කන්න බොන්න කලින් එන්න

ටී එම් ඩිල්ශාන්ගේ සුපිරි අවන්හලට යමු – Cricketers Arms Wellawaththa

banner

කොලඹ නගරයේ රසවත් ආහාර වේලක් ටිකක් වෙනස් විදියට ගන්න පුලුවන් වෙනස් විදියේ අත්දැකීම් ලබාදෙන තැන් අතර තවත් විශේශිත තැනක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.මේ අවන්හල ක්‍රිකටර්ස් ආම් නැත්නම් පැවිලියන් කියලත් හඳුන්වනවා.මෙතන් තියන විශේශත්වය මේ අවන්හල ක්‍රිකට් තේමාව කරගෙන පවත්වාගෙන යන අවන්හ්ලක්.මෙයට හේතුව වෙලා තියෙන්නේ මේ අවන්හල අපි කවුරුත් දන්න ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් විසින් ආරම්භ කරන ලද්දක් වීම.මෙතන බොටික් හෝටලයක් විදියටත් පවත්වාගෙන යනවා.අපි අද කියන්න යන්නේ මේ අවන්හලේ විස්තර

වටපිටාව

මෙතන වාහනයක් ආවොත් පාක් කරගන්න පුලුවන් මට්ටමේ හොඳ ඉඩ කඩක් පවතිනවා.පිටින් බලනකොට ගෙදරක් වගේ තමයි දිස් වෙන්නේ.මෙහි ඇතුලත ඉතා අනර්ග ලෙස සකස් කරලා තියෙනවා.මෙහි ඇතුලත ඩිල්ශාන් ප්‍රමුක ක්‍රිකට් කන්ඩායමේ පින්තූර එල්ලා තියනවා දකින්න පුලුවනි.ඒ වගෙම අත්සන් කරන ලද ක්‍රිකට් ඔඉත් වලින් එක බිත්තියක් සමන්විත වෙනවා.තවත් කොටසක අත්සන් දැමූ ලෙදර් බෝල මනව අසුරලා එය තනතිල්ලක් වැනො යමක් මත අසුරා ඇති ආකාරයත් අලංකාරයි.ඒ වගෙම ක්‍රිඩකයන් භාවිත කල ජර්සි පවා බිත්ති මත අලංකාරයට එල්ලලා තියනවා.
ක්‍රිකට් වලට අදාලව තේමාව පවත්වාගෙන යාමට මේ අවන්හලේ වටපිටාව නිර්මානය කරලා තියන අයුර මනා පි‍ටුවහලක් වෙලා තියනවා කියන්න ඕනි.මෙහි මෙනු පත පවා තියෙන්නේ ලෙදර් බෝලයක් විදියටයි.
ඇතුලත ගෘහ භාන්ඩ දැවයෙන් මනා ලෙස නිමවපුවා කියන්න පුලුවන්.ඇතුලත කුශන් වලින් කරන ලද ලොකු හාන්සි පු‍ටු වගේම පුන්චි ස්ටූල් පවා තබා තියනවා.බිමත් සිමෙන්ති පොලව උනත් අගනා විදියට නිර්මානය කරලා තියෙනවා.ඇතුලත නිස්කලංක විදියටත් පිරිසිදුවත් පවත්වාගෙන යනවා කියන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

මෙහි යුරෝපීය ,චීන ,තායි ,ලාංකික ආකාරයේ කෑම වර්ග කෑමට ගන්න පුලුවනි.මෙහි මෙනු එකට සලාද සුප් ප්‍රධාන ආහාර වර්ග සහ ඩෙසර්ට් ගන්න පුලුවනි.විවිද වර්ගයේ ආහාර අපි කලින් කිව්ව වර්ග යටතේ මිලට ගන්න පුලුවනි.මුලින්ම සුප් වර්ග ගැන කිව්වොත් මේ සුප් වර්ග ඉතා හොඳ මට්ටමේ තියනවා.Pumpkin සහ batar මිශ්‍ර සුප් එකක් 410ක් වෙනවා හරි potato and smoked chorizo සුප් එකක් හරි බොනවා නම් එය මිලෙන් 490ක්.මේ ගොඩක් සුප් වර්ග ගනකමට ක්‍රීම් ගතියෙන් යුක්තයි.ඒ වගෙමයි රසයත් හොඳමට්ටමක තියනවා කියන්න පුලුවනි.අපි කිව්ව potato and chorizo ලැබෙන ගාලික් බ්‍රෙඩ් එකත් ඉතා අනර්ගයි.

අපි මෙහි අවිත් උත්සහ කල කැම අතර ඩිලීගේ සී ෆුඩ් ප්ලැටර් එක විශේශිත කෑමක්.ඩිල්ශාන්ගේ නමින් මේ කෑම මෙනුව නම් කරලයි තියෙන්නේ.කොහොම උනත් මේ ප්ලැටර් එකේ ඇති වෙන්න සී ෆුඩ් නම් නෑ.ඒක balmain bugs,king fish,tiger prawns,squids,musselsවලින් යුක්තයි.ප්‍රමානය නම් පොඩ්ඩක් වගේ.මිල 2300ක්.ගානත් එක්ක බලනකොට මේ මෙනු එක එතරම්ම හොද මට්ටමක නෑ.මේ මෙනු එකේ තිබෙන රසවත් කෑමක් විදියට pork loin chop එක හඳුන්වන්න පුලුවනි.අඹ ජෑම් තැවරුනු ඌරු මස් ඉතා රසවත් මෙන්ම ටිකක් වෙනස් රසයක් ඇති කරනවා කියන්න පුලුවනි.

ඔබ චිකන් රසයට කැමති කෙනෙක් නම් බැසිල් චිකන් එක ඉතාම හොඳ තේරීමක් කියන්න පුලුවනි.එය ඉතා අනර්ග මට්ටමට පිසිලා තියනවා.බැසිල් සෝස් එකත් එක්ක ගාලික් රයිස් එකක් කනවා නම් ඉතාම රසවත් ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.Austrailain Steak එකත් මේ මෙනු පතේ එන යුරෝපීය කෑමක් .ඒත් එය නම් ගොඩාක් රස නෑ කියන්න පුලුවනි.sauerbraten කියන්නේ ජර්මානු විදියට සකස් කරන බීෆ් එක්ක ගෝවා සහ අල මිශ්‍ර කෑමක්.ඉතින් මේ ක්‍රිකටර්ස් ආම් එකේ මේ ආහාර වේලත් ඉතාම රසවත්.මේ ආහාර වෙල දැකීමත් කටට කෙල උනාන සුලුයි කියන්න පුලුවනි.ගොඩක් කෑම් වල පිඟානට පිලිවෙල කිරීම අනර්ග විදියට සිදු කරනව කියන පුලුවනි.මෙහි එන ගොඩ දෙනෙක් අතර ප්‍රිය කරන කෑමක් තමයි ravioli කියන්නේ.ඒ ආහර මෙන්ම මෙහි තියන නාසි ගුරං එකත් ටිකක් වෙනස් විදියේ රසයක් තියන ආහාර මෙනු දෙකක්.ඉතින් ඔබ මෙහි ආවොත් මේ කෑම වට්ටෝරු උත්සහ කරාට පාඩු නෑ.

ඩෙසර්ට් විදියට කන්න ගන්නවා නම් molten chocolate lava cake එක හොන්ද තේරීමක් කියන්න පුලුවනි.The Peach Jelly Desert එක වගෙම Chocolate Mud Cake එකත් රස බලන්න හොඳ ‍තෝරාගෙනීම් කිව්වොත් නිවැරදියි.

මේ අවන්හලේ මිලත් එක්ක සසඳනකොට ලොකු පෝශන් එකක් නම් ලැබෙන්නේ නෑ ගොඩක් කෑම වලට.කොහොම උනත් රස අතින් බලනකොට පසු තැවෙන්න දෙයක් නෑ.ඒත් මෙහි තියන හැම මෙනු එකක්ම රසවත් නෑ.ඒ නිසා මෙහි ගිහින් කෑම වේලක් ගන්නවා නම් ටිකක් දැනුවත් වෙලා යන එකයි හොඳ.

සේවාව

මෙහි සේවාව ඉතා අනර්ග මට්ටමේ එකක් කියන්න පුලුවනි.මෙහි ඉන්න සේවක මහතුන් මෙහි යන එන අයට හොඳින් ඇහුන්කම් දෙනවා.පොඩි වෙලාවක් කෑම මේසයට එනකන් ඉවසන්න නම් වෙනවා ඒ කොහොම උනත් මෙහ්ටන වැඩකරන අය ඉතා හොඳින් පුහුනු උන අය කියලා කියන්න පුලුවනි.

මග

මෙතනට කොල්ඹ පැත්තේ ඉඳන් එනවා නම් හයිලෙවෙල් පාරේ එන්න ඌනි.හැවුලොක් ටවුන් එක පහු කරලා මීටර් 400ක් විතර ආවහම කිරුලපන නගරය පටන් ගන්න හරියෙන් දකුනු අතට තියන ස්ටැෆර්ඩ් ලේන් එක දිගේ පොඩි දුරක් යනකොට පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ

Cricketers Arms එකට ආවොත් ඔබටත් වෙනස් මට්ටමෙ අත්දැකීමක් එක්ක රසවත් ආහාර වේලක් ගන්න පුලුවනි.මෙතන දුරකථන අංකය වෙන්නේ 0112553436 නැත්නම් 0765319800.ඔවුන් දවල් 12 පමන ඉඳන් රාත්‍රී 11 පමන වනතුරු විවුර්ථයි.ටිකක් වෙනස් මට්ටමේ ආහාර වේලක් ගන්න එනවා නම් මේ පැත්තේ ආවොත් ඔබත් ඇවිත් යන්න.ඇත්තටම එය ඔබ ටිකක් වැඩියෙන් වියදම් කලත් පසු තැවෙන මට්ටමේ එකක් වෙනු එකක් නෑ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *