කන්න බොන්න කලින් එන්න

නිවාඩු පාඩුවේ ආහාර වේලක් ගන්න පොලොන්නරුවේ තිදස් අරනට ගොඩ වෙමු – Thidas Arana Polonnaruwa

banner

තිදස් අරන කියන්නේ පොලොන්නරුව පැත්තේ තියන හොඳ තත්වයේ අවන්හලක්.තිදස් අරන නමින් පවත්වාගෙන මේ අවන්හල නවාතැන් ගන්න පහසුකම් සහ උත්සව ශාලා පහසුකම් එක්ක පවත්වාගෙන යන තැනක්.පොලොන්නරුව නගරයට එන සංචාරකයන්ට පිලිවෙලකට කෑම වේලක් ගන්න යන්න හොඳ තැනක් විදියට මේ අවන්හල අපිට නම් කරන්න පුලුවනි.

වටපිටාව

thidasrana1

මේ අවන්හල මනරම් වටපිටාවක තමයි පවත්වාගෙන යන්නේ.හොඳ වාහන පාකිං පහසුකම් සහිතව මේ අවන්හල පවත්වාගෙන යනවා.අවන්හල විවුර්ථ ශාලාවක පවතාගෙන යනවා.විශාල ප්‍රමානයේ අවන්හලක් ඔවුන් සතුයි.එක වර විශාල පිරිසකට මෙහි ආවොත් ආහාර ගන්න පහසුකම් සලසලා තියනවා.අවන්හල ඇතුලත ලීයෙන් කල සැපවත් මේස පු‍ටු අසුරලා තියනවා.රස්නෙ වැඩ් වෙනකෝට ඒවා සමනය කරගන්න ෆැන් සවි කරලා තියනවා.පිලිවෙලකට හැඳගත් සේවකයන් ගෙනුත් මේ අවන්හලට යම් ආලෝකයක් එකතු වෙලා තියනවා කියන්න පුලුවනි.ඒ වගෙම අවන්හලේ වටපිටාව ගාඩ්න් එක මනාව පවත්වාගෙන යන බවක් පේන්න තියනවා

මෙනුපත

res_5

මෙහි උදේ දිවා සහ රාත්‍රී වරුවලට කෑම සපයනවා.මූලිකවම දේශිය ආහාර වර්ග තමයි කන්න තියෙන්නේ.ඊට අමතරව බටහිර සහ චීන ආහාරත් කන්න ගන්න පුලුවනි.මෙහි ප්‍රදාන වශයෙන් බුෆේ ක්‍රමයට තමයි ආහාර පිලිගන්වන්නේ.ඊට අමතරව කාඅ හරි ඒ මෙනු එකෙන් පිටට ගිහිල්ලා ඔවුන්ගේ මෙනු පතේ ඇති අනික් කෑම වෙනම ලබාගන්න පුලුවනි.

f6

උදේ වරුවට බත් මුං ඇට කිරිබත් වගේ කෑමත් ඉංග්ලිශ් බ්‍රේක්ෆස්ට් වගේ බටහිර පන්නයේ කෑමත් කන්න ගන්න පුලුවනි.දවල් වරුවට දේශිය ක්‍රමේට ත්යන බුෆේ එකට අමතරව ෆ්‍රයිඩ් රයිස් වගේ චින ආහාර කන්න ගන්නත් පුලුවනි.බුෆේ එකේ ගමේ කෑම වේලක් තිබුනත් මේ කෑම වේල නම් සාමානය මට්ටමේ එකක්.ඒ තරම් කැම වල ලොකු විශේශත්වයක් නම් නෑ.
මේ ප්‍රදාන කෑම වේලට අමතරව ඩෙසර්ට් එකට කැවුම් කොකිස් අලුවා වගේ කෑමත් මෙහි ආවොත් ඔබට රස විඳින්න පුලුවනි.මේ පැනිරස කෑම හැදෙන්නේ මේ වැඩේට හොඳ හැකියාවක් ඇති කාන්තාවන් අතින්.ඒ නිසාමත් මේ පැනිරස කෑම ඉතා රසවත් වෙලා කියන්න ඕනි. ඒ වගෙම මෙහි රසවත් පලතුරු වර්ග පලතුරු යුශ වර්ග වගේ කෑමට සහ බීමට ගන්න පුලුවනි.

thidasarana4

මේ කෑම වලට ගෙවන්න ඕනි මිල නම් ටිකක් ඉහල මට්ටමේ තමයි පවතින්නේ.එක් අයකුට මේ අවන්හලට ඇවිත් කෑම එකක් කන්න 1500 කට ආසන්න මිලක් වැය වේ.

සේවාව

මේ අවන්හලේ සේවකයන් ඉතා සුහදශීලී අය කියන්න පුලුවන්.ඔවුන් මෙහි යන එන අයට හොඳින් සේවය සලසනවා.ඔවුන් මේ වැඩ සඳහා හොඳින් පුහුනු උනු අය කියලා කියන්න පුලුවනි.වොශ් රූම් පවා ඉතා හොඳ මට්ටමේ පවතිනවා.ඔවුන්ගේ සේවාව නම් ඉහල මට්ටමේ කියන්න පුලුවනි.

මග

පොලොන්නරුව නගරයේ ඉඳන් බැඳිවැව පාරේ තමයි මේ අවන්හලට එන්න ඕනි.බැඳිවැව ඉඳන් මේ අවන්හල පැත්තට කිලෝමීටර් එක හමාරක් විතර එන්න ඕනි.ඒ එනකොට පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ ලිපිනය වෙන්නේ 23නේ කනුව බැඳිවැව පොලොන්නරුව.ඔවුන් උහ්ඩේ ඉඳන් රාත්‍රී වෙනතුරු විවුර්ථව පවතිනවා.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0272225577.ඔබත් පොලොන්නරුව පැත්තේ ආවොත් මේ Thidas Arana Polonnaruwa අවන්හලට ගොඩ වෙලා ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *