කන්න බොන්න කලින් එන්න

Tom yum Restaurant තායි කෝකියන්ගේ අතින් සැදි තායි කැම කන්න එන්න බම්බලපිටියේ ටොම් යම් අවන්හලට

banner

ටොම් යම් කියන්නේ තායි සුප් වර්ගයක්.මේ තායි සුප් එක හදන්නේ කූනිස්සන්ගෙන් තමයි.මේ සුප් එකේ නමින් යුත් රසවත් තායි කෑම අවන්හලක් බම්බලපිටියේ පිහිටලා තියනවා.මෙහි කන්න තියෙන්නේ තායි කෑම තමයි.ගොඩක්ම තායි වීදි කෑම කන්න යන්න හොඳ තැනක් විදියට මේ අවන්හල නම් කරන්න පුලුවනි. ඉතින් අද අපි කියන්න යන්නේ මේ තායි අවන්හලේ රසවත් කෑම වල විස්තර.

වටපිටාව

මේ අවන්හල කුඩා ප්‍රමානයේ එකක්.මෙතන පිහිටන්නේ ගාලු පාර අයිනේමයි.ඉතින් පාකිං නම් හොයාගන්න එක ටිකක් අපහසු වෙයි.ගාලු පාර අයිනේ කුඩා බිම් කඩක ඇතුලට වෙන්නට තමයි මේ අවන්හල පිහිටන්නේ.ඔවුන්ගේ අවන්හලේ නාමය පාර අයිනේ වගෙම ඇතුලත වීදුරුවෙත් පෙන්නුම් කරලා තියනවා.මෙහි ඇතුලත අලංකාරවත්.චාම් බවට මුසුවෙච්ච අමුත්ම ගතියක් අවන්හල තුල තියනවා.මෙහි පු‍ටු සැපවත්.මේස දැවයෙන් කරන ලද ඒවා.ඇතුලත කුඩා නිසා මෙහි ඒ සී එකත් හොඳට දැන්නෙන තියනවා කියන්න පුලුවනි.එක වරට 20කට විත ඉඳගන්න පහසුකම් මේ අවන්හල සතුයි.

බඩජාරි මෙනුපත

tomyum1

මෙහි උයන පිහන කටයුතු කරන්නේ තායි අය අතින්මයි,ඉතින් කේම නියම තායි වීදි ආහාර කියලා කියන්න පුලුවනි.මෙහි සැලඩ් සුප් සහ ප්‍රධාන ආහාර වලට අමතරව රසවත් තායි ඩෙසර්ට් බොහොමයක් කන්න ගන්න පුලුවනි.මෙහි ඇවිත් අවන්හලේ නාමයෙන්ම ඇති සුප් එකේ රස බලන එක හොඳ තේරීමක් කියන්න පුලුවනි.ටොම් යම් අවන්හලේ ටොම් යම් සුප් එක සී ෆුඩ් විදියට හරි චිකන් විදියට හරි ගන්න පුලුව්නෛ.එය රසවත් තේරීමක් කියන්න පුලුව්නෛ.ඒ වගෙම හොන්ද සුප් එකක් විදියට Tom Kha Gai නමින් තියන සුප් එකත් හද්න්වල දෙන්න පුලුවනි.මෙහි චිකන් සමග පොල් කිරි වලින් සැදුනු සුප් එකක් තමයි තියෙන්නේ.මෙහි රසය අපි කලින් කිව්ව ටොම් යම් සුප් එකටත් වඩා රසවත් කියන්න පුලුව්නෛ.මේ සුප් වර්ග ගොඩක් 700-1000 අතර මිල සීමාවේ පවතින්නේ.

ප්‍රධානා ආහාර වේලට ගියොත් ඔවුන්ගේ Khao Pad Supparod නමින් එන ෆ්‍රයිඩ් රයිස් එක සුවිශේශි එකක් කියන්න පුලුවනි.මෙහි විශේශත්වය වෙන්නේ මේ ආහාර වේල පිලිගන්වන්නේ බාගෙට කැපු අන්නාසි ගෙඩියක් මත තියායි.කැරට් බෝන්චි වගේ එලවලුත් එක්ක එකත්ව චිකන් කෑලිත් එක්ක පෙනුවමට වගේම කෑමටත් රසවත්ව කන්න ගන්න පුලුවන් හොඳ මෙනු එකක් මේක.අපි නිතර කන ෆ්‍රයිඩ් රයිස් එකට වඩා මෙහි රස ඇත්තටම වෙනස් කියන්න පුලුව්නෛ.තායි විදියට සී ෆුඩ් රයිස් එකක් කනවා නම් එහි දැල්ලෝ,කුඩා බූවල්ලන් ජාතියක් වගේම ඉස්සොත් මික්ස් වෙලයි මේසයට එන්නේ.මේකත් එක්ක එන සෝස් එකත් රස උපරිමයි කියන්න පුලුව්නෛ.සී ෆුඩ් රයිස් එකත් එක්ක මේ මාලු රස සෝස් එක ඉතාම රසවත් කියන්න පුලුවනි.

tomyum12

මීට අමතරව විවිද විදියට කන්න නූඩ්ල්ස් වර්ගත් ගන්න මෙතනට ආවොත් පුලුව්නෛ.ඉස්සෝ එක්ක නැත්නම් ටිකක් ග්‍රවිත් එක්ක එකට උනත් නූඩ්ල්ස් කන්න ඇනවුම් කරන්න පුලුව්නෛ.ගාලික් චිකන් වගෙම ගාලික් ‍ෆිශ් කියලත් මෙහි මෙනු එකේ කෑම වර්ග දෙකක් තියනවා.ඒ හැම එකකම ගාලික් රස ටිකක් වැඩි පැත්තට යහමින් ලුනු රසට කන්න ගන්න පුලුව්නෛ.මේ අවන්හලේ පොඩි දරුවන්ටත් වෙනම මෙනු එකක් තියනවා.බිත්තර ඔම්ලට් ෆ්‍රයි චිකන් වගේ කෑම ඒ යටතෙ කන්න ගන්න පුලුවනි.

tomyum14

බීමට ගන්නවා නම් තායි ක්‍රමයට හදාපු මිල්ක් අයිස් ටී එකක් හරි ලෙමන් අයිස් ටී එකක් හරි බොන්න පුලුවන් නම් හොඳයි.මේ පාන වර්ග දෙකම රසින් එකකට වෙනස් වගේම එකකට එකක් දෙවෙනි නෑ.ඉතාම රසවත් බීමක් කියන්න පුලුවනි.සමස්ථයක් විදියට මේ අවන්හලේ බොහොමයක් කෑම වර්ග ඉතා රසවත් කියන්න පුලුවනි.කොහොම උනත් මිල ගනන් නම් ටිකක් විතර සැරයි.මේ මට්ටමේ වෙනත් අවන්හලක මීට වඩා අඩුවෙන් මේ විදියේ තායි ආහාර ගන්න පුලුවන් බොහෝ දුරට.ඒ වගෙම කියන්න ඕනි ඔබට පිඟානට ලැබෙන ප්‍රමානත් සාපේක්ශව කුඩායි.

සේවාව

මෙහි ඉන්න සේවක මහතුන් තරමක් දුරට මිත්‍රශීලීයි කියන්න පුලුවනි.මෙහි අයට මේ කෑම් වර්ග පිලිබඳ දැනුමක් තියනවා .ඔවුන් සමග කතා බහ කරලා ඔබට සරිලන කෑම වේල තීරනය කරගන්න පුලුව්නෛ.මේ අවන්හලේ අයිතිකරුත් මෙහි හිටියොත් ඔහුගෙනුත් මේ කෑම් ගැන දැනගන්න පුලුව්නෛ.ඒ වගෙම මෙහි උයන තායි කාන්තාවගෙනුත් මේ මෙනු ගැන විස්තරයක් දැනගන්න පුලුව්නෛ.ඔබට ආහාර ඇනවුම් කරලා මේසයට කෑම එන්න නම් ටිකක් වෙලා යාවි.එය විනාඩි 10-25 අත වෙන්න පුලුවනි.කොහොම උනත් මේ සේවා සඳහා ඔවුන් වෙනම අයකරනවා

මග

ඔබ වැල්ලවත්ත පැත්තේ ඉඳන් කොලඹ දෙසට එනවා නම් කිරුලපන ඇල එහෙම පහු කරලා 100මීටර් වගේ ඉස්සරහට එනකොටයි මේ අවන්හල පිහිටන්නේ.පාරෙන් වම් අතපැත්තේ ටොම් ටොප් නමින් බෝඩ් එක පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.මෙතන හොයාගන්න එතරම් අපහසුවක් නෑ.හරියටම කිව්වොත් ශාන්ත පීතර ඉස්කොලේ ඉදිරිපසින් තමයි මේ අවන්හල පිහිටන්නෙ.

මේ අවන්හල දවල් 12 ඉඳන් සවස 3 වෙනකන් වගෙම සවස 6.30 ඉඳන් රාත්‍රී 11 පමන වෙනකන් විවුර්ථයි.දෙන්නෙක්ට කන්න රුපියල් 3000ක් විතර වැය වේවි කියන්න පුලුවන්.මෙතන ද්‍රකථන අංකය වෙන්නේ 0112594458.ඔබත් කන්න වියදම් කරන මුදල ගෑන් වැඩිය හිතන්නේ නැතුව ආහාර වල රස ගැන කල්පනා කරනවා න බම්බලපිටියේ Tom Yum Restaurant එක හොඳ ‍තෝරාගැනීඉමක් කියන්න පුලුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *