කන්න බොන්න කලින් එන්න

Curry Pot – Kollupitiya කොල්ලුපිටියෙන් ගමේ රසට කෑම කන්න කරි පොට්

banner

මැරීන් ඩ්‍රයිව් එක පැත්තේ තියන කටට රහට කන්න පුලුවන් අනර්ග තත්වයේ අවන්හලක් ගෑන කියන්නයි අද අපි යන්නේ.නමින් මෙතන කරි පොට්.තියෙන්නේ කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ.ගෙදර උයලා වගේ රසට රසවත් කෑම වේලක් කන්න ගන්න නියම තැනක් තමයි මේ කරි පොට් කියන්නේ.2015 වර්ශයේ ආරම්භ කල මේ අවන්හල කටට රසට බත් වේලක් කන්න හොයන මේ අවට ගොඩක් දෙනා අතර ගොඩක් ජනප්‍රියයි.අපි අද කියන්න යන්නේ මේ කරි පොට් එකේ විස්තරේ.

වටපිටාව

currypot

මේ කරි පොට් අවන්හල පිහිටන්නේ මැරීන් ඩ්‍රයිව් එකේ ඉතින් මෙතන ට කියල වෙනම පාකිං එකක් නෑ.කොහොම උනත් මේ කිට්‍ටුවෙන් පාර අයිනේ වාහනයක් නවත්ත ගන්න නම් පුලුවනි.මේ ගොඩනැගිල්ල පිටින් බලනකොට ටිකක් විතර වෙනස් එකක්.පිටතින් සුදු පැහැ වීදුරු කවුලු වලින් යුක්තව දුඹුරු පැහැයට හුරු පාටින් යුක්ත ඉහල මහල් බිත්ති සහිත ව අවන්හලට අදාල කොටසේ සුදු පැහැයෙන් තීන්ත ආලෙප කරලා තියෙන ගොඩනැගිල්ලක් මේක.එහි පැත්තක කුඩාවට සහ ලොකුවට ඔවුන්ගේ නාමය ඇතුලත් කරලා තියනවා.මෙහි අවන්හලේ ඇතුලත පිරිසිදුව සහ වැඩි විච්චූරන නැතුව සරලව පවත්වාගෙන යනවා..

currypot2

මෙහි ඇතුලත කහ පැහැයට හුරුව විදුලි පහන් දල්වලා තියනවා..සුදු පැහැයෙන් යුත් බිත්ති මත රාමු කරපු පින්තූර අවන්හලට ගෙන එන්නේ චාම් ගතියට මුසු උනු සුන්දරත්වයක්.ඇතුලත ලීයෙන් හදපු මේස සහ පු‍ටු පිලිවෙලකට අසුරලයි තියෙන්නේ.බත් සහ මාලු පිනි පිලිවෙලකට තබා ඇති තන ඉහලින් පිහිටි උලු වහලය අවන්හලට අමුතු ගතියක් එකතු කරලා තියනවා කියන්න පුලුවනි.
මෙනුපත

currypot4

මෙතන ඇවිත් කන්න තියෙන්නේ රයිස් ඇන්ඩ් කරි තමයි.සමස්ථයක් විදියට මේ කෑම ඉතා රසවත්.අපි කලිනුත් කිව්වා වගේ ගෙදර හදපු කෑම වේලක් වගේ රසයට කෑෂ්ම කන්න ගන්න පුලුවනි.මෙතන බත් එක්ක කන්න මාලු පිනි විස්සක් විතර ඔබට කැමති විදියට ‍තෝරාගන්න පුලුවනි.වෙජිටේරියන් විදියට වගෙම එග්, ‍ෆිශ් ,චිකන් දැල්ලෝ ඉස්සෝ එලු මස් කියන කෑම වර්ගත් එක්ක තමන්ට කෑමති මාලු පිනි වර්ගයක් ‍තෝරාගන්න පුලුවනි.

currypot6

එලවලු වර්ග 4ක් එක්ක කලින් අපි කිව්ව කෑමති මස් මාලු වර්ගයක්ප පඩමකුයි බැදපු මිරිස් කරලකුයි එක්ක 220ක් වගේ වෙනවා.එග් කෑම එකක් නම් 200ක්.මේ මිල ගනන් ඔවුන්ගේ පොදු මෙනු එක.මීට වඩා තවත් මාලු පිනි කැමති එකක් කෑම වෙලට එකතු කරගන්න පුලුවනි කෑමති විදිය්ට.ඒ සඳහා අමතර මුදලක් ගෙවන්න වෙනවා.රයිස් ඇන්ඩ් කරි වගේම බිරියානි ත් මෙතන කන්න ගන්න පුලුවනි.ඒකක් 350ක මිලක් වෙනවා.ඔබ මෙතනට ආවොත් හොඳම දේ ගමේ කැම දෙකතුනක් එක්ක රයිස් ඇන්ඩ් කරි රස බලන එක තමයි.

currypot7

ඔවුන්සතුව රසවත් කොල මැල්ලුම් රසම රස පොලොස් මාලුව දෙල් කොස් වගේ කෑම නැති වෙලාවක් නෑ.කොලඹ නගරයේ මේ විදියට තමන්ට කැමති විදියට රසට කන්න පුලුවන් තැන් අඩු නිසා මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.මේ කෑම එකක පෝශන් එකත් ටිකක් ලොකුයි.අඩුත් නෑ වැඩිත් නෑ කියන්න පුලුවනි.

ඩෙසර්ට් විදියට වටලප්පන් අයිස් ක්‍රීම් වගේම මී කිරිත් කන්න ගන්න පුලුවනි.දෙන්නෙක් ඇවිත් කෑම කන්න ගන්නව නම් බඩ පිරෙන්න්න කන්න රුපියල් 600ක් හොඳටම ඇති කියන්න පුලුවනි.

සේවාව

මෙතන වැඩ කරන අය කඩිසරව වැඩ කරන බවක් පේනවා.සාමානයැන් ඔ‍ෆිස් වෙලාවට මෙතන ටිකක් විතර දිග පෝලිමක් සෙට් වෙනවා.ඉතින් මෙතන සේවය කරන අය කඩිසරව වැඩ කරමින් එන අයට හොඳ සේවයක් ලබා දෙන්න කටයුතු කරන බවක් පේන්න තියනවා.

මග

මෙතනට එනවා නම් තැන හොයා ගන්න ලේසියි.හරියටම කිව්වොත් කොල්ලුපිටිය කඩුවෙල බස් ගමන පටන් ගන්න තැන කිව්වොත් හරි.මැරීන් ඩ්‍රයිව් එක ගාලු පාරට සම්බන්ද වෙන හරිය කිට්‍ටුවම කිව්වොත් හරි.

මෙතන දුරකථන අංකය වෙන්නේ 0112370119.ඔබත් කොල්ලුපිටිය පැත්තේ ඇවිත් සාධාරන මිලකට කටට රහට ගමේ රසට කෑම වේලක් කන්න Curry Pot එකට ඇවිත් යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *