෙතනට එනවා නම් ඔවුන්ගේ ලිපිනය වෙන්නේ 387 E/1 ගාලු පාර රත්මලාන.කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් ගල්කිස්ස පොලිසිය පහු කාලාට පස්සේ මෙටර් 600ක් විතර ගාලු දෙසට ගියාම වම් අත පැත්තෙන් හොයාගන්න පුලුවන් ෆයිව් ස්ටාර් බේකර්ස්.

මෙතන උදෑසන 6 සිට රාත්‍රී 9 පමන වන තුරු විවිර්ථයි.මේ පැට්තේ ආවොත් ඇවිත් කෙටි කැම වේලක රස බලන්න හොඳ අවන්හලක් තමයි Five Star Bakers.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan