කන්න බොන්න කලින් එන්න

Cafe Chill Batticola මඩකලපුවේ බීම අවන්හල කැෆේ චිල්

banner

කැෆේ චිල් කියන්නේ මඩකලපු නගරයේ පිහිටි බීම වර්ග අලෙවි කරන අවන්හලක්.මඩකලපුව වගේ දුර පලාතක නොයෙකුත් ජාතියෙන් බීම වර්ග සාධාරන මිලකට ගන්න පුලුවන් තැනක් තමයි Cafe Chill කියන්නේ.නිවී සැනසිල්ලේ සීතල බීම වීදුරුවක රස බලන එන්න මඩකලපුවේ හොඳම තැන මෙතන කිව්වොත් වරදක් නෑ

වටපිටාව

cafechill2

මෙතන ඉතාම නිස්කලංක තැනක්.පියමනාප විදියට සියලු දේ සකස් කරලා තියනවා.පොල් අතු හෙවිලි කල පියස්සක් යටින් තමයි මෙතනට එන්න තියෙන්නේ.ඇතුලත ඉතා හොඳින් සකස් කරල තියනවා.බිම තන කොල අල්ලලා.ඇතුලත වෙන් වෙන්ව පොල් අත් සෙවිලි කල කොටස් වල මේස පු‍ටු තබා තියනවා.ඇතුලට වෙන්නත් දැවයෙන් කරන ලද මේස පු‍ටු වලින් යුක්තයි.රාත්‍රියකට නම් සුදු පැහැයට සවිකරන ලද ආලෝකයත් එක්ක ඇතුලත වඩා සුන්දර තැනක් වෙනවා

මෙනුපත

cafechill3

මෙතන මූලිකවම තියෙන්නේ සීත කල බීම වර්ග.දෙහි රසට පැපොල් රසට අන්නාසි රසට වගේ රස ‍රැසකින් සීත කල බීම බොන්න ගන්න පුලුවන්.ඒ වගෙමයි ශීත කල ශේක්ස් වර්ගත් ගන්න පුලුවන්.ඒවා චකලට් වැනිලා කෙසෙල් අඹ ඇපල් අන්නාසි වගේ රස ‍රැසකින් යුක්තයි.කෝපි වර්ග විදියට Cappuccino, Café Latte, Café Mocha, Americano, Espresso,වගේම ලන්කාවේ විදියට කෝපිත් බොන්න ගන්න පුලුවන්.තේකක් බොනවා නම් දේශීය විදියට තේ වගේම මසාලා තේ ඉඟුරු තේ වගේ වෙනස් විදියට තේ බොන්න ගන්න පුලුවන්.මෙතන තවත් විශේශත්වයක් වෙන්නේ අපිට අයිස් ක්‍රීම් වර්ගත් කෑමට ගන්න පුලුවන් තෑන්ක් තමයි කෑෆේ චිලී කියන්නේ.චකලට් වැනිලා ස්ටෝබෙරි සහල මතෘ මුසු වුනු අයිස් ක්‍රීම් කන්න ගන්නත් මෙතන හොඳයි.

මෙහි ආවොත් ප්‍රධාන ආහාර වේල් නම් ගන්න හම්බවෙන්නේ නම් නෑ.ඒ කොහොම උනත් කෙටි කෑම විදියට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්,ඩ්‍රම්ස්ටික්,චිකන් නගට්ස් රෝල්ස් මාලු කේක් වගේ කෑම වර්ග කන්න ගන්න පුලුවන්.

සේවාව

මෙතන සේවාව ඒ තරම වරදක් නෑ.මෙහි වැඩ කරන අය්ට යන්තම් ඉංග්‍රීසි භාශාව තේරෙනවා.ඒ ප්‍රමාන්ය ඇති අප්ට ඕනි ඒවා මේසයට ගෙන්වා ගන්න.මෙතන අවන්හල ත්ල වයි ෆයි පහසුකමත් තියනවා.

මග

මෙතන පිහිටලා තියෙන්නේ මඩකලපු නගර මැද.මහජන බැංකුව අසලින් ඇති Pioneer පාරේ මීටර් සීයක් වගේ යනකොට පාරේන්දකුනු අත පැත්තේ මේ අවන්හල දකින්න පුලුවන්

ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 077 777 9598 .ඔවුන් උදේ 9 ඉඳන් 9.30 පමන වෙනකන් විවුර්ථයි.ඔබත් මඩකලපුවේ නිවාඩුවක් ගත කරන්න ඇවිත් තිබහ නිවා ගන්න එන්න හොඳ තැනක් තමයි Cafe Chill Batticola


Leave a Reply

Your email address will not be published. Required fields are marked *