කන්න බොන්න කලින් එන්න

අතේ ඇති මිලට රසට කන්න එන්න අනුරාධපුරේ The Walkers Restaurant Anuradhapura

banner

අනුරාධපුර නගරය මැද පිහිටි හොඳ මට්ටමේ අවන්හලක් තමයි වෝකර්ස් කියන්නේ.මේ අවන්හල රසවත් ආහාර සපයන තැනක් විදියට තමයි අනුරාධපුරේ පැත්තේ ඉන්න ගොඩ දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ.දිවා සහ රාත්‍රී කාලය යන දෙකටම රසවත් ආහාර සපයන මේ The Walkers Restaurant ගැනයි අපි අද කියන්න යන්නේ.

වටපිටාව
walkers1
අවන්හල එතරම්ම ලොකු අවන්හලක් නම් නෙවෙයි. වාහනයක ඔබ මෙතනට අවොත් පාක් කරන්න සැලකිය යුත් තරමේ පාකිං පහසුකමක් මේ අවන්හල සත්යි.මේ වනහල ටිකක් විතර විවුර්ථ විදියට තමයි තියෙන්නේ.හිඳගන්න තියෙන්නේ මේස සහ පු‍ටු ලීයෙන් කල ඒවා.ඒ නිසා එක වර 6ක් පමන එකට ඉඳගෙන කැම කන්න පුලුවනි.දෙන්නෙක් වගේ ආවොත් ටිකක් පාඩුවේ ආහාර ගන්න පුලුවන් හැකියාව මේ අවන්හලේ අඩුයි.බිමට ටයිල් අතුරායි තියෙන්නේ.වහලයට හෙවිල්ලපු ඇස්බැස්ටෝස් නිසා අවන්හල දවල් වරුවට නම් ටිකක් රස්නෙයි.ෆැන් ගොඩක් තිබුනත් දවල් වරුවට නම් ටිකක් ඇඟට දැනෙන රස්නයක් තියනවා.අවන්හල ඉස්සරහට වෙන්නට පිහිට්න විශාල තිරයක් සහිත ටීවී එකකුත් මේ අවන්හලේ සවි කරලයි තියෙන්නේ.එක වර මෙහි 20කට 30කට වගේ එක වර කෑම කන්න පුලුවනි.

මෙනුපත

walkers3

මෙහි උදේ දවල් සහ රාත්‍රී තුන් වේලටම කැම සපයනවා.කෑම මෙහි ඉඳන් කන්න් අහෝ ‍රැගෙන යාමේ පහසුකම සතුයි.උදේ වරුවකට රත් කැකුලු හෝ සුදු කෑකුලු බත් එක්ක රයිස් ඇන්ඩ් කරි වගේ කැමත්,ඉඳි ආප්ප රොටී වගේ කෑමත් මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.ඉඳි ආප්ප එක්ක ඌරු මස් හොද්ද උදේ වරුවට හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.ඒ වගෙම නැවුම් ශෝට් ඊට්ස් එක්ක ප්ලේන්ටියක් උනත් රසවත් කියන්න පුලුවනි.

දවල් වරුවට ඔවුන්ගේ භාජන වලට දවා තිබෙන රයිස් ඇන්ඩ් කරි හෝ ෆ්‍රයිඩ් රයිස් කන්න ගන්න පුලුවනි.ඔබ මෙහි ඇවිත් රයිස් ඇන්ඩ් කරි කනවා නම් මස් හෝ මාලු ඌරු මස් බිත්තර ඔමල් වගේ ඕනි එකක් එක්ක කැමති පරිදි කන්න මාලු පිනි ගනනාවක් තිබෙනවා.ඒ වගෙම ඉස්සෝ දැල්ලෝ වගේ කෑමත් පෙලක් දවස් වලට මේ මෙනු එකේ දකින්න පුලුවනි.ඒ වගෙම ෆ්‍රයිඩ් රයිස් චිකන් හෝ මාලු විදියට කන්න ගන්නත් පුලුවනි.

walkers4
රාත්‍රී වරුවටත් දවල් තියන මෙනු එකම ගොඩක් ද්‍රට තියෙනවා.ඒ වගෙම නූඩ්ල්ස් කන්න ගන්නත් පුලුවනි.මේ අවන්හලේ කැම පෝශන් එක සාමාන්‍ය මට්ටමේ කියන්න පුලුවනි.ගෙවන මිලට මේ කැම ලාබයි.ලොකු මිලක් නම් නෑ.දෙන්නෙක් ඇවිත් කන්න රුපියල් 600ක් වගේ මිලක් ඇති වේවි.

සේවාව

මෙහි සේවකයන්ට සේවා පහසුකම සපයන එක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෑ.මොකද අවන්හල ස්වයං සේවා.කොහොම උනත් මෙහි කාරය මංඩලය හොඳ ප්‍රිය මනාප අය.මෙහි දුම් බොන අයට වෙනම තැනක් හදලා තියනවා.ඒ නිසා ඒ අවශ්‍යතාව තියන අයට අනික් අයගෙන් මිදිලා ඒ වැඩේ කරගන්න පුලුවනි.ඒ වගෙම වැසිකිලි පද්දතියත් හොඳින් නඩත්තු කරනගෙන යන බවක් පේනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ නුවර වැවේ එක් අන්තයකට කිට්‍ටු වන්නටයි.අනුරාධපුරේ ප්‍රධාන ලංකා බැංකුව මහජන බැංකුව පිහිටන හංදියෙන් ඇති හරිස්චන්ද්‍ර මාවතේ නුවර වැව පැත්තට යනකොට හම්බෙන පලමු හතරමං හඳියේම පාරෙන් දකුනු අත පැත්තට වෙන්නටයි මේ අවන්හල පිහිටන්නේ.

උදේ 7 ඉඳන් රාත්‍රී 10 පමන වනතෘ මේ අවන්හල විවුර්ථයි.ගොඩ ඩහෙනෙක් මෙහි කැම ඇවිත් කනවට අමතරව ‍රැගෙන යන එක තමයි කරන්නේ.ඔබත් අනුරාධපුරේ නගරයේ සංචාරයකට ආවොත් Walkers Family Restaurant එක පැත්තේ ඇවිත් අතේ ඇති මිලට රසවත් කෑමක රස බලලා යන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *