කන්න බොන්න කලින් එන්න

Cafe Shaze – Thibirigasyaya පරිප්පු කොච්චි පොල්සම්බෝල සහ ගල් මාලුත් එක්ක රෝස් පාන් කන්න කැෆේ ශේස්

banner

කොලඹ නගරයේ නිදහසේ ආහාර ගන්න කදිම තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ .මෙතැන නමින් කැෆේ ශේස්.කොලඹ හැවුලොක් නගරයේ පිහිටි එම අවන්හල කැෆේ එකක් විදියට වගේම කෙටි කෑම වර්ග සහ ප්‍රධාන ආහාර විකුනන්න තියන රසවත් තරමක් ඉහල මට්ටමේ අවන්හලක්.අගනුවර ගොඩ දෙනෙක් මේ තැන ගැන නොදන්නා කම නිසා මග ඇරුනත් නිදහසේ පාඩුවේ ආහාර වේලක් ගන්න හොඳ තැනක් තමයි කැෆේ ශේස් කියන්නේ

වටපිටාව

3

මෙතන ඉතා කුඩා තැනක්. ඒත් වැඩි කලබලයක් නෑ. නිතර ගොඩ දෙනෙක් මෙහි නෑ.ඒ නිසා කලබලකාරී බව නම් අඩුයි.අවන්හල ඇතුලත මෙන්ම පිටතත් ඔවුන්ගේ මේස දාල තියෙන්නේ.හැන්දේවකට හෝ උදෑසනකට එලියට වෙන්න තියන ආසන නිදහස්.දවල්ට නම් අවුව නිසා ඒ තැන ටිකක් අපහසුයි.ඇතුලත ආසන සැප පහසුයි.කුශන් පු‍ටු ඇතුලත පනවලයි තියෙන්නේ.ඒවා ඉතා පිලිවෙලට සකස් කරලා.ඒ වගේම එතුලත හොඳින් ඒ සී කරලා.

බඩජාරි මෙනුපත

4

මෙහි ටිකක් දිගු මෙනු එකක් තිඅයනවා. සුප් වර්ග ස්ටාටර් සැලඩ් සැන්විච් ආහාර විව්ද විදියට ගන්න මෙතනින් පුලුවන්.ප්‍රධාන කෑමත් ඒ අතර තියනවා.ඩෙසාර්ට් වර්ග මෙන්ම මෙය කැෆේ එකක් නිසාවෙනම මිල්ක්ශේක් වර්ග මොක්ටේල්ස් වර්ග විවිද බෙවරේජ් වර්ග ස්මූදි සහ පලතුරු බීම නැවුම්ව මෙහිදී අපට කන්න බොන්න ගන්න පුලුවනි.

මෙහි ඔබට උත්සහ කරන්න හොඳ කේම වර්ග තමයි එකක් චිකන් පැස්ටා එක.එය රසින් හොඳයි.ඒ වගෙම එවෙලේ උයලා දෙන ගල්මාලු එක්ක රෝස් පාන් කන එක ඉතා හොඳ ඒ වගෙම වෙනස් අත්දැකීමක්.මේත් එක්ක කොච්චි එක්ක හදාපු පොල්සම්බෝලයක් සහ උනු උනු පරිප්පු හොද්දක් හම්බවෙනවා.මේ ආහාර වේල නම් ඉස්තරම්.මෙහි ක්ලබ් සැන්විච් නම් සාමන්‍ය විදියයි. කිසි වෙනසක් නෑ.රයිස් වගේ කනවා නම් ඒ තරම් අනික් අවන්හල් සමග වෙනසක් නෑ.ඒ නිසා ඒ කෑම මග හරිනවා නම් හොඳයි.

5

කොහොම උනත් ඔවුන් අලුතෙන් හඳුනවල දීල තියන බුරියානිය නම් රසවත්.ඒ රස අපි සාමාන්‍යයෙන ආහරයට ගන්න බුරියානියෙන් වෙනස් රසක්.ඒ වෙනස හොඳ රසයක්.ඒ නිසා එක ට්ර්යි කලාට පාඩුවක් නෑ.ඩෙසර්ට් විදියට චීස් කේක් වල නම් ලොකු රසයක් නෑ.සාමානයයි කියන්න ඕනි.කොහොම උනත් ඔවුන්ගේ මොජිටෝ එක ඉතාම රසවත්. අගනුවර හොඳම මොජිටෝ දෙන්නේ ඔවුන් වෙන්න ඕනි.ඒ තරමට මෙය රසවත් බීමක්.දෙන්නෙක් මෙතනට ඇවිත් බඩ පිරෙන්න කනවා නම් රුපියල් 3000ක් වගේ අයවෙයි බඩපිරෙන්නම කන්න

සේවාව

මෙතන සේවාවහොඳ මට්ටමක තියෙනවා.ඒ තරමට ඔවුන් හොඳ සේවාවක් සපයනවා.මෙහි වැඩ කරන අය ඉතාම සුහදශීලී.ඔබ පලමු වරට මෙහි ගොඩ උනත් ඔබට කිසි ආගන්තුක බවක් නොදැනෙන ලෙස ඔවුන් ඔබත් සමග මිත්‍රවේවි.ඔවුන් සතුව ඔවුන්ගේ කෑම වර්ග ගැන හොඳ දැනුමක් තියනවා.කොහොම උනත් ඔබ ඉල්ලන ආහාර මේසයට එන්න නම් පොඩි වෙලාවක් යනවා.ඒ ඔවුන් නිතරම නැවුම් බවින් යුත් ආහාර වේලක් ඔබට දෙන්න උත්සහ කරන නිසා වෙන්න ඕනි.

මග.

මෙතනට කොලඹ ඉඳන් එනවා නම් හයිලෙවෙල් පාරේ පොලිස් පාක් එහෙම පහු කරලා තිඹිරිගස්යාය හංදියට එන්න ඕනි.එතනින් වම් අත පැත්තට හැරිලා ජාවත්ත පාර දිගේ මීටර් 400ක් වගේ ගියහම පාරෙන් වම් අත පැත්තේ කැෆේ ශැස් දැකගන්න පුලුවනි
මෙතන ඔවුන්ගේ දුරකථන අංකය 0115922263.ඔවුන් උදැසන 10 ඉඳන් රාත්‍රී 12 පමන වෙනකන් විවුර්ථයි.පාඩුවේ උපරිම නිදසේ ඉන්න ගමන් රසවත් කෑම් වෙලක් කන්න මේ අවන්හල ඉතාමත් හොඳයි.මිතුරෙක් සමග දිගු කතා බහකට වගේම පවුලේ අය එක්ක එකට ඉඳන් කැම වේලක් කන්න යන්න හොඳ තැනක් තමයි කැෆේ ශේස්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *