කන්න බොන්න කලින් එන්න

Devon Restaurant – Kandy නුවර බඩජාරින්ගේ ජනප්‍රිය නවාතැන ඩෙවොන් රෙස්ටොරන්ට්

banner

නුවර ගොඩක් දෙනෙක් දන්න කියන තැනක් තමයි ඩෙවොන් රෙස්ටොරන්ට් එක.නගරය මැද පිහිටි දෙමහල් මෙම අවන්හලේ බේකරි කැම වර්ග සහ ලාංකීය ආහාරත් චීන ඉංදීය රසයට ආහාරත් ගන්න පුලුවන් තැනක්. අපි අද කියන්න යන්නේ ඩෙවොන් එකේ කැම ගැනයි.

වටපිටාව

devon2

මෙතන කලින්ම කිව්ව වාගේ මහල් දෙකකින් යුක්තයි.පහත මාලයේ බේකරි කෑම ගන්න පුලුවන්. එහි මේස පු‍ටු හොඳින් අසුරලා කෑම ගන්න පුලුවන් වෙන විදියට. ඉහල මහල ඔවුන් නම් කරලා තියෙන්නේ කැප්ටන්ස් චෙයාර් කියලා. ඒ සී පහසුකම් සහිත මෙහි මේස පු‍ටු කුශන් කරලා ඉතා සැප පහසුයි. හොඳින් පිරිසිදුව අවන් හල පවත්වාගෙන යනවා කියන්න පුලුවන්.ඉහල මාලයේ අයිනකට ලන් උනා නම් පහල වීදියේ සිදුවෙන දේවල් බලමින් ආහාර ගන්න එක කදිම අදහසක්.මෙතන දිවා සහ රාත්‍රී ආහාර වේලවල් වලට නම් ගොඩාක් ම කාර්‍ය බහුලයි.

devon3

බඩජාරි මෙනුපත

අප මෙහි ඕඩර් කලේ ෆ්‍රයිඩ් රයිස් එකක් සමග ඉස්සෝ පිඟානක් බිරියානියක් සහ මික්ස් රයිස් එකක්.ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක ලැබුනු ඉස්සෝ පිඟාන දුම් දමමින් මේසයට ආවා.ඇත්තටම එහි නිමාව ඉස්තරම්. කටට කෙල උනන සුලුයි.ආහාරයට ගත්තු ෆ්‍රයිඩ් රයිස් එක ඒ තරම්ම ලොකු විශේශතයක් නම් නෑ. ශැප්. ඉස්සෝ නම් රසයි. ඒ රස කෑම එක අවසන් වන තුරු ඉවර කරන්න ප්‍රමානවත්.බුරියානි එක ගැන කියනවා නම් එහි රසත් සාමාන්‍ය මට්ටමේ. කියන්න තරම් නරකක හෝ හොඳක් නෑ. එහි බිත්තරයට සහ ලොකු චිකන් කෑල්ලට අමතරව කට්ලට් එකකුත් තිබුනා. එය ටිකක් වෙනස්.

devon5

අපි කලින් අහලා තිබුනු විදියට ඩෙවොන් එකේ මික්ස් රයිස් එක සුපිරි. ඉතින් අපේ ලොකුම උනන්දුව තිබුනේ මික්ස් රයිස් එක ගැන. ඒක හඳා පෝක් බීෆ් චිකන් තුනම එක්ක මික්ස් රයිස් එකක් ගෙන්නවා ගත්තා.එහි ප්‍රමානය ඇති. රස හොඳයි. සුපිරිම නෑ. ඒත් ඇත්තටම එය රසයි.අපි ආහරයට ගත්තු කෑම වර්ග තුනෙන් රසම මික්ස් රයිස් එක.. ඒත් මීට වඩා රසයක් අපි බලාපොරොත්තු උනා.මික්ස් රයිස් එකේ තත්වය පොඩ්ඩක් විතර බාල කරගෙනද මන්දා. ඒත් ඒක ඔබට අත්හදා බැලිය හැකි තරම් රසයි.

ඩෙසර්ට් විදියට අපි අයිස් ක්‍රීම් සහ පලතුරු යුශ වීදුරුවක රස බැලුවා. ඇත්තටම එය හොඳ මට්ටමේ . රසවත් බවින් යුක්තයි.බඩේ ඉඩ පිරෙන්න ඒ වා ප්‍රමානවත්. සමස්තයක් විදියට ගත්තොත් ඩෙවොන් කෑම හොඳයි.කොහොම උනත් අපිට මේ මෙනු එකට ඩෙසර්ට් එක්ක 2000ක් වගේ ගියා. තුන් දෙනෙක්ට. එය පොඩ්ඩක් විතර ගනන වැඩියි වගේත් හිතුනා. ඒත් ලොකුවටම මිල වැඩියක් නෑ.

මෙහි ලාංකික විදියට සහ මුහුදු ආහාර දිවා සහ රාත්‍රී ආහාර විදියට ගන්න පුලුවන්.ඒ වගේම කොත්තු ස්නැක්ස් පැනි රස කෑම සහ බීම වර්ගත් ගන්න පුලුවන්.නුවර වීදියේ සීතලට කවුලුවකින් වීදිය දිහා බලමින් උනුසුම් තේ කෝප්පයක් බොන එකත් හොඳ අදහසක් වේවි.

සේවාව

සේවාව එතරම් හොඳ මට්ටමක නෑ. ඔවුන් මිත්‍රශීලී බවක් නම් නෑ. වේටර් වරු හිනා වෙන්න දන්නේ නැති අයද මන්දා.. ඔවුන් ඒ දේ නම් ටිකක් වර්දනය කර ගත යුතුයි කියලා හිතනවා.මේසයට කෑම එන්න නම් ඒ තරම් කාලයක් ගියේ නෑ.ඒත් ඔවුන්ගේ සේවාව මිත්‍රශීලී කම ගැන නම් සතු‍ටු වෙන්නබෑ..

මග

මෙතනට එනව නම් දලඳා වීදියේ එන්න ඕනි.එක්ස්පෝ ග්‍රැ‍ෆික් පොත් කඩේ ට ආසන්නයේමයි පිහිටා තියෙන්නේ..තැන හොයා ගන්න එක ඒ තරම් අපහසු නෑ.

පවුලක් එක්ක උනත් එකට ඇවිත් ආහාර ගන්න පුලුවන් මෙතන. පොඩි දරුවන්ට සෙල්ලම් කරන්න පොඩියට පහසුකමුත් මෙතන තියනවා. ඒ වගේමයි සෙනසුරාදා සහ ඉරිදා දිනවලට සංගීතයත් සැපයෙනවා.ඔබත් නුවර ආවොත් ඩෙවොන් එකෙන් කාලා යන්න අමතක කරන්න එපා


Comments to Devon Restaurant – Kandy නුවර බඩජාරින්ගේ ජනප්‍රිය නවාතැන ඩෙවොන් රෙස්ටොරන්ට්

  • Meka melo rahak nathi thanak… meeta wada Leons eka siri Ramya eka 1000 gunayak rasai

    asa August 20, 2015 3:49 am Reply
  • Captain’s chair newei captain’s table. Devon pastry and onama kaamak patta!

    Gopal June 2, 2016 8:59 am Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *