කන්න බොන්න කලින් එන්න

Cafe On The 5th – Kollupitiya ( කැෆේ ඔන් ද ‍ෆිෆ්ත් )

banner

ජනාකීරන කොල්ලුපිටියේ නිස්කලංක පරිසරයක කන්න යන්න කියාපු තැනක් තමයි කැෆේ ඔන් ද ‍ෆිෆ්ත් කියන්නේ.ලාංකීය කෑම වර්ග වලට මූලිකත්වය දෙමින් ලොකු විවිදත්වයකින් යුක්තව මෙනු පතක් එක්ක කෑම ගන්න පුලුවන් තැනක් තමයි මෙතන

වටපිටාව.

cafeonthe54

මුලින් කිව්වා වගේ කොල්ලුපිටිය වගේ නාගරික ප්‍රදේශයක මේ අවන්හල පිහිටා තියෙන්නේ. මෙහි ඇතුලත වගේම එලි මහනෙත් ඔබට ඉඳගෙන කැම කන්න පුලුවන්. ගොඩාක් ඉඩ සහිතයි. වටෙන් ම වට වෙලා.. අපි නම් කියන්නේ ඔබත් එලි මහනේ ඉඳගෙන කෑම ගන්න මෙහි එනව නම්.යාලුවෝ ටිකක් එක්ක ඇවිත් දිගු කතා බහකට මුල පුරන්නට මෙතන ඉස්තරම්.ඇතුලත සැකැස්මත් හොඳයි.හොඳ පිලිවෙලට මේස පු‍ටු සහ අනෙකුත් දේ සකස් වෙලා..එලිමහනේමයි රයිස් කොත්තු දාන්නෙත්.සුදු පාටින් සැරසුනු කෝකි වරු ඔවුන්ගේ වැඩ වල කඩිසරෙන් වැඩ.වටාව ඇත්තටම හොඳයි

බඩජාරි මෙනු පත

ගොඩ දෙනෙක් අතර මෙතන ජනප්‍රිය මොන්ගෝලියන් රයිස් කන්න. අපි ඉස්සෝ සහ චිකන් මිශ්‍ර මොන්ගෝලියන් රයිස් එකක් රස බැලුව. එය හොඳයි. ජෙනුයින් මොන්ගෝලියන් රස නම් ආවේ නෑ.. ඒත් රසයි. හොඳින් ඉස්සො සහ චිකන් හැපෙන්න තිබුනා.. පෝශන් එකත් ටිකක් ලොකුයි. පොඩි බඩජාරියෝ දෙන්නෙක්ට එකක් හොඳටම ඇති.ඒකක් 475ක් වගේ වෙනවා..නාසියත් හොඳයි. රසත් ඒ තරම් වරදක් කියන්න නැහැ. එහි සැකැස්ම වර්නවත්.

cafeonthe51

මෙහි බුරියානි එකට නම් අපේ ඒ තරම් කැමැත්තක් නෑ. එහි මස් එක ටිකක් තද ගතියක් තිබුනා. ඒ වගේමයි ඒ රයිස් එකත් එතරම් හොඳ රසක් දුන්නේ නෑ.බිරියානි එකක් 400ක් උනා.. මෙහි කෑම අවතානුකූලව වෙනස් වෙනවා.. ඒ නිසා එකම වෙලේ මෙහි එකම කෑමක් නැති වෙන්න පුලුවන්. දිවා කාලයට සමහර විට කොත්තුවක් අරගන්න බැරි වෙන එකකුත් නෑ.

මෙහි පැස්ටා ස්පැගටි ලසන්යා එහෙමත් තියෙනවා.චිකන් ලසන්යා එකත් ඔබ උත්සහ කර බලන්න හොඳ තේරීමක් ඒකක් 400ක් වෙනවා. එහි අමුතුම රසයක් තියෙනවා..ගොඩක් පැස්ටා ලසන්යා සහ සැගටි වර්ග 400 මිල සීමාවේ තමයි තියෙන්නේ.

ඩෙසර්ට් වලට යනව නම් කැරමල් වටලප්පන් පුඩින් අයිස් ක්‍රීම් වගේම පලතුරු සැලඩ් වගේ දෙවලුත් මෙහි තියෙනවා. ඒවත් 150-200 මිල සීමාවේ. සවස් වරුවකට කන්න ආප්පයක් 25ක් වෙනවා.ඒ මිල නම් ටිකක් වැඩිද මන්දා..මෙහි තව ශෝට් ඊට් වගේ කැමත් ගන්න පුලුවන්..
සේවාව

මෙහි කියන්න තියන ප්‍රධානම දේ තමයි මෙහි ඔබට කාර්ඩ් භාවිතයෙන් මුදල් ගෙවන්න බෑ.කැශ් තමයි දෙන්න වෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් නෙවෙයි.සේවකයන් සුලු ප්‍රමානයක් ඉන්නේ.ඒ වගේඅයි පෙලක් කෑම එවෙලේ හදලත් දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ටිකක් හෙමින් තමයි වැඩ කටයුතු සිද්ද වෙන්නේ.ඒත් ඔවුන් සුහදශීලී.

මග

කොලඹ ඉඳන් එනව නම් ඩුප්ලිකේශන් පාරේ මහානාම හෝල්ට් එක පහු කරාම තියන දෙවෙනි ප‍ටු මගෙ (පස් වෙනි ප‍ටුමග) වමට හැරෙන්න..ඒකේ පොඩි දුරක් ඉස්සරහට එනකොටදකුනු අත පැත්තේ තමයි කැෆේ ඔන් ද ‍ෆිෆ්ත් පිහිටලා තියෙන්නේ..නුගේගොඩ පැත්තෙන් එනවා නම් තර්ස්ටන් පහු කරලා හම්බෙන පාරෙන් වමට හැරෙන්න ඔතනින් එනකොටත් වම් අත පැත්තෙන් පුලුවන් හොයාගන්න වම් අත පැත්තෙන්.

කොහොම උනත් ආයෙත් කියන්නම් අතේ මුදල් තියාගෙන එන්න.කාඩ් වලින් මුදල් ගෙවන්න බෑ . එක්කෙනෙක්ට 600කට වගේ බඩ පිරෙන්න කන්න පුලුවන්. කෑම කියන්න තරම් ලොකු වෙනසක් නෑ. පෙලක් එවා හොඳයි පෙලක් එවා රස ලොකුවට නා.ඒ වගේමයි පෙලක් දවසට පෙලක් ඒවා හොඳයි පෙලක් ඒවා හොඳ නෑ.කොහොම උනත් ලොකු සෙට් එකක් එක්ක සද්දෙට කතාවක් දාන්න කියාපු තැනක් තමයි කැෆේ ඔන් ද ‍ෆිෆ්ත්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *