කන්න බොන්න කලින් එන්න

Silver Ray Restaurant – Rathnapura රත්නපුරේ හරහා කතරගම යනව නම් රසට ආහාර වේලක් ගන්න සිල්වර් රේ

banner

රත්නපුරේ හරහා කතරගම යනව නම් හරි ඒ පැත්තෙන් බදුල්ල පැත්තට දිගු ගමනක් හරි යනව නම් නැවතිලා රසට ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් තමයි සිල්වර් රේ අවන්හල.මෙතන අවන්හලක් වගේම මහල් තුනක ගොඩනැගිල්ලක උත්සව ශාලාවන් තුනක් ශොපිං කරන්න පහසුකමුත් සලසනවා.ගොඩ දෙනෙක් අතර නම කියූ පමනින් ජනප්‍රිය අවන්හලක් විදියට සිල්වර් රේ අවන්හල ප්‍රසිද්ධයි.

වටපිටාව

silverray2

මෙතන ඇතුලත හොඳින් ඒ සී කරලා තියෙන්නේ. ඇතුලත වයි ෆයි පහසුකමත් තිබෙනවා.ඉතා සැප පහසුවට මේස පු‍ටු.වැඩකරන සේවකයන් පවා හොඳින් ඇද පැලදගෙනයි ඉන්නේ.එක වරකට මෙතන ඉඳන් 60ක් 70කට ආහාර ගන්න පුලුවන්.හොඳ පාකිං පහසුකමත් මෙතන සලසනවා.වැඩි තදබදයක් නම් නෑ.

බඩජාරි මෙනුපත

silverray1

මෙතන කෑම වර්ග වල මිල ටිකක් විතර සාමාන්‍ය මිලට වඩා වැඩියි.බේකරි කැම වර්ග බනිස් පේස්ට්‍රි කට්ලට් වගේ කෙටි කෑම වර්ග හැම එකක් ම ඉතාම රසවත්. එහි පිරවුම ඉතා රසවත්.ඒ වගේම නැවුම් ගතියකින් යුක්ත වෙනවා.සාමාන්‍යයෙන් කෙටි කෑම වර්ග 50-100 අතර මිල සීමාවේ පවතින්නේ.

මෙතන දිවා වරුවට බුෆේ එකක් තියනවා.තමන්ට ඇති පමනට බෙදාගෙන කාලා අතුරුපසත් කන්න ගන්න පුලුවන්. කෑම ඉතා රසවත්.පෙලක් දිනයන්ට විශේශිත් ආහාර වර්ගත් ගන්න පුලුවන්.බුෆේ එකක් 400 මිල සීමාවේ පවතින්නේ.

මෙතනින් විවිද වර්ගයේ කේක් මිලට ගන්නත් පුලුවන්.මේ කෑම සියලු දැ මෙහි ප්‍රවීන කෝකි වරුන් තමයි හදන්නේ. ඒ නිසා වෙන්න ඕනි මේ තරමට රස.ඔබ මෙතනට ආවොත් ප්ලේන්ටියක් බොන්නත් අමතක කරන්න එපා මොකද මෙහි අයිතිකරු තමයි දැනගත්තු විදියට ලන්කාවෙන් වැඩිම තේ ප්‍රමානයක් අපනයනය කරන්නේ.ඉතින් ඔහුගේ තේ කර්මාන්තශාලාවල නිපදවන නැවුම් තේ කෝප්පයක් රස බලන එකත් වටිනවා..දෙන්නෙක්ට රුපියල් 1000ක් වියදම් කලොත් නොසැහෙන්න කන්න පුලුවන්.

සේවාව

මෙතන් ඉතා හොඳ සේවයක් ලබාගන්න පුලුවන්. ඔවුන් මිත්‍රශීලී. ඒවගේම ඉක්මනට අවශ්‍ය කැම ඉක්මනට මේසයට ගෙන්න ගන්න පුලුවන්.හොඳින් පුහුනු උනු සේවකයන් පිරිසක් මෙහි සේවය කරනවා.ඒ නිසා සේවාව හොඳයි.මුදල් ගෙවනවා නම් කාඩ් එකෙං උනත් ගෙවන්න පුලුවන්.

මග

මෙතනට එනවා නම් රත්නපුරේ ඉන්දන් පැල්මඩුල්ල පැත්තට කිලෝමීටර් 15ක් වගේ එන්න ඕනි.මේ හරියට කියන්නේ ලෙල්ලුපිටිය කියලා.ලෙල්ලුපිටිය හංදිය පහු කරලා කිලෝමීටරයක් විතර ගිහාමයි සිල්ව රේය් අවන්හල හම්බෙන්නේ.මේ හරියේ කාගෙන් ඇහුවත් කියාවි මෙතන ගැන.පාරෙන් වම් අත පැත්තේ සුවිසල් ගොඩනැගිල්ල පහසුවෙන් මිස් වෙන එකක් නම් නෑ.

ඉතින් ඔයාලත් බදුල්ල පැත්තේ හරි කතරගමට චාරිකාවක් හරි යනව නම් රසට කාලා යන්න මෙතනට ගොඩ වදින්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *