කන්න බොන්න කලින් එන්න

Zesta Tea Cup – Hatton සීතල වටපිටාවක උනු උනුවට රසවත් තේක් බොන්න එන්න හැටන් වල සෙස්ටා ටී ශොප් එකට

banner

හැටන් නගරය පැත්තේ තියන සීතලත් එක්ක කටට රහට උනු උන්වේ ප්ලේටියක් බොන්න හොඳ තැනක් ගැනයි අද අපි බඩජාරි ඩොට් කොම් වෙතින් කියන්න යන්නේ.මේ අවන්හල සෙස්ටා ටී කප්.සෙස්ටා කියන ජනප්‍රිය නාමයෙන් ලංකාවේ තේ ආශ්‍රිත නිශ්පාදන අලෙවි කරන අය තමයි මේ සෙස්ටා ටී කප් අවන්හල පවත්වාගෙන යන්නේ.සීතල කඳුකරයෙන් නෙලන නැවුම් තේ දලු වලින් හදන විවිද වර්ගයේ තේ කොල රසයට නැවුම් තේකක් හීතලට දිව පිච්චෙන ගානට මේ සෙස්ටා ටී කප් එකට ආවොත් බොන්න පුලුවනි.

වටපිටාව

zestatea34

මේ අවන්හල පිහිටන්නේ වටවල සහ හැටන් නගර අතර මැදයි.ප්‍රධාන පාර අයිනට පිහිටන මේ අවන්හලේ ඉස්සරහින්ම කහ පැහැ තේ කෝප්පයක ආකෘතියක් හැටපහේ කිලෝමීටර් කනුව ආසන්නයේම දකින්නට තියෙනවා.අවන්හලට සැලකිය යුතු තරමේ පාකිං පහසුකමත් තිබෙනවා.අවන්හලේ ගාඩ්න් එක ඉතාම හොඳින් පවත්වාගෙන යන බවක් හොඳින්ම පේනවා.අවන්හල ඉදිරිපසින් තනකොල නිසිව වවලා ඒ වගෙම මේ පැත්තේ වැවෙන මල් ගස් වලින් අවන්හලට එන මග දෙපස අලංකාර වෙලා තියනවා.මේ භූමිය වටා ඇති සුදු පැහැ කොන්ක්‍රීට් වැටත් අවන්හලට අමුතු ගතියක් එකත් කරලා තියෙන්නේ.අවන්හල ඇතුලත සැපවත් මේස සහ ලීයෙන් කල පු‍ටු පිලිවෙලකට අතුරලයි තියෙන්නේ.ලීයෙන් කල වහලය වගෙම තනි සුදු පාටින් වර්න ගන්වපු බිත්ති අවන්හලට චාම් ගතියක් එකත් කරලා තියනවා.

zestatea3

මේ අවන්හල වටවෙලා තියෙන්නේ මනස්කාන්ත පරිසරයකින්. මේ වටපිටාව පුරාවටම තේ යායවල් වලින් පිරිලා.ඔබ මෙහි එන වෙලාවකට දුම්රිය ගමන් කරන වාරයක් සෙට් උනොත් ඈත කඳුකරයේ ගමන් කරන දුම්රිය දර්ශනීය විදියට දැක බලා ගන්නත් පුලුවනි.

මෙනු පත

මේ අවන්හල උදේ දිවා රාත්‍රී වරු තුනටම ආහාර සපයනවා.තේ පානයට මුල් තැන දීලා තිබුනත් අනෙක් ප්‍රධාන ආහාර වර්ග වගෙම රසවත් ඩෙසර්ට් එකතුවකුත් ඔවුන්ගේ මෙනු එකට ඇතුලත්.තේ වර්ග නම් 50 ඉඳන් 500 මිල සීමාවටත් එහාට විවිද රසයෙන් මෙතන තේ බොන්න වගෙම මිලට ගන්නත් පුලුවනි.සෙස්ටා තේ නාමයෙන් නිපදවන බොහොමයක් තේ වර්ග මෙතනින් මිලට ගන්න පුලුවනි. ඒවගෙම තේ නිශ්පාදන එකතුවකින් යුත් තේ ගිෆ්ට් මිලට ගන්නත් මේ අවන්හලෙන් පුලුවනි.

zestatea1

තේ වර්ග වලට අමතරව සැන්ඩ්විච් වර්ග වැෆල්ස් සුප් වර්ග අයිස් ක්‍රීම් වගේ කෑමත් ප්‍රධාන මෙනුවකට රයිස් වගේ කෑම්ත් කන්න ගන්න පුලුවනි.අපි මෙහි ඇවිත් රස බලපු ලම්ප් රයිස් එක වගෙම ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකත් ඉතාම අනර්ග මට්ටමේ කියන්න පුලුවනි.ඒ වගෙම සවස් වරුවකට මෙහි ආවොත් ඔවුන්ගේ රසම රස තේකක් බොන ගමන් චයිනීස් රෝල් එකක් කන්න ගන්න පුලුවන් එය හොඳ තේරීමක් වේවි.මේ අවන්හලේ මිල ගනන් සාධාරනයි කියන්න පුලුවනි.මේ අවට මේ තත්වයේ පවත්වාගෙන යන අනෙක් තේ අලෙවිසැල් එක්ක බලද්දි ගනන් ගොඩක් අඩුයි.කොහොම උනත් වැඩි මිලට උනත් මේ මෙනු පතේ තේ වර්ග බොන්න ගන්න පුලුවන්.

සේවාව

මේ අවන්හලේ සේවාව නම් එතරම් හොඳ මට්ටමක නෙවෙයි තියෙන්නේ.මෙහි වැඩ කරන පෙලක් සේවකයන් ඉක්මනින් වැඩ කටයුතු කලත් බොහෝ වෙලාවට ඔබ ඇනවුම් කරන මෙනු එක මේසයට එන්න විනාඩි 20ක් වත් ගත වේවි.මේ අවන්හලේ සේවාව නම් තවත් වර්ධනය කරගන්න වෙන බව කියන්න ඕනි.

මග

මේ අවන්හල පිහිටන්නේ හැටන් ඉඳන් වටවල පාරේ.හැටන් වල ඉඳන් කිලෝමීටර් 8ක් වගේ දුරකින් පාරෙන් දකුනු අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.අවන්හලත් එක්කම හැට පහේ කිලෝමීටර් කනුව අසලම තියන ලොකු තේ කෝප්පයේ උස ආකෘතිය නිසා මේ තැන හොයාගන්න එක නම් අපහසුවක් නෙවෙයි.

zestatea5

මේ අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 0515685890.ඔවුන් උදේ 7 ඉඳන් රාත්‍රී වෙනතුරු විවුර්ථයි.ඔබටත් සීතල හැටන් පැත්තට ඇවිත් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් රසවත් තේකක් බොන්න හිතුනොත් Zesta Tea Cup එකට ඇවිත් යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *