කන්න බොන්න කලින් එන්න

Calorie Counter – Thimbirigasyaya ( කැලරි කවුන්ටර් )

banner

අගනුවර ඇති අවන්හල් අතර යම් කිසි තේමාවක් අනුව කරගෙන යන අවන් හල් ප්‍රමානය ඉතා අල්පයි.යම් කිසි තේමාවක් මුල් කරගෙන අවන්හලක් පවත්වාගෙන යන එක ඇත්තටම ලොකු අභියෝගයක්.ඒ අභියෝගය සාර්ථකවය ජයගත් අවන්හලක් තමයි කැලරි කවුන්ටර් කියන්නේ. නමේ තේරුමටම ගැලපෙන විදියට ඔවුන් ආහාර පිරිනමනවා.ඔවුන් ඔබට සෞඛ්‍යාරක්ශිත ආහාර ලබා දෙනවා. බොහො ලාංකීයන්ට සෞඛයාරක්ශිත කැම කිව්වොත් හිතට එන්නේ රස නම් කොහොම වේවිද කියා.නමුත් ඔබ එක් වරක් කැලරි කවුන්ටර් එකෙන් ආහාර ගෙන බලන්න.ඒ අදහස් ඔබ අත් හරිවි. ඒ බව අපට විශ්වාසයි.

වටපිටාව
caloriecc3
calorie counter එකට ඇතුල් වන තැන පටන්ම වටපිටාව ගැන හොඳ චිත්‍රයකුයි මැවෙන්නේ.ඔවුන්ගේ ඵාඨය Eat Healthy,Stay Healthy යන්න එහි පිටත මෙන්ම ඇතුලත් හොඳින් පෙනෙනට තිබෙනවා.එක් බිත්තියක් පුරාවට ඇඳි කලු සුදු චිත්‍ර රටා ඇතුලත පෙනුමට වැඩි අලංකාරයක් එක් කරනවා.ඒ වගේමයි ඔවුන්ගේ මෙනු එක ගැන විස්තර සහ ඒවායේ ඇති කැලරි ප්‍රමානයන් පැහැදිලිව දක්වා තිබෙනවා.ඔවුන්ගේ බඳුන් ඇතුලු සියලුම දේ හිඳ පිලිවෙලකට තබා තිබෙනවා.සමස්තයක් විදියට ඇතුලත මනව සකස් කර තිබෙනවා. එය ඔබට වෙනස්ම අත්දැකීමක් ගෙන දෙනු ඇති.

බඩජාරි මෙනුපත
calorieCC
කලින් කිව්ව වගේම ඔවුන් ඔබට සෞඛ්‍යාරක්ශික ආහාර වේලක් සපයනවා.එහි විශේශත්වය වෙන්නේ ඔබ ලබාගන්නා ආහාර වේලේ කැලරි මට්ටමත් ඔබට ඔවුන් දැනගන්නට සලස්වනවා.මුලින්ම අපේ ආහාරය උනේ සැමන් ස්ටීක් එකක්.ඒකක් 1700ක් වගේ වෙනව.කැලරි ප්‍රමානය 390.7ක්.ආහාර බඳුනේ මනාව අතුරා ඇති ආකාරයත් ඇත්තෙන්ම සුවිශේශී.එය අපූරු වර්න රටාවන් මවනවා..ලොකු සමේන් කුට්ටියක් සමග ලා කොල  අලිගැටපේර සෝය් මිල්ක් සම්ග රතු පැහැ පලතුරු සිරප් එක ඇත්තෙන්ම වර්නවත්.ඒ වගේමයි රසත්.සියලු දේ හොඳින් සංකලනය වෙලා.ඒ සියලු රස වල එකතුව රස නහර හොඳින් උමතු කරනවා.මෙහිඔ මිලත් එක්ක කෙනෙක් බැලුවොත් ටිකක් පමනට වඩා මිල ගනන් වැඩි බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.නමුත් ඒ දෙවල් වලට ගන්නා නියම වට්ටෝරු වලින් ත්මයි මේ කැම එකක් සමන්විත.මේ සැමන් කුට්ටිය අපි දේදීයව දකින සැමන් නොවෙයි,ඒ නෝවේජියානු සැමන් .ඒකයි අපි කිව්වේ මේ කෑම් වේල මිල ටිකක් වැඩි උනත් ගෙවන මිලට ලැබෙන දේ සාධාරනයි.

අප මෙහි රස බැලූ තවත් කෑමක් තමයි cajun spice grilled chicken එකක්. ඒහි මිල 650ක් උනා.තිතටම රෝස් කල කිකුලෙක් සමඟ පිපිඤ්ඤා ක්‍රේම් රසට අන්නාසිසහ තවත් යමක් එහි තිබුනා. මෙහි බහුතරයක් ආහාර රස අප කලින් කිසි දිනෙක නොවිඳි ඒවා. ඒ කෑම එකකට එකක් වෙනස්.නියම ප්‍රමානයට කුලුබඩු වලින් ග්‍රිල් වෙලා. රස දිව පිනා යනවා.මෙහි මිල 650ක් .කැලරි අංකය 284.6 යි. ඇත්තෙන්ම ඒ රස බඳුනත් අති විශිශ්ඨයි.

උදැසනට එනවා නම් මෙහි වෙනම බ්‍රේක්ල්ෆස්ට් මෙනු තිබෙනවා. අපට ඒවා නම් උත්සහ කරන්න බැරි උනා..ඒත් අපි දන්නවා ඒවා උනත් රසට ඇති.සැන්ඩ්විච් විව්දාකාර නම් වලින් .අන්තර්ගතය වෙනස්. ඒ සියලු  ඇතුලත් දේ මෙනු එකේ හොඳින් පෙන්වා තිබුනා. අප සැලඩ් එකකට අවසානයේ වග කිව්ව. ඒ Strawberry watermelon and blue berry salad . එයත් විශිශ්ටට්යි.මේ රස කලින් කිවාක් මෙන් අප ලංකාවේ අත්විඳ නෑ.ඒ ඔවුන් මේවා සුපිරිම තත්වයෙන් ලබාදෙන නිසා වෙන්න ඇති.එහි මිල සඳහන් උනේ 480ක් විදියට . එහි කැලරි අංකය 185.7ක්.

කොහොම උනත් මෙහි පෝශන් එක සමාන්‍ය ප්‍රමානයට වඩා ටිකක් වැඩියි.පොඩ්ඩක් වගේ. ඉතින් නොම්බර එකේ බඩජාරියෙක්ට එක පාරින්ම නම් බඩ පුරවාගන්න අපහසු වේවි

සේවාව

මෙහි සේවාවත් ඉතා ඉහලයි. ඔවුන් සියල්ල පිලිබඳ දැනුවත්. ඔබට සියල්ල කියාදේවී. ඔබ සමග සංවාදයේ යෙදේවී. ඒ ඔබේ රස අවශ්‍යතාවය හඳුනාගන්නට.ගොඩක් විටෙක මෙහි අයිතිකරු මෙහි ‍රැඳී සිටිනවා.ඔහුත් සියල්ල පිලිබඳ හොඳ අවධානයෙන්. කැම පිලිබඳව පවසන්නට ඔහුත් හැමවෙලේම උනන්දුයි.එකෙන්ම සේවාව සුපිරි

මග


මෙතනට කොලඹ ඉඳන් එනවා නම් හයිලෙවෙල් පාරේ ඇවිත් තිඹිරිගස්යාය හඳියෙන් වමට හැරිලා මීටර් 400ක් යන තැනම වම් අත පැත්තේන් දිස් වේවි.පහසුවෙන් හොයා ගන්න නම් පුලුවන්.

අපි යෝජනා කරනවා ඔබට එක් වරක් හෝ මෙහි පැමින මෙහි ආහාර රස විඳින්න.නැවත නැවතත් එන්න හිතේවි.එය ඔබේ ශරීර සෞඛ්‍යටත් හොඳයි.ඒත් පසුම්බියට?


Leave a Reply

Your email address will not be published. Required fields are marked *