කන්න බොන්න කලින් එන්න

Carnival Ice Cream කොල්ලුපිටියෙන් අඩුවට රසට Ice Cream කන්න

banner

කොලඹ නගරයේ අඩු මිලකට අයිස් ක්‍රීම් එකක් කන්න පුලුවන් තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ. මේ තැන නමින් කානිවල් Ice Cream.තියෙන්නේ කොල්ලුපිටිය හරියේ.මේ වගේ ජනාකීරන තැනක රසට වගේම අඩුවට අයිස් ක්‍රීම් කන්න හොඳ තැනක් තමයි කානිවල් Ice Cream කියන්නේ .අද අපි ඇතුල් උනේ මේ අවන්හලේ අයිස් ක්‍රීම් රස ගැන ඔබට කියන්න.

වටපිටාව
carnivalll

මෙහි ඉදිරිපස යම් කිසි ඉඩක් තියනවා වාහනයක් නතර කරන්න. මේ ගොඩනැගිල්ල ටිකක් වෙනස් විදියට රාජකීය පෙනුමක් සහිතව නිර්මානය කරලා තියනවා. මෙය මහල් දෙකකින් යුත් බිම් කඩක්. උඩ සහ පහල ඉඳගෙන අයිස් ක්‍රීම් රස විදින්න කාටත් පුලුවන්.ඇතුලත ඇති මේස පු‍ටු නම් එතරම් සැප පහසු නෑ.බිමට ටයිල් අතුරලා.කොහොම උනත් මේ ඇතුලත හොඳින් පවත්වාගෙන යන්න නම් ඔවුන් උනන්දු වෙන පාටක් නෑ.හතර දෙනෙක්ට අයිස් ක්‍රීම් කන්න පුලුවන් විදියට මෙහි මේස සකස් කර තිබෙනවා.ඇතුලත ඒ සී සහිතව තියන එක හොඳ දෙයක්.

බඩජාරි මෙනුපත

carnivall

මෙතන අපි සාමාන්‍යයෙන් අහරට ගන්න අයිස් ක්‍රීම් වර්ග වල ඉඳලා එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුක්ත අයිස් ක්‍රීම් වර්ග ගනනාවක් තියෙනවා.ඒවා බෝල් එකක ප්‍රමානයේ ,කෝන් විදියට සහ ලීටර් එක දෙක සහ හතරේ ප්‍රමානයට කන්න ගන්න පුලුවන්.මෙහි තියන අයිස් ක්‍රීම් රසවර්ග ගැන කිවොත් වැනිලා,ස්ට්‍රෝබෙරි,චොකලට්,රාස්බෙරිමැන්ඩරින්පිස්ටචියෝ,කැසාටා,දෙහි ඇපල් වගේ රස රාසියකින් ‍තෝරාගන්න පුලුවන්.

carnival5
පලතුරු රසයට කැමති නම් අන්නාසි කෙසෙල් ෆෘට් ඇන්ඩ් නට් දූරියන් චෙරි වගේ රස ගනනාවක් තියෙනවා.ඒ වගෙම මෙහි මෙනු පතේ ඩයට් කියලා වෙනම මෙනු එකකුත් තියෙනවා.. ඒවා වැනිලා චොකලට් බටර් ස්කොච් විදියට කන්න ගන්නත් පුලුවනි.ඒ අයිස් ක්‍රීම් වලට අමතරව මෙහි ඔවුන්ගේ සුවිශේශී මෙනු සහිත අයිස් ක්‍රීම් ගන්නත් පුලුවනි.ඔබ මෙහි ආවොත් ඒවායින් එකක් ට්‍රයි කරනවා නම් වඩාත් හොඳයි.හවායි,සුල්තාන් ඩිලයිට්,හනී ක්‍රන්ච්,චෙරි වැනිලා,බනානා බෝට්,ඇම්බ්‍රොසියා,කැලිෆෝනියා වගේ විවිද නම් වලින් ඒ අයිස් ක්‍රීම් මෙන්බු සමන්විත වෙනවා..ඒවා නම් 200-500 අතර මිලක පවතින්නේ.. මීට අමතරව මිල්ක් ශේක් ගන්නත් පුලුවන්.හොඳම දේ අයිස් ක්‍රීම් කන එක තමයි.

carnival3

මෙතනට ආවොත් රස බලන්න හොඳ තේරීමක් තමයි චොකලට් සෝස් එකත් එක්ක චොක් චිප් එක.ඒ වගේම චෙරි සහ කෝපි රස අයිස් ක්‍රීම් එකත් ඉතා රසවත්.චෙරි සහ වැනිලා අයිස් ක්‍රීම් එක කජු සහ පැනි වලින් වර්නවත් වෙනවා.ඒ අයිස් ක්‍රීම් එක දැකීමත් ප්‍රියයි.ඒවගේම රස ආකරයක් කිව්වොත් හරි.පලතුරු රසට ආස නම් බනානා බෝට් අයිස් ක්‍රීම් එකත් වෙනස් රසයකට ඔබ කිසිදා නොවිඳි අයිස් ක්‍රීම් රසයක් දෙනවා නො අනුමානයි

සේවාව
carnival1
මෙතන ඉතාම හොඳ සේවාවක් සපයනවා.ඔබ ඈවුම් කල විගසින් අයිස් ක්‍රීම් මේසයට ගෙනත් දෙන්න ඔවුන් සූදානමින් ඉන්නේ.එහෙම වෙන්නත් ඕනි මොකද අයිස් ක්‍රීම් දිය උනොත් වැඩක් නැති නිසා. කොහොම උනත් මෙතන ඉන්න අය ටිකක් නවක වගේ පෙනුනත් හොඳ සේවයක් සපයනවා කියන්න පුලුවනි.

මග

මෙතන ලිපිනය වෙන්නේ 263 ගාලු පාර කොල්ලුපිටිය.කොල්ලුපිටිය හඳියට ආසන්නයේ ගොඩබිම පැත්තට වෙන්නයි මෙය පිහිටන්නේ.කොලඹ පැත්ත්ට යනවා නම් බර්ගර් කින්ග් එක,sea view ave එක එහෙම පහු කරන් පොඩ්ඩක් දුර එනකොට පාරෙන් දකුනු අත පැත්තෙයි මේක පිහිටන්නේ.කොල්ලුපිටිය හඳියට මීටර් 100ක් පමන මෙහාට වෙන්නට

බාල මහලු කාටත් යන්න හොඳ තැනක් තමයි Carnival Ice Cream කියන්නේ.රුපියල් දෙසීයක් දෙසිය පනහක් වියදම් කරනකොට ඇති වෙන්න අයිස් ක්‍රීම් කන්න පුලුවනි.මෙතන දුරකථන අංකය වෙන්නේ 011 2575498.උදෑසන දහයේ ඉඳන් රාත්‍රී දහය වෙනකන් මෙතන විවුර්ථයි.මේ පැත්තේ ආවොත් රසවත් අයිස් ක්‍රීම් එකක් කන්න මග නොහැර එන්න හොඳ තැනක් තමයි කාර්නිවල් අයිස් ක්‍රීම් අවන්හල.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *