කන්න බොන්න කලින් එන්න

Singharaja Bakery & Restaurant – Aluthgama සාක්කුවට පහසුවෙන් රසවත් ආහාර වේලකට අළුත්ගම සිංහරාජ අවන්හල

banner

අපි අද කියන්න යන්නේ අලුත්ගම නගරයේ පිහිටි අවන්හලක් ගැන.මේතන සිංහරාජ බේකරිය ස අවන්හල නමින් තමයි පවත්වාගෙන යන්නේ.ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව බේකරි කැම වර්ගත් ගනනාවක් මේ අවන්හලට ගොඩ උනොත් කන්න ගන්න පුලුවනි.ඒ වගෙම මේ අවන්හලේ කැම වල ගනන් ගොඩක් අඩුයි.ඉතින් කාට උනත් අඩු මිලට රසවත් කෑම වේලක් මෙතනට ආවොත් කන්න ගන්න පුලුවන්.අපි අද කියන්න් යන්නේ මේ අවන්හලේ විස්තර.

වටපිටාව

sinharaja4

මේ අවන්හල පිහිටන්නේ ගාලු පාර අයිනේ.ඒ කොහොම උනත් සැලකිය හැකි තරමේ පාකිං පහසුකම් මේ අවන්හල සත්යි.වාහන 10ක් විතර එක වර මේ අවන්හල ඉදිරිපස නවත්වන්න පුලුවනි.අවන්හල මහල් දෙකකින් යුක්තයි.ඉහල මහලට ඇතුල් වෙන්න වෙනම ඇතුලතින් සහ පිටින් පඩි පේලි තියනවා.පහල මහලට වඩා හොඳ ඉහල මහල තමයි.පහල මහලේ බේකරි කෑම වර්ග කන්න ගන්න පුලුවනි.මේ අවන්හල ඉතා පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේනවා.ඉහල මහලේ 60කට වගේ එකට ඉඳගෙන ආහාර ගන්න පුලුවනි.ලී මේස පු‍ටු සකස් කරලා බිමට ටයිල් කරලයි තියෙන්නේ.අවන්හල ඇතුලත ඒ සී කරලා තියනවා.ඒ වගෙම ෆැන් සවි කරලා.අවන්හල ඇතුලත ටී වී එකකුත් බිත්තියේ එල්ලලා තියනවා.

මෙනුපත

sinharaja2

මේ අවන්හලේ මෙනු එකට සුප් වර්ග පීසා වර්ග සබ්මැරීන් පැස්ටා වර්ග නූඩ්ල්ස් කොත්තු සැන්විච් ඩෙවල් කල මස් සහ මාලු වර්ග රයිස් වර්ග ඇතුලත්.ඒ වගේම බේකරි අයිටම් ගොඩක් මෙහිදී කන්න ගන්න පුලුවන්.ඩෙසර්ට් එකට පලතුරු බීම වගෙම පැනිරස කෑම වර්ගත් ගොඩක් මේ අවන්හලට ආවොත් කෑමති විදියට කන්න ගන්න පුලුවනි.අවන්හල සතුව බුෆේ එකකුත් ත්යනවා.මැඉට් භාජන වල පිලිගන්වන මේ බුෆේ එකේ රයිස් ඇන්ඩ් කරි කෑම්ති විදියට බෙදාගෙන කන්න ගන්න පුලුවනි.මේ බුෆේ එකේ කෑම ඉතා රසවත්.ගෙදර හදනවා වගෙම රසට මේ බුෆේ එකේ කැම ලංකාවේ විදියට කන්න ගන්න පුලුවනි.
බුෆේ එකට අමතරව මෙහි රයිස් වර්ග විදියට ෆ්‍රයිඩ් රයිස් ,සී ෆුඩ් රයිස් වගේ කන්න ගන්න පුලුවනි.මෙහි මික්ස් සී ෆුඩ් රයිස් එක ඉතා රසවත් මට්ටමේ එකක්.ෆ්‍රයිඩ් රයිස් කන්න ගනවා නම් මස් මාලු එක්ක කන්න ගන්න පුලුවනි.

sinharaja3

උදේ වරුවට ඉඳි ආප්ප, පාන් රොටි වගේ කැම කන්න ගන්න පුලුවනි.උදේ වරුවට මෙහි ඇවිත් ලුනු මිරිස් එක්ක රොටියක් කාලා බලන්න.දිව පිච්චෙන තරමට සැර ලුනු මිරිසක් උනත් මේ පොල් රොටියත් එක්ක එය ඉතා රසවත් කියලා කියන්න පුලුවන්.සමස්ථයක් විදියට දවල් වරුවකට ආවොත් දෙදෙනෙක්ට රුපියල් 600ක් වගේ මිලකට ඇතිවෙන්න කන්න පුලුවනි.

sinharaja1

ඒ වගෙම උදේ වරුවට වෙනස් විදියකට කන්න නම් සැන්ඩ්විච් එක හොඳ තේරීමක්.ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක ගන්න පුලුවන් මේ සැන්ඩ්විච් කන්න ප්‍රිය වෙන විදියට අසුරලත් තියනවා.ඒ වගෙම එය රසවත් රාගැනීමක්.කැම ප්‍රමාන අතින් ගත්තොත් නම් මේ පෝශන් සාමාන්්‍ය මට්ටමේ කියන්න පුලුවනි.

සේවාව

මෙහි සේවාව හොඳමට්ටමේ එකක්.මේ අවන්හලේ වැඩි තදබදයක් නම් නෑ.ඉතින් පාඩුවේ කෑම වේලක් කන්න හොඳ වටපිටාවක් මෙතන හැදිලා තියනවා.ඔබ ඇනවුම් කරන කෑම වර්ග ඉතා ඉක්මනට මේසයට ගෙනත් දෙන්න මෙහි වැඩ කරන අය යුහුසුලුව ක්‍රියාකරන බවක් පේනවා.

මග

මෙතන්ට කොලඹ පැත්තේ ඉඳ එනවා නම් ගාලු පාර දිගේ ඇවිත් අලුත්ගම නගරය පහු වෙලා මීටර් 700ක් විත ගාල්ල පැත්තට එන්න ඕනි.ඒ එනකොට පාරෙන් වම් පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.සිංහයෙක් සිතුවම් කල මේ අවන්හලේ නාම පුවරුව පාර අයිනට වෙන්න පැහැදිලිව පේන්න තියනවා.ඉතින් හොයාගන්න ඒ තරම් අමාරුවක් වෙන එකක් නෑ.

මේ අවන්හල උදේ දවල් සහ රාත්‍රී වරු තුනටම ආහාර සපයනවා.මේ අවන්හලේ ලිපිනය වෙන්නේ අංක 120 ගාලු පාර කලුවමෝදර. මෙහි දුරකථන අංකය 0342274978.ඔබත් ගාලු පාර දිගේ ගාල්ල මාතර පැත්තට යනවා නම් සාක්කුවට වැඩි බරක් නැතුව රසවත් කෑම වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ Singharaja Bakery & Restaurant කියන පුලුවන්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *