කන්න බොන්න කලින් එන්න

The Station – Dehiwala ( ද ස්ටේශන් )

banner

අගනුවරට කිට්‍ටුවෙන් සියලු දේ කැමට බීමට එකම වහලක් යටින් ගන්න පුලුවන් හොඳම තැනක් තමයි දෙහිවල ද ස්ටේශන්. ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුදු වෙරල අයිනේ ඉදන් රසවත් බීර වීදුරුවක් බොන්න , නැත්නම් රසවත් සී ෆුඩ් පිඟානක රස බලන්න කොලඹ සුන්දරත්වය විඳින්න එන්නම ඕනි තැනක් තමයි ද ස්ටේශන් කියන්නේ.

වටපිටාව

station2

මෙහි වටපිටාව අතිශය සුන්දරයි. ඒ දෙහිවල මුහුදු වෙරල නිසාවෙන්. එකපසෙකින් දුම්රිය මාර්ගයත් අනික් පසින් මුහුදු වෙරලත් මනස්කාන්තයි.මෙහි ඇතුලත ත් ඉඳගෙන කෑම කන්න පුලුවන්. ඒ වගේම හෝටලෙන් එලියේ ඉඳනුත් කෑම ගන්න පුලුවන් විදියට හට් සවි කරලා තියනවා. ඒ වගේමයි සවස් යාමය වෙනකොට මුහුදු වෙරල අයිනෙත් මේස පු‍ටු ඇසිරෙනවා. එතන නම් කදිමයි.ඒ වගේම මෙහි අට්ටාලයක් ටිහ්බෙනවා. එහි ඉඩකඩ සීමිත උනත් එහි උනත් ඔබට ඉක්මනින් ආවොත් මේසයක් පු‍ටුවක් වෙන් කරගන්න පුලුවන්.

හැමදාමත් සවසට සංගීත කන්ඩායමක් මෙහි සංගීතය සපයනවා. සියලු දෙයින් සම්පූර්න නිසාවෙන් මෙහි පොඩ්ඩක් සෙනග නම් වැඩියි. සවස් වෙන විට ටිකක් කලබල කාරී ඇතුල. ඒසී සහිතවත් ඉන්න පුලුවන්. ඒවගේමයි දුම් පානය කරන අයට වෙනම තැනක් මෙහි තිබෙනවා.

බඩජාරි මෙනුපත

station3

මෙහි කැමට නම් ජාති බොහොමයි. ඔබ මෙහි ආවොත් අනිවා මුහුදු කෑම රස බලන්න. එය ලොකු අත්දැකීමක්.

හොට් බටර් mushroom, Sea food fried rice, එක්ක Black pepper prawns සහ Mullet.එකක් කාලා බලන්න. නියම සංයෝගයක්.හොට් බටර් මශෲම් ප්ලේට් එකක් 375ක් වෙනවා. ඔබ නිර්මාංශික නම් එය ඉතා රසවත් කැමට හොඳ ආහරයක්. ඒ වගේමයි සී ෆුඩ් රයිස් එක 550ක් වෙනවා. පෝශන් එකක් ඇති වෙන්නම තියනවා.මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකත් ඒ ගනන්.බ්ලැක් පෙපර් ප්‍රෝන් එකක් 750ක්. මේ දීසියත් ඉතාම රසවත් . අපි ඔවුන්ට ලකුනු කැම වලට දහයෙන් නවයක්ම දෙනව. ඒ තරමට ඔවුන්ගේ කෑම් රසවත්. සියලු කෑම වලට ලුනු දෙහි රස හොඳින් පදමට එක් වෙලා.

station1

මෙහි ඇවිත් රස විඳින්න අපෙන් ඔබට යෝජනා ලෙස හොට් බටර් කට්ල් ‍ෆිශ් හරි හොට් බටර් චිකන් උනත් මරු. සැලකිය යුතු ප්‍රමානයක් ගෙවන මිලට ලැබෙනවා..
තවත් බොහෝ කැම වර්ග මෙහි ඇතුලත්. සැලඩ් වර්ග සුප් වර්ග කකුලුවන් විවිද රසයෙන්,ඉස්සෝ දැල්ලෝ, පෝක් බීෆ් ඕනි එකක්.

මෙහි බීම වර්ගත් විවිද වර්ග වලින් ගන්න පුලුවන්. සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේම හාඩ් ඩ්‍රින්ක්ස්.එකම දේ මෙහි කෑම බීම සියල්ලටම සර්විස් චාජ් පවා ඇඩ් වෙනවා. එතකොට මෙහි මිලත් සමග සමස්ත බිල නම් පොඩ්ඩක් මුදලින් වැඩියි.ඒත් ගෙවන මිලට මතකයේ හිටින දවසක් මෙහි ගතකිරීඑමට පුලුවන් බව නම් සහතිකයි

සේවාව

station4

මෙහි ඉන්න වේටර් වරු සුහදශීලියි. ඔවුන් ඉතාම කඩිසරයි. හැමවෙලේම එහෙට මෙහෙට දුවමින් තමන්ගේ වැඩ කටයුත්තේ නිරත වෙලා ඉන්නවා. ඒත් කොහොම උනත් ඔවුන් ඔබට කෑම මේසයට ගේන්න නම් ටිකක් වෙලා ගනීවි. සමහර විට ඒ කාලය විනාඩි 25ක් වෙන්නත් පුලුවන්. ඒ කාලය ඔබට අවට සුන්දරත්වය විඳින්න හරි යාලුවෙක් එක්ක දිගු කතාබහක=ට මුල පුරන්න පුලුවන්.කාර්‍ය බහුල වෙලාවකට විශේශයෙන් සවස් වරුවට මෙහි කෑම ,කැම මේසයට එන වේලාව නම් ටිකක් වැඩියි.මීට අමතරම අනික් දේ හොඳයි. සේවාවට සේවා ගාස්තුත් එකතු වෙනකොට සම්පූරන බිල නම් ටිකක් වැඩි වේවි

මග

මෙතනට එනවා නම් කොලඹ ඉඳන් ගාලු පාරේ ඇවිත් හරියටම රොක්සි සිනමා හල එහෙම පහු කරන් විලියම් හංඳියට එන්න ඕනි.එතන හඳියෙන් දකුනු අතට වාසල පාරේ කෙලවරටම මුහුද පැත්තට ගිහාම තමයි මේ අවන්හල හම්බෙන්නේ.

මෙහි පවුලේ අය සමග නම් අපි ඒතරම් නිර්දේශ කරන්නේ නෑ. හොඳම දේ යාලුවෝ සෙට් එකක් එක්ක එන්න. වටපිටාවේ දකින්න කරන්න දේවල් බොහොමයි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *