කන්න බොන්න කලින් එන්න

Athula Restaurant – Dambulla ගමේ රහට කන්න දඹුල්ල නගරයේ අංක එකේ බුෆේ අවන්හල අතුල රෙස්ටොරන්ට්

banner

අතුල රෙස්‍ටුරන්ට් එක පිහිටන්නේ දඹුල්ල නගරයේ.මේ අවන්හල පුන්චි පහේ තැනක්.දිවා සහ රාත්‍රී කාලයට දේශීය විදියට බුෆේ මෙනු එකක් මෙහි තිබෙනවා.දඹුල්ල නගරයට ගොඩ දෙනෙක් එන්නේ දඹුලු විහාරය නරඹන්නනේ.ඉතින් එහෙම ඇවිත් රසවත්ව ආහාර වෙලක් ගන්න මේ අතුල අවන්හල කදිම ‍තෝරාගැනීමක් කියන්න පුලුවන්.අපි අද කියන්න් අයන්නේ මේ අවන්හල ගැන විස්තර.

වටපිටාව

athula1

මේ අවන්හල පිහිටන්නේ දඹුල්ල නගරයට කිට්‍ටුවෙන් මාතලේ පාරේ.ප්‍රධාන පාර අයිනට වෙන්න පිහිටි අවන්හලක් උනත් මෙතන වාහනයක් පාක් කරගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.අවන්හල සත්ව වගෙම පාර අයිනේ උනත් වාහනයක් නතර කරන්න පුලුව්නෛ.මේ අවන්හල අලුත් පන්නයේ එකක් නම් නෙවෙයි.කුඩා ප්‍රමානයේ කොන්ක්‍රීට් වලින් ගොඩ නගපු බිත්ති වලට ඉහලින් පොල් අත් හෙවිලි කරලායි මේ අවන්හල හදලා තියෙන්නේ.එක වරකට 30කට වගේ ඉදගෙන කන්න පුලුවන් විදියට සකස් වෙලා තියනවා.මේස පු‍ටු ප්ලාස්ටික් ඒවා ඒතරම් ලොකු සැපක් නෑ.ඇතුලත ෆැන් එහෙමත් දාලයි තියෙන්නේ.මේ අවන්හල විවුර්ථ තැනක්.ඉතින් කොහොමත් ලොකු රස්නයක් නම් දැන්නෙනේ නෑ.

මෙනුපත

athula2

මේ අවන්හලේ කැම දවල් සහ රාත්‍රී වරුවලට තමයි සපයන්නේ.ප්‍රධානම මෙනු එක දේශීය විදියට ආහාර බුෆේ එක.ගමේ රසට ගමේ කෑම මාලු පිනි 4ක් හෝ පහක් එක්ක වැව් මාලු කැල්ලක නැත්නම් රසවත් කුකුල් මස් කරියක් එක්ක ආහාර වේලක් කන්න ගන්න පුලුව්නෛ.මේ මෙනු එක දවසින් දවස වෙනස් වෙනවා.ඒ කොහොම උනත් ගමේ රසට රසවත් මුරුංගා හොද්දක් දමල බැද්මක්,බන්ඩක්කා බැදුමක්,පරිප්පුත් එක්ක එකත් උනු නිවිති මාලුවක් වගේ ගමේ දේශීයා මාලු පිනි වලින් මේ මෙනු එක ඉස්තරම් රසයෙන් යුක්තයි.මේ ඔක්කොම එක්ක පපඩමකුත් රසට හැපෙනකොට මේ බත් පතේ රස ඉස්තරම් කියන්න ඕනි.මේ අවන්හල පවුලක් විසින් තමයි කරගෙන යන්නේ.ඉතින් ලුනු ඇඹුල් රස තිතටම තියනවා කියන්න ඕනි.

මේ බුෆේ මෙනු එකට ඔබට වෙන අවන්හලක නැති විදියට කැමති විදියට පලතුරුත් කන්න පුලුවනි.පැනි රසට අම අන්නාසි පැපොල් වගේ පලතුරුත් ඔබට මේ මෙනු එකට කන්න ගන්න පුලුවනි.බීමට ගන්නවා නම් තවත් කොකාකෝලා ස්ප්‍රියෛට් බොන්න ගන්න පුලුවනි.කෑම වල රස අංක එකේ කියන්න පුලුවන් උනත් මෙතන බුෆේ එක නම් ටිකක් ගනන්.දෙන්නෙක් ඇවිත් බඩපිරෙන්න කන්න 2000ක් විතර වියදම් කරන්න වෙනවා

සේවාව

මේ අවන්හල කරගෙන යන්නේ පවුලක් එකත් වෙලා.ඔවුන් ඉතා කාරුනික සහ සුහදශීලී අය කිව්වොත් හරි.ලොකුවට පහසුකම් නැතත් මේ අවන්හල අයිති පවුලේ උදවිය ඔබට මෙහි ගත කරන කාලයේ හොඳින් සලකාවි

මග

මේ අවන්හල පිහිටන්නේ දඹුල්ල විහාරයේ ඉඳන් මීටර් 800ක් විතර මාතලේ පැත්තට වෙන්නයි.මේ හරියට කියන්නේ යාපාගම කියලා.දඹුල්ල නගරයේ ඉඳන් එනවා නම් පාරෙන් වම් අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකතන අංක වෙන්නේ 077 393 4054, 072 5838742 . දහවල් 12 විතර ඉඳන් රාත්‍රී 10 පමන වෙනකන් මේ අවන්හල විවුර්ථයි.ඔබත් මේ පැත්තේ සංචාරයක් ආවොත් Athula Restaurant Dambulla එකට ඇවිත් ගමේ රසට රසවත් කෑම වේලක රස බලන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *