කන්න බොන්න කලින් එන්න

ඩිල්මා නාමයේ රසවත් තේකක් බොන්න එන්න ටී ලොන්ජ් එකට- T Lounge by Dilmah

banner

ඩිල්මා යන නාමය ඇහෙනකොට මතක් වෙන්නේ තේ.ඔවුන්ගේ තේ නාමය දේශීයව සහ විදේශීයව ඉතා ජනප්‍රියයි.මේ ඩිල්මා තේ සමාගමෙන් මීගමුව ප්‍රදේශයේ කදිම අවන්හලක් පවත්වාගෙන යනවා.එය නමින් ඩිල්ම ටී ලොන්ජ්.ඔබ මේ අවන්හලට ආවොත් රසම රස තේකක් එක්ක රසවත් කෑමක රසය විඳින්න ඔබට හැකියාව තියනවා.

වටපිටාව

tlounge5

මේ අවන්හල ටිකක් පාරට කිට්‍ටුවෙන්ම තියන නිසා ඔඩි කරදරකාරී ගතියක් තියන බවක් දැනෙනවා.එය හැරෙන්න මේ අවන්හලේ කිසිම අඩුපාඩුවක් නෑ.ඇතුලත කුඩාවට නවීන විදියට ගොඩ නගලා තියනවා.ඩිල්මා ආයතනය සති තේ වර්ග බොහොමයක් කුඩා කබඩ් වල පිලිවෙලට අසුරලා.ඒවා විවිද නම් වලින් යුක්තයි.ඒ වගෙම ඒ අසුරන උනත් ඉතා අලංකාරයි.අවන්හල ඇතුල්ත ටී ලොන්ජ් යන නාමය ඉතා අලංකරව දර්ශනය කරලා තියනවා.

tloung3

මෙහි ඉහල වහලය පවා ලීයෙන් අමුතු රටවකට සාදා තියෙන්නේ.ඉඳගන්න තියන මේස සහ පු‍ටු ඉතා සැපවත්.ඒ වගේම ඒ සී එක හොඳින් ඇතුලත පවතිනවා.රසවත් තේ කෝප්පයක් බොන්න කදිම වටපිටාවක් ඩිල්මා තේ ලොන්ජ් එක ඇතුලත පවතිනවා.

මෙනුපත

tloungr7

මෙහි අපි කලිනුත් කිව්වා වගේ විවිද නාමකරනයෙන් විවිද වර්ගයේ තේ බොන්න ගන්න පුලුවන්.ඔවුන් මේ මෙනු එක කොට්ස් වලට කඩලා .Signature tea,T-Kitsch,Ive tea,Sparkling tea වගේම මොක්ටේල් වර්ග ටී ශේක්ස්,ස්මූතීස් කියන නාමකරන යටතේ බොහොමයක් තේ වර්ග වල රස බලන්න පුලුවන්.මේ ගොඩක් තේ වර්ග රුපියල් 300-600 අතර් මිල සීමාවේ පවතිනව.

tlounge2

කන්නත් වෙනම මෙනු එකක් ඇතුලත්. ඒ අතර සැලඩ්ස් ව්‍රැප්ස් පීසා ,බර්ගර් ක්‍රිප්ස් වැෆල්ස් අයිස් ක්‍රීම් වර්ග විවිද වර්ගයෙන් සහ විවිද නම් වලින් කන්න ගන්න පුලුවන්.රස ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ.ඩිල්මා නාමය ‍රැකෙන පර්දි මේ කෑම වල රස ඉතා ඉහලින් තබා ගන්න ඔවුන්කටයුතු කරලා තියන බවක් හොඳින්ම පේනව.

tloungr7

සේවාව

මෙහි ඉතා විනීත සේවක පිරිසක් සේවයේ යෙදිලා ඉන්නවා.ප්‍රියමනාප මිත්‍රශීලී කාර්‍ය මංඩලයක් ටී ලොන්ජ් එකේ ඉන්නවා.පොඩ්ඩක් මේසයට කෑම එන්න නම් පර්ක්කු වෙනවා.ටිකක් අලුතින් ආරම්භ කල අවන්හලක් නිසා වෙන්න අනෙති තේකත් එක්ක කෑම එන්න පොඩි වෙලාවක් ඔවුන් ගන්නවා.

මග

මේ අවන්හල පිහිටන්නේ නුගේගොඩ නගරයේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ දුරකින්.මීගමුව නගරයේ ඉඳන් පෝරුතොට පාරේ කිලෝමීටර් 4ක් වගේ ගිය තැන පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.

tlounge1

මේ අවන්හල උදෑසන නවයේ ඉඳන් රාත්‍රී නවය පමන වෙන තුරු විවුර්ථයි.මෙතන දුරකතන අංකය වෙන්නේ 0312272874.මේ අංකයට කතා කරලා ආසනයක් උනත් වෙන් කරගන්න පුලුවන්.ඔබත් නිවාඩු වෙලාවක Dilmah T lounge එකට ඇවිත් ර්සවත් තේකක රස බලන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *