කන්න බොන්න කලින් එන්න

රසවත් කෝපි කෝප්පයක රස බලන්න එන්න නාරම්මල අමාකී කැෆේ Cafe Amakie – Narammala

banner

අද අපි කියන්න යන්නේ රසවත් කො‍ෆි ශොප් එකක් ගැන විස්තර.මේ අවන්හල පිහිටන්නේ නාරම්මල කිට්‍ටුව.අවන්හලේ නම වෙන්නේ කැෆේ අමාකී.මේ පැත්තේ යන අතරමග රසවත් කෝපි එකකට නැත්නම් ප්ලේන්ටියක් බීලා බර්ගර් එකක් කන්න යන්න හොඳ තැනක් විදියට තමයි මේ අමාකී අවන්හල හඳුන්වන්න පුලුවන් වෙන්නේ.

වටපිටාව

amakie

ප්‍රධාන පාර අයිනේ පිහිටන අවන්හලක් තමයි මේක. පුන්චි පහේ පාකිං එකක් තියනවා..අවන්හල ඇත්ලත පුන්චි  උනත් නවීන විදියට මේ අවන්හල ගොඩ නගලා තියනවා.මෙහි ඇති බර සාර ලී මේස පු‍ටු ඉතා සැපවත් වගේම අවන්හලට අමුතු ගතියක් එකත් කරලා තියනවා.අවන්හලේ බිත්තියේ රසවත් කෝපි කෝප්ප වල පින්තූර එකත් කරලා.ඒ වගේම බිත්තියේ ඇති ෆැන් වලින් මෙහි ඇති රස්නය සමනය කරලා තියනවා.අවන්හල ඇත්ලේ ඉස්සරහට වෙන්නට ටීවී එකකුත් සවි කරලා තියනවා.මෙතන එතරම් කලබල ගතියක් නෑ.කන්න බොන්න පුලුවන් සියලුම කැම වර්ග හොඳින් දර්ශනය කරලා තියනවා මිලත් එක්කම.ඉතින් මෙහි එන අයට තමන්ට අවශ්‍ය දේ ‍තෝරගන්න වැඩි කරදරයක් නෑ.

මෙනුපත

amakie1

මෙතන මෙනු එක ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ කෝපි වීදුරුවට තමයි.Espresso,Cappuccino,mocha,Latte වගේ ජනප්‍රිය කෝපි ආශ්‍රිත බීම වර්ගා මෙතනට අවොත් බොන්න පුලුව.මිල පවතින්නේ 250-350 වගේ අතර.ඒ වගෙම තේ වර්ග විදියට ග්‍රීන් ටී,කුරුඳු තේ කිරි තේ වගේ තේ වර්ග බොන්න ගන්න පුලුවනි.ඩිල්මා වෙලඳ නාමයෙන් එන තේ කොල වලින් තමයි ඔවුන් මේ තේ හදන්නේ. ඒ වගෙම පලුතුරු බීමත් 150-250 අතර මිලකට බොන්න ගන්න පුලුවනි.මේ පලතුරු බීම ඔබට එවෙලෙයි හදලා දෙන්නේ.ඉතින් නැවුම් බවින් යුක්තව රසවත් පලතුරු බීම වීදුරුවක් ඔබ මෙහි ආවොත් බොන්න පුලුවනි.

amakie23

කන්න ගන්නවා නම් සැන්විච් සහ බර්ගර් චිකන් හෝ ‍ෆිශ් විදියට කන්න ගන්න්නත් පුලුවනි.ඒ හැම දෙයක්ම නැවුම් බවින් යුක්තයි කියන්න පුලුවනි.ඒ වගෙම රසයත් අවුලක් නෑ.

amakie2

සේවාව

මෙතන සේවාව ගැන ඒ තරම් ලොකු දෙයක් කියන්න නෑ.ටිකක් මේ වැඩේට ආධූනික අය තමයි මෙතන සේවයට ඉන්නේ.ඒත් කිසි පරක්කුවක් නෑ.වැඩිය කට්ටියත් නැති නිසා පාඩුවේ කෝපි එකක් තේකක් බොන්න මෙතන්ට ආවොත් පුලුවනි.

මග

මේ අවන්හල පිහිටන්නේ කුරුනෑගල මීගමුව ප්‍රධාන පාරේ.හරියටම කියනවා නම් ඔබ නාරම්මල නගරය පහු කරන් දඹදෙනිය පැත්තට දම්පැලැස්ස හංදිය එහෙම පහු කරලා කිලෝමීටර් 4ක් වගේ යනකොට පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.මේ හරියට කියන්නේ කිවුල්ගල්ල කියලයි.

මේ අවන්හල උදේ ඉඳන් රාත්‍රී වෙනතුරු විවුර්තයි. මෙතන දුරකථන අංකය වෙන්නේ 0777387355.ඔබත් මේ පැත්තේ ආවොත් රසත් කෝපි වීදුරුවක් තොලගාන්න Cafe Amakie එකට එන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *