කන්න බොන්න කලින් එන්න

Arabic Buriyani -Borella සාක්කුවට පහසුවට ගෙදර වගේ කැම වේලකට බොරැල්ලේ ඇරබික් බුරියානි

banner

ඇරබික් බුරියානි කියන්නේ ඉතා කුඩා බත් කඩයක්.එය පිහිටන්නේ බො‍රැල්ලේ.කටට රසට වගේම සාක්කුවටත් පහසුවෙන් රසවත් කැම වේලක් කන්න යන්න හොඳ තැනක් තමයි මෙතැන.

වටපිටාව

arabic1

මෙතන ඉතා කුඩා තැනක්..ඉදිරිපසින් නිල් පැහැති පුවරුවක කුඩාවට ඇරබික් බුරියානි නමින් ඉහලින් සවි කරලා තියනවා.ඉදිරිපස වීදුරුවෙන් ඇතුලත පෙනෙනවා. ඒ වීදුරුවේ විශාල බිරියානි පිඟාන් දෙකක සහ පලතුරු බීම සහිත පින්තූර වලින් යුක්තයි.මෙතන ඇතුලත නම්, කුඩා ඉඩක් තියෙන්නේ එක පසකට වන්නට මේස දෙකක් තියෙනවා.ඒ වගේම අතේ තියන් කනවා නම් ප්ලාස්ටික් පු‍ටු කිහිපයකුත් තියනවා.කොහොම උනත් එක් වර දහ දෙනෙක්ට වගේ තමයි මෙතන ඉඩ පහසුකම් න තියෙන්නේ.

බඩජාරි මෙනුපත

arabic2

මෙතන උදේ ඉඳන් රාත්‍රී වෙනකන් කැමට බත් කන්න ගන්න පුලුවන්.විශේශයෙන් දවල්ට කෑම මෙතන සරුයි.කෑම ගෙදර හැදුවා වාගේයි.අමතර රසකාරක එකතු කරන්නේ නැ.ඒ නිසා ඇඟට ගුනයි.කැම ගැන කිව්වොත් මාලු කැම එකක් 130යි.කුකුල් මස් කැම එකක් 140යි.එලවලු කැම එකක් ගන්නවා නම් 100යි.බැදපු මාලු කැමත් ගන්න පුලුවන්.ඒකක් 150යි.ඒ වගේම බිත්තර කෑම ගන්න ගන්නවා නම් තම්බපු බිත්තර කෑම එකක් 120යි.ඒ වගේම ඔම්ලට් එකක් 130යි..මෙහි ෆ්‍රයිඩ් රයිස් එකක් 200ක් වෙනවා.ඒ වගේම කඩේ නමටම තියන බිරියානියක් කනවා නම් 250යි.

මේ සියලුම කෑම් රසයි.බතුයි මාලුවයි කන්න ගන්නවා නම් අපිට ‍තෝරගන්න ගොඩක් මාලුව තියනවා. ඒ සියල්ල මැටි භාජන වල දාල.අපිට කෑමති මාලුවක් බෙදා ගන්න පුලුවන්.අපි එතන ඉඳන් කනවා නම් මදි පාඩු ඉල්ලගන්නත් පුලුවන්.කිසි ප්‍රශ්නයක් නෑ.බුරියානිය නියමම ඇරබික් බුරියානියක්ම නොවුනත් එහි රස ගෙවන මිලට ඉතාම සාදාරනයි.

සේවාව

මෙතන ඉන්න අය හොඳ මිත්‍රශීලී .තමුන්ට කැමති පරිදි කෑම බෙදා දේවි.ඒ වගෙම ඔබට මදි පාඩුවක් තියනවා නම් ඉල්ලුවොත් ලෝබ නැතුව බෙදා දේවී.ෆ්‍රයිඩ් රයිස් එකක් බිරියානි එකක් නම් මේසෙට එන්න පොඩි වෙලාවක් ගත වේවි.කොහොම උනත් සේවාව කියන්න තරම් වරදක් නෑ.

මග.

මෙතනට එනවා නම් බො‍රැල්ලේ එන් එම් පෙරේරා මාවතේ එන්න ඕනි.ඔවුන්ගේ ලිපිනය වෙන්නේ 231/1 එන් එම් පෙරේරා මාවත බො‍රැල්ල.බො‍රැල්ල හඳියෙන් කොටා පාරේ මීටර් තුන්සීයක් වගේ ඉස්සරහට ආව නම් කීල්ස් එක ගාවම ඔබට හොයාගන්න පුලුවන් වේවි ඇරබික් බුරියානි අවන්හල.

ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0714117628.ජනාකීරන බො‍රැල්ල නගරයේ සාක්කුවට පහසු මිලකට රසවත් කෑම වේලක් කන්න ඔබත් මේ පැත්තේ ආවොත් ඇවිත් යන්න .සාක්කුවට වගේම ඇඟටත් ගුනට රසවත්ව කන්න හොඳ තැනක් තමයි මෙතන


Leave a Reply

Your email address will not be published. Required fields are marked *