කන්න බොන්න කලින් එන්න

බඩජාරියෙක් සතු විය යුතු නියමිත ආහාර පුරුදු

banner

බොහෝ දෙනෙක් ආහාර ගැනීමේදී නිසි පිලිවෙත් සිදු කරනවා පෙනෙන්නට නෑ.සමහරක් පමනට වඩා ආහාර ගන්න අතරේ තවත් සමහරක් ආහාර නොගෙන දිගු වේලාවන් බඩගින්නේ ඉන්නවා දකින්නට පුලුවනි.ඒ වගේම බොහෝ දෙනෙක් කලට වෙලාවට ආහාර අනුභව කලත් නියමිත පෝශනය සහිත ආහාර අනුභව කරන්නේ නැතිබවක් හොඳින් පෙන්නුම් කරනවා..මේ ලිපියෙන් අපි ඔබට කියන්නට යන්නේ නිසි පරිදි ආහාර පුරුදු පවත්වාගෙන යන්න ඔබ කල යුතු මොනවාදැයි කියා.

eat1

1) සමබර ආහාර වේලක් ගන්න.ඒ සමබල ආහාර වේලට 30% ක ප්‍රමාන්යක් අඳුරු කොලපැහැ එලවලුවක් එකතු කරගන්නවා නම් ඉතා හොඳයි.උදාහරනෙකට නිවිති වගේ කොල සහිත ආහාරයක්.20%ක් පලතුරුත් 20%ක් කාබෝහයිඩ්‍රේට් සපිරි ආහාරයකුත් 20%ක් ප්‍රෝටීන් සහිත ආහාරත් 10%ක් කිරි සහිත ආහාර වර්ගයකුත් වෙන විදියට ආහාර වේල ගන්නවා නම් ඒක සමබල ආහාර වේලක්

eat2

2)කිසිම විටෙක ආහාර වේල අතපසු කරන්න එපා.

ගොඩ දෙනෙක් තමන්ගේ කාර්‍ය බහුලත්වය මත ප්‍රධාන ආහාර වේල මගහරිනවා.ඒ අතරේ බඩගින්නේ ඉන්න සිදුවීමෙන් ශරීරයට ලොකු හානියක් වෙනවා.ශරීරයේ පරිවුර්තීය ක්‍රියා උදෑසන ආහාර වේලත් එක්කම ක්‍රියාත්මක වෙනවා.ඒ නිසා ඔබේ ශරීරය නිසි ලෙස දුවන්න ඊට සරිලන ලෙස ඉන්දන ඔබ ලබා දිය යුතුයි

eat3

3)පිරිසිදු වතුර බොන්න

ඇති පමනට ජලය පානය කරන්න.ඒ වගේම පලතුරු යුශ තේ සහ කිරි වර්ග පානය ඇඟට ගුනදායකයි.කිසිම විටෙක පානිය ජලයට ආදේශකයක් ලෙසින් සෝඩා වර්ග කොකා කෝලා වැනි කෘතිම රසකාරක සහිත පාන බීමට ගැනීමෙන් වලකින්න

eat4

4)මාගරින් වර්ග තෙල් වර්ග සහිත ආහාර මෙනම පොටැටෝ චිප්ස් වැනි ආහාර නිතර ගැනීමෙන් වලකින්න.පොල් තෙල් සහිත ආඅහාර සාපේක්ශකව හොඳ උනත් සිරුරට නිතර ගැනීම අධික තරබාරු බවට හේතු වෙනවා

eat5

5)නිතර පෝශනීය ආහාර වර්ග ආහාරයට ගන්න.හැම විටම ඔබේ සිරුරට ගුනදායි දෙයක් දෙන ආහාර වර්ග සිරුරට ලබාදෙන්න.විශේශ්යෙන්ම විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර වර්ග ලබා දෙනවා නම් හොඳයි.ඇඹුල් යුශ සහිත යුශ වර්ග ඇඟට ගුනයි.ගෝවා නිවිති කඩල මෑ වර්ග කරල් බෝග සහිත ආහාර නිවුඩු සහල් කෑම ඉතාම ගුනදායකයි

eat6

6)හැමවිටම ඇති පමන පමනක් ආහාරයට ගන්න

සාමාන්‍යෙන මිනිසුන්ට උදෑසන 7 පමන සිටන රාත්‍රී 12 පමන වනතුරු බඩගිනි හැදෙනවා.උදේ දිවා රාත්‍රී නියමිත කාලයට ආහාර ගන්න.පමන ඉක්මවා ආහාර ගැනීමෙන් වලකින්න.ප්‍රධාන ආහාර වේල් අතර බඩගිනි ආවිට සුලු යමක් ආහාර ගත්තාට වරදක් නැත.එහෙත් කිසිම විටෙක එය පුරුද්දකට ගෙන නොයන්න.

eat7

7)කන ප්‍රමානය ගැන සිතන්න

ඔබගේ ආමාශය ඔබේ තනි අතක් මිට මොලවන ප්‍රමානයේ තරම් වේ.එකම කෑමකින් ආමාශය පිරවූ විට ඔබට අවශ්‍ය අනෙකුත් පෝශන කොටස් සිරුරට නොලැබී යාහැක.කෙසේ වෙතත් කැලරි සහිත ආහාර නිතර ආහාරයට වැඩි ප්ර්මානයක් ගන්නවා නම් ඒ සාපේක්ශව කිරි සහිත ආහාර සහ පලතුරු ආහාරයට ගැනීමෙන් පෝශන තත්ව පාලනය කල හැක


Leave a Reply

Your email address will not be published. Required fields are marked *