කන්න බොන්න කලින් එන්න

VOC Cafe – Thmmulla සුපිරි ලම්ප්‍රයිස් එකක් නිදහසේ කන්න VOC කැෆේ

banner

කාර්‍ය බහුල කොලඹ නගරයේ නිදහසේ ආහාර ගන්න පුලුවන් තැන් ටිකක් අඩුයි.ඒ කොහ්ම උනත් අපි අද කියන්න යන රස නවාතැන ඔබට නිදහසේ ආහාර ගන්න පුලුවන් කදිම වටපිටවක් සකසලා දෙනවා.මේ තැන නමින් VOC cafe .මේ අවන්හල පවත්වාගෙන යන්නේ ලන්දේසි බර්ගර් යුනියන් එක මගින්.අවන්හල පිහිටන්නේ ඔවුන් සතු බිමක.ඒ තුන්මුල්ලේ.කොහොම උනත් කොලඹ නගරයේ අඹ ගහක් යටට වෙලා නිදහසේ රසවත් කෑම වේලක රස බලන්න VOC cafe එක ඉතා හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.

වටපිටාව

voc1

මේ තැන අපි කලිනුත් කිව්වා වගේ Dutch Burger Union එකට අයත් තැනකයි පිහිටන්නේ.ඉතින් මෙහි ඇත්ලත ඉතා හොඳ ඉඩක් තිබෙනවා.ඒ නිසා පාකිං පිලිබඳවත් ගැටලුවක් ඇති වෙන්නේ නෑ. මේ ගොඩ නැගිල්ල පරන ක්‍රමයට පෙනුනත් හොඳින් අලුත්වැඩියා කරලා තියනව පරන ලන්දේසි ගොඩනැගිල්ලක් බව පෙනෙන ආකාරයට.ඔබට මෙහි ආවොත් ඇත්ලත වගේම පිටත් ඉඳන් ආහාර ගන්න පුලුවනි.එලියේ තැඹිලි පාට ටෙන්ට් එකක් එක්ක සුදු පැහැති ප්ලාස්ටික් පු‍ටුත් එක්ක මේස අසුරලා තියෙනවා.කොහොමත් මෙතන වටපිටේ ගස් වවලා නිසා හෙවනයි.ඇතුලත ඉඳන් උනත් ආහාර ගන්න පුලුවනි.රවුම් මේස සහ ප්ලාස්ටික් පු‍ටු ඇත්ලත තබා තියනවා.බිමට ටයිල් අතුරලායි තියෙන්නේ.බිත්තියේ එල්ලා ඇති ලන්දේසි රූප අවන්හලට වෙනස් වටිනාකමක් ඇති කරනවා.

බඩජාරි මෙනුපත

voc5

ඔබ මෙහි ආවොත් අනිවාර්යෙන්ම රස බලන්න හොඳ කෑම එක තමයි ලම්ප්‍රයිස් එක.ගොඩ දෙනෙක් මෙහි එන්නේ මේ ලම්ප්‍රයිස් එකේ රස බලන්නයි.මේ ලම්ප්‍රයිස් එක නියම රෙසිපියටයි හදන්නේ.කොහොමත් ලම්ප් රයිස් කියන්නේ ලන්දේසි බලපෑම නිසා ඇති උනු කෑම වට්ටෝරුවක්.ඉතින් මේ ලන්දේසි අවන්හලේ ඒ කැම වට්ටෝරුව එලෙසම සාදනවා.මේ ලම්ප් රයිස් එක ඔබට චිකන් එක්ක හරි චිකන් සහ පෝක් මිශ්‍රව හරි ගන්න පුලුවනෛ.ඒකට සුපුරුදු බ‍ටු මෝජු බැදපු අලු කෙසෙල් ,කූනිස්සෝ පේස්ට් එකත් එක්ක කට්ලට් එක ප්‍රනීත රසයක් එකතු කරනවා.මේ සියල්ල කෙසෙල් කොලෙන් දවටලා පෙනුමත් ඉතා අනර්ගයි.ඔබ මෙහි ආවොත් මේ ලම්ප්‍රයිස් එකක් කාලා බලන්න අමතක කරන්න එපා.කොහොම උනත් මෙහි ප්‍රමානය නම් ටිකක් අඩුයි.ලොකු බඩජාරියෙක්ට නම් ටිකක් මදිත් වේවිද මන්දා.

voc3

මෙහි දිවා වරුවක ආවොත් රස බලන්න රයිස් ඇන්ඩ් කරි එකත් ඉතා හොඳ රසවත් ‍තෝරාගැනීමක් වෙනවා නො අනුමානයි.දිවා ආහාරයට කහ බත් හෝ එලඟිතෙල් මිශ්‍ර බත් කෑමට කන්න ගන්න පුලුවන්.අපි කියන්නේ ඔබට කහ බත් එක්ක ඌරු මස් කෑම එකක් කාලා බලන්න රස උපරිමයි.මේ ඌරු මස් හොද්ද ඉතාම රසවත් එකක්.ඒ වගෙම ඊට ලැබෙන පොල් සම්බෝලයත් එක්ක කහ බත් [අ[අඩමක් එක්ක කැවෙනකොට රස නහර පිනා යනවා.මේ එලඟිතෙල් බත් හෝ කහ බත් ඔබට එලවලු කෑම එකක් විදියට පෝක් ,චිකන් මාලු යන විදියට ආහාර ගන්න පුවනි.මේ අපි ඉහත කිව්ව කෑම ඔක්කොම 450-550 අතර මිලක් තමයි වෙන්නේ.

voc4

මෙහි ඇවිත් ඔබ රස බලනවා නම් ඔවුන් සතු බීෆ් බර්ගර් එකත් හොඳ තේරීමක්.එය 400ක් වගේ මිලක් වෙනවා.හොඳින් සැකසුනු බර්ගර් බනිස් පෙති දෙක මත ඉතා රසැති බීෆ් පෙති මුදු මොකොල්ව හැපෙන විට අනර්ග රසයක් ඇති කරනවා කිව්වොත් නිවැරදියි..

ඔබ මෙහි රාත්‍රී ආහාර වේලකට එනවා නම් රසවත් කොත්තු එකක් හොඳ තේරීමක් වේවෛ.ඒ වගේම ආප්ප එක්ක ඌරු මස් හොද්දක් රස බලන්න පුල්;උවනි නම් එයත් ඉතාම රසවත් අත්දැකීමක් වෙනු නො අනුමානයි.ආප්ප වගේම ඉඳි ආප්ප උනත් ඌරු මස් කරියත් එක්ක උත්සහ කරලා බලන්න හොඳ මෙනු එකක්.

voc2

මෙහි ඇති තවත් රසවත් බීමක් විදියට ජින්ජර් බියර් එක හඳුන්වලා දෙන්න පුලුවනි.මෙහි විශේශත්වය මේ ජින්ජර් බියර් එකත් හදන්නේ මෙහිම තමයි.ඉතින් අපි නිතර රස විඳින ජින්ජර් බියර් එකට වඩා වෙනස් රසයක් මෙහි තියනවා.සාමාන්‍යයෙන් හොඳට බඩපිරෙන්න කන්න දෙන්නෙක්ට රුපියල් 1500ක් හොඳටම ඇති වේවි.

සේවාව

මෙහි සේවාව සාමාන්‍ය මට්ටමේ පවතිනවා කියන්න පුලුවනි.මෙහි වැඩ කරන අය ඔබට ඔනි දේවල් මේසයට ගෙනත් දෙන්න යන වෙලාව පෙලක් විටෙක ඉක්මන් වෙන්නත් පුලුවනි.ඒ වගෙම පෙලක් විටෙක ටිකක් පරක්කු වෙන්නත් පුලුවනි.කොහොම උනත් ඒ අය ප්‍රසන්නයි මිත්‍රශීලියි.කොහොම උනත් තව ටිකක් වැඩි දියුනු කරගත්තා නම් හොඳයි කියලා හිතෙනවා

මග

මෙතනට එනවා නම් තුම්මුල්ල හඳියේ ඉඳන් බවුධ්දාලෝක මාවතේ මීටර් පනහක් විතර ගාලු පාර පැත්තට එනකොට පාරෙන් දකුනු අත පැත්තෙයි තියෙන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙනෙන 0112584511. ඔවුන් සෑම දිනකම උදෑසන 11 ඉඳන් රාත්‍රී 10.30 පමන වන තෘ විවුර්ථව තියනවා.ඔවුන් පෝය දිනයන්ට සවස 4ට මේ අවන්හල වහනවා.කොලඹ නගරයේ පොකට්ටෞවට පහසුවෙන රසවත්ව ගෙදර හැදුවා වගේ රසවත් කෑම වෙලක් නිදහසේ කන්න යන්න කියාපු තැනක් තමයි මේ වී ඕ සී අවන්හල.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *