කන්න බොන්න කලින් එන්න

රසවත් කෝපි කෝප්පයක රස බලන්න එන්න කැෆේ ප්ලස් අවිස්සාවේල්ල – Cafe Plus Avissawella

banner

ගොඩක් දිගු ගමන් යන අතරමග ඔබට මුනගැහෙන නගරය්ක් විදියට අවිස්සාවේල්ල නගරය නම් කරන්න පුලුවන්.අවිස්සාවේල්ල නගරය පසු කරන අයට රසවත් ආහාර වේලක් ගන්න වගේම රසවත් කෝපි කෝප්පයක රස විඳගන්න පුලුවන් සුපිරි මට්ටමේ අවන්හලක් ගැන ඔබට කියන්නයි අද අපේ මේ සූදානම.මේ අවන්හල නමින් කැෆේ  ප්ලස්.

වටපිටාව

cafeplus1

මෙහි ඇතුලත නවීන විදියට සකස් වෙලා.සැපවත් කුශන් කල සෝෆා වගෙම ලීයෙන් කල මේස පු‍ටු වලින් යුක්ත කැෆේ ප්ලස් අවන්හලේ බිත්ති කෝපි කෝප්පයකට හුරු දුඹුරු පැහැයකින් වර්න ගන්වලා .අවන්හලේ සවි කර ඇති පහන් වල ආලෝකයත් එක්ක රාත්‍රී වරුවකට මෙහි පෙනුම තවත් අනර්ගයි කියන්න පුලුවන්.අවන්හල ඇතුලත ඒ සි කරලයි තියෙන්නේ.පුන්චි පහේ අවන්හලක් නිසා ඊ සී එක හොඳින් දැනෙන මට්ටමේ .ඒ වගෙම මේ අවන්හලේ වයිෆයි එකකුත් තියනවා.පාඩුවේ කෝපි කෝප්පයක් බොන්න හොඳ වටපිටාවක් මේ අවන්හලේ තියනවා කියන්න පුලුවන්.

cafeplus3

මෙනුපත

කැෆේ ප්ලස් එකේ ප්‍රධාන වශයෙන්ම කෝපි වර්ග තමයි පානය සඳහා තියෙනේ.ඔවුන්ගේ කොෆී මෙනු එක විවිද වර්ගයේ කෝපි පාන්යන්ගෙන් සමන්විතයි.espresso,cappuccino,මෝචා Latte වර්ග 100-300 අත මිල සීමාවෙන් ඔබට බොන්න ගන්න පුලුවන්.ඊඅවා සැබෑම රසයෙන් යුක්තයි කියන්න ඕනි.ඊට මතරව තේ වර්ග සහ පලතුරු බීම වර්ග මේ මෙනු එකට ඇතුලත්.

cafeplus2

cafeplus5

ප්‍රධාන ආහාර විදියට ෆ්‍රයිඩ් රයිස් වර්ග මේ මෙනු එකේ දැකගන්න පුලුවන්.වෙජිටේරියන් කෙනෙක්ට උනත් මේ රයිස් මෙනු එකේ ස්පෙශල් රයිස් එකක් වෙන් වෙලා තියනවා.ඊට අමතරව නූඩ්ල්ස් වර්ග ඔම්ලට් වගේ කැමත් මේ මෙනු එකට් ඇතුලත්.

cafeplus6

කෙටි කෑම වේලකට මෙහි එනවා නම් සැඩ්විච් වර්ග ටෝස් කල පාන් විවිද විදියෙන් රස බලන්නත් ඔබට මේ අවන්හලට ආවොත් පුලුවන්.මේ සියලු කැම වල විස්තර මිල ගනන් සමග අවන්හලේ විශාල පුවරුවක දර්ශනය කරලා තියන නිසා ආහාර ගන්න කලින් හොයලා බලලා ආහාර ගන්න හැකි එක හොඳයි.විශේශයෙන් කියන්න ඕනි දෙයක් තමයි මේ අවන්හල සුව පහසු විශියට නවීන මට්ටමේ තිබුනත් මිල ගනන් ඉතාම සාදාරනයි.ඉතින් කැෆේ ප්ලස් අවන්හලට ආවොත් සාකුවට පහසු මිලකට රසවත් කෑම වේලක් ගන්න මෙහි පහසුකම සැලසෙනවා.

සේවාව

කෝපි කෝප්පයක් වගෙම ප්‍රදාන අහාර වෙලක් උනත් ඇනවුම් කරලා වැඩි වෙලාවක් යන්න කලියෙන් මේසයට ලැබෙනවා.ඒ නිසා හදිසි බඩගිරිකාරයෙක්ට උනත් ලොකු ගැටලුවක් නම් ඇති වෙන්නේ නෑ.

මග

මෙතන්ට එනවා නම් කොලඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරේ අවිස්සාවේල්ල නගරයට කිලෝමීටරයක් විතර මෙහායින් තමයි මේ අවන්හල පිහිටන්නේ.හරියටම කියනවා නම් චන්ද්‍රා සිනමා ශාලාව ඉදිරි පසට වෙන්නට තමයි මේ අවන්හල පිහිටන්නේ.වාහනයක් පාක් කරගන්න පොඩි ඉඩක් තමයි මෙහි තියෙනේ.ඊ උනත් ගොඩක් වෙලාවට වාහන ගොඩ ප්‍රමානයක් එක වර නතර කරලා තියන අවන්ස්ථා අඩු නිසා අවන්හලේ වාහන නතර කරන තැනම නවත්වාගන්න හැකියාව තියනවා.

මෙතන් දුරකථන අංකය වෙන්නේ 0362230615.Cafe Plus  Avissawella ඔවුන් රාත්‍රී 9 වෙනතුරු විවුර්ථව පවතිනවා.ගොඩ දෙනෙක් හැටන්,බදුල්ල නුවර එලිය,මහනුවර කතරගම වගේ ප්‍රදාන සංචාරක ඉසව් වෙත යන අතරමග හමුවෙන නගරය්ක් විදියට අවිස්සාවේල්ල නගරයේ කෑමට යන්න පුලුවන් ඉතාමත් හොඳ තත්වයේ අවන්හලක් විදියට මේ කැෆේ ප්ලස් අවන්හල හඳුන්වා දෙන්න පුලුවන්.සාකුවට පහසු මිලකට ඉතා රසවත් කෑම වේලක රස බලන්න වගෙම රසවත් කෝපි වීදුරුවක රස බලන්නත් මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක් වේවි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *