කන්න බොන්න කලින් එන්න

Toby’s Estate Restaurant – Mount Lavinia සුපිරි පන්නයේ අවන්හලකින් කෝපි කෝප්පයක් බොන්න ටොබි’ස් එස්ටේට්

banner

අපි අද කියන්න යන්නේ ගල්කිස්සේ පිහිටි රසවත් කෝපි ඇතුලු බීම වර්ග පිරිනමන අවන්හලක් ගැන.මෙහි කෝපි වලට අමතරව අනෙකුත් කෑම බීම වර්ගත් තිබෙනවා.ඒත් ඔවුන් මුල් තැන දෙන්නේ කෝපි වලට.මෙතන නමින් ටොබි’ස් එස්ටේට්.මේ අවන්හලේ විශේශත්වය වෙන්නේ මේ අවන්හලේ ආරම්භය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර.ඒ කියන්නේ මෙහි මව් ශාඛාව පිහිටන්නේ එහේ.ඒ වගේම සිංගප්පූරුවෙත් ඇමරිකවේ නිව්යෝක් නගරයෙත් ඔවුන්ගේ අවන්හල් පිහි‍ටුවා තිබෙනවා.

වටපිටාව

toby3

මෙතන පිහිටන්නේ ගල්කිස්ස නගරය මැද්දට වෙන්න.කොහොම උනත් මෙතන වාහනයක් නවත්තන්න පුලුවන් පහසුකමත් තිබෙනවා.එය හොඳ ලක්ශනයක්.මොකද ගොඩක් කාරය බහුල නගර මැද තිබෙන අවන්හල් වල වාහන නතර කිරීමේ පහසුකම් අවමයි.
මේ අවන්හල ප්‍රමානයෙන් ටිකක් පොඩියි.ඒත් ඉතාමත් දැකුම් කලු විදියට ඇතුලත සකස් වෙලා තියනවා.ඉතා සැප පහසු පු‍ටු සහ මේස දැවයෙන් නිම කරපුවා.ඒ වා අසුරලා තිබෙන හැටිත් අනර්ගයි.ඉඩ කඩ මදිව ඇහිරුනු ස්වභාවයක් නෑ.මෙහි ඇත්ලත වගේම එලියට වෙන්නටත් මේස පු‍ටු අසුරලයි තියෙන්නේ.ඒ නිසා එලියේ ඉඳගෙන උනත් කෝපි වීදෘවක් තොලගාන්න කදිමයි.එක් බිත්තියක විවිද විදියේ තේ පෝච්චි රාක්කයක අසුරා තිබෙනවා. ඉපැරනි කාලයේ තේ හැදීමට භාවිතා කල පෝච්චි වල ආකෘතින් වගෙයි පෙන්නෙන්නේ.
ඇතුලත කලු ලෑල්ලක් මත ඔවුන්ගේ ආහාර මෙනුවත් හොඳින් දර්ශනය කර තිබෙනවා. ඇත්ලත ඒ සී තත්වය නම් ටිකක් විතර මදි වගේ.ඒ හැරෙන්න මෙහි වටපිටාවේ අඩුවක් නෑ.

මෙනුපත

toby4

ඔවුන් සතු මෙනු පත ඉතා දීර්ග එකක්.එය ප්‍රධාන ලෙස කෝපි වර්ග, ස්ටාටර්ස් , සුප් වර්ග, ස්ටාටර්ස් , ප්‍රධාන ආහාර සහ ඩෙසර්ට් විදියට දක්වන්න පුලුවනි.ඔබ මෙහි ආවොත් ඔවුන් සත් කෝපි එකක් බොන්නට නම් අමතක කරන්න එපා.ඒ මොකද මේ අවන්හල සුවිශේශී වෙන්නේ කෝපි සඳහායි.ඒ වගෙමයි මේ කෝපි වීදුරුවක රසත්.ඉතා අනර්ග සුපිරි මට්ටමේ කෝපි කෝප්පයක් තමයි Toby’s Estate එකේදි ඔබට ලැබෙන්නේ.

tobys2

කෝපි වර්ගෞනුසුම් සහ සිසිල් ලෙසින් දෙවිදියකට ඇනවුම් කරන්න පුලුවන්.ඒ වගෙම කුඩා සහ විශාල ප්‍රමාන වලිනුත්.උනුසුම් කෝපි කෝප්පයක් 300-550 ත් අතර මිලක් වෙනවා.. සීතල කෝපි වීදුරුවක් 400-550 ත් අතර මිලක් වෙනවා.ඒ වගෙම විවිධ නම් වලින් අයිස් තේ වර්ගත් මෙතනින් ඔබට බොන්න ගන්න පුලුව්නෛ.තේ පානයන් අතර චීන තේ ජපන් තේ වර්ගත් මිලට ගන්න පුලුවනි.එය තරමක් වෙනස් අත්දැකීමක් වේවි.මේ තේ සහ කෝපි වර්ග රසින් ඉතා ඉහලයි. ඒත් ඒවාගේ මිල නම් ටිකක් විතර ඉහලයි කියලා කියන්න ඕනි.

toby5

මෙහි ආවොත් ඔබ කෝපි කෝප්පයකට අමතරව රස බලන්න වටිනා ආහාරය තමයි ඔවුන්ගේ Cream of Green Apple & Pumpkin Soup එක.ඒ වගෙමයි ඔවුන්ගේ බීෆ් ලසන්යා එක.එහි චීස් රසට තක්කාලි රසයෙන් සහ ක්‍රීම් ගතියෙන් මනාව රසවත් වෙලා තියෙන්නේ.මේ ආහාර ගොඩක්ම කැම මේසයට එනකොට ඉතා අලංකාරව අසුරලයි එවන්නේ.ඉතින් දැක්ක ගමන් කන්න ආස හිතෙනවා කිව්වොත් හරි.ලැබෙන ප්‍රමානය ශේප් කියන්න පුලුවන්.කොහොම උනත් ගෙවන මිලත් එක්ක නම් මේ කැම වල ප්‍රමාන එක්ක පොකට්‍ටුවට පොඩි බරක්දෝ කියලත් හිතෙනවා

සේවාව

මෙහි සිටින ගොඩක් අය ඉතා සුහදශීලි අය.මෙහි කලමානාකරු පවා මෙහි එන අය සමග සිහදව කතා බහ කරමින් අවන්හලට එන අයගේ ආහාර රුචි අරුචි කම් මත කෑම ලබා දෙන්න උනන්දුවෙන් ඉන්නවා.ඒ කොහොම උනත් ඔබට ඔබ ඇනවුම් කර කෝපි කෝප්පය හරි කෑම වේල හරි විනාඩි තිහක් දක්වා උනත් ප්‍රමාද වෙන්න නම් පුලුවන්.ඒ තරමටම ඔවුන්ගේ සේවාව සෙමින් සිදුවන්නක්.

මග

මෙතනට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් ගල්කිස්ස නගරයේ ඇති කේ එෆ් සී එක තියන තැනට මෙහායින් පිහිටන්නේ.එතනම තිබෙනවා කාර්ගිල්ස් ෆුඩ් සිටියකුත්.කොලඹ ඉඳන් එනවා නම් පාරෙන් දකුනු අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හල උදෑසන නවයේ ඉඳන් රාත්‍රී එකොලහ පමන වන තුරු විවුර්ථව තියෙනවා.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0112710335.දෙන්නෙක් ඇවිත් රසවත් කෝපි එකක රසවිඳින්න 2000 ක වගෙ මුදලක් වැය වෙයි.මුදල කොහොම උනත් එක් වරක්වත ඇවිත් රස බලන්න වටිනවා කියන්න පුලුවන්.ඔබත් මේ පැත්තේ ආවොත් රසවත් කෝපි වීදෘවක් තොලගාන්න එන්න Toby’s Estate Cafe & Restaurant එකට.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *