කන්න බොන්න කලින් එන්න

සේද මාවත දිගේ රට රටවල කෑම වර්ග ගනනාවක් එකම තැනක..Silk Route – Malabe

banner

ඉස්සර කාලේ චීනය අරාබිය හරහා ආසියාව දක්වා මුහුදු මාර්ගයෙන් වෙලදාම් කරපු ප්රදධාන මාර්ගය සේද මාවත නමින් හැදින්වුනා.මේ සේද මාවත දිගේ අද වෙනකොට වෙලදාම ඉස්සර කාලේ වගේ සිද්දවෙන්නේ නෑ. ඒ කොහොම උනත් සේද මාවත දිගේ චීනේ ඉඳන් ලංකාවට එන කොට මුනගැහෙන රටවල් වලදි එදා වගේම අදත් කන්න බොන්න ලැබෙන කෑම වර්ග ලංකාවේදි රස බලන්න කදිම අවස්ථාවක් සපයන අවන්හලක් මාලබේ ප්ර්දේශයේ විවුර්ථව තියනවා.. මේ අවන්හල නමින් සිල්ක් රූට්.මෙහි ඇති තවත් විශේශයක් වෙන්නේ සිල්ක් රූට් අවන්හල පිහිටන්නේ රූෆ් ටොප් එකේ.මාලබේ නගරය වගේම ඉන් ඔබ්බට විහිදුනු අවට අසිරිය මේ ගොඩනැගිල්ලේ මුදුනේ ඉඳන් විඳගන්නත් ඔබට මෙහි ආවොත් අවස්ථාවක් ලැබෙනවා.

DSC_0016

වටපිටාව

අවන්හල ඇතුලත වගෙම එලියට නිරාවරනය වෙන විදියට ඉතා අලංකාරව පුටු සකස් කර තිබෙනවාමේ අවන්හල ඇතුලත කොටසකින් සහ එලිමහන් කොටසකින් යුක්තයි.ඇතුලත ඉතා සැප පහසු මේස පු‍ටු සහිතව සකස් කරලා තියනවා.හොඳින් ඉඩකඩ ඇතිවෙන පරිදි ටේබල් දෙකක් අතර දුර නියම විදියට අසුන් පවා තියනවා.ටිකක් පුද්ගලික කතා බහක් එක්ක කෑම ටිකක් ගන්නවා නම් 12 දෙනෙකුට වගේ අසුන් ගන්න පුලුවන් කාමර 2කකුත් මේ අවන්හලේ ඇතුලත්.කොහොම උනත් හොඳම දේ රාත්රී වරුවක එලි මහනේ ආහාර වේලක් ගන්න එක .මොකද නගරයේ විදුලි එලි වල සුන්දරත්වය වගේම සීතල සුලං රැල්ලක පහස විදගන්නත් එලිමහනේ පුලුවන්.

DSC_0010

ඔබ මෙහි ඇතුලට වෙන්න වාඩි උනොත් උයන පිහන කටයුතුත් දැක බලා ගන්න හැකියි.අවන්හල ඇතුලත ඉතා පිරිසිදුව පවත්වාගෙන යන බවක් හොඳින්ම පේන්න තියනවා.

මෙනුපත

DSC_0017

අපි කලින් කිව්ව වගේ සේද මාවත දිගේ ඔබ ලංකාවට එනවිට හමුවන කෑම වලින් තමයි සිල්ක් රූට් එකේ මෙනුපත සකස් වෙලා තියෙන්නේ.චීන ,අරාබි,තායි මැලේශියන්,පකිස්තාන් ,ඉන්දියන් කෑම වගේම බටහිර කෑම වර්ගත් මේ මෙනු එකේ ඇතුලත්..අනෙකුත් ප්රධාන අවන්හල් වගේම සුප් එකේ ඉඳන් ඩෙසර්ට් වර්ග දක්වා මේ මෙනු එක විහිදිලා යනවා. ඒ කෑම වර්ග අතරේ සේද මාවත දිගේ තියෙන රටවල් වලට අදාල කෑම වලින් හොඳ විව්දත්වයක් තියන විදියට මෙනු එක සකස් වෙලා.

DSC_0022

සුප් වර්ග 5ක් වගේ මෙනු එකේ 400-500 අතර මිල සීමාවේ පවතිනවා.ස්ටාටර් විදියට අපි නිතර දකින බැටර් ෆ්රයිඩ් මශෲම් එකේ ඉඳන්කොච්චි මිරිස් සහ බැදපු ලූනු දාපු චීස් ෆිටර්ස්,ඉස්සෝ ටෙම්පුරා,ෆ්රයි කරපු කන්කුන් වගේ කෑමක රස බලන්න පුලුවන්.මේ වගේම සැලඩ් වර්ග බර්ගර් වර්ග සැන්ඩ්විච්,පීසා Wraps වර්ග බොහොමයක් විවිද රටවලට ආවේනික විදියට කන්න ගන්න පුලුවන්.මෙකේ මේන් කෝස් එකේ Rice Dish ප්රධාන විදියට කොටස් තුනකට දකින්න පුලුවන්.මේ මෙනු වලට අදාල නම් උනත් ටිකක් වෙනස්.නැගෙනහිර ආසියාතික ක්රමයට හදපු රයිස් එක ඔවුන් හඳුන්වන්නේ මාකෝ පෝලෝ surprise කියලා.ඒක වෙජි චිකන් පෝක් බීෆ් වගේම සී ෆුඩ් විදියට පිරිනැමෙනවා.මේ රයිස් එක ඉතා රසවත්.

DSC_0031

ඒ වගේම බෝඩර්ස් ඔෆ් ඉන්ඩියා නමින් බාස්මතී සහලින් හැදුනු රයිස් එකකුත්,Wonder Of Asia නමින් තවත් රයිස් මෙනු එකකුත් මෙහි ඇතුලත්.ඒ වගේම ටේස්ට් ඔෆ් බාලි නමි න් ඉන්දුනිසියානු ක්රමයට හදන මී ගුරං වගේම තවත් බොහොමයක් නූඩ්ල්ස් වර්ගත් මෙහි ඇතුලත්.

සවස් වරුවකට ඔබ මේ පැත්තේ එනවා නම් මේ අවන්හලටම් ආවේනික උනු රසවත් කොත්තුවක රස බලන්නත් අවස්ථාව ඔබ සතුයි.ඇත්තෙන්ම මේ කොත්තු මෙනු එකත් සුවිශේශී එකක්.ඒ මේ කොත්තුව විවිද රසයෙන් පරාතා කොත්තු,නූඩ්ල්ස් කොත්තු,මැකරෝනි කොත්තු,කිරිකොස් සහ මඤ්ක්නොක්කා කොත්තු විදියට ගන්න පුලුවන්. කොත්තු වක් අපි හැමදාමත් රස බලන විදියට වඩා කිරි කොස් ,මඤ්ඤොක්කා වගේ එක්ක රස බලන එක වෙනස්ම අත්දැකීමක් වේවි.මේ කොත්තු මෙනු එක 700-1000 අතර මිල සීමාවක පවත්නවා.

DSC_0023

කෑම වර්ග සමස්ථයක් විදියට ඉතා උසස් තත්වයේ තියෙනවා. නැවුම් අමුද්රව්ය වලින් ඉතා පලපුරුදු කෝකියන්ගෙන් හැදෙන නිසා මේ කෑම වල රස ගුන ඉතින් කියන්න දෙයක් නෑ.පෝශන් එක උනත් ගොඩක් කෑම වල හොදට බඩ පිරෙන්නම ලැබෙනවා.ඒ වගේම විශේශයෙන් කියන්න ඕනි කොලඹ නගරයේ මේ හා සමාන වෙනත් අවන්හල් එක්ක සසඳලා බැලුවොත් මිල සිල්ක් රූට් එකේ ගොඩක් අඩුයි.ඉතින් ඔබ ගෙවන මිලට ඉතා හොඳ රසවත් අත්දැකීමක් ගන්න ඔබට සිල්ක් රූට් අවන්හලට ආවොත් පුලුවනි.

සේවාව

මේ අවන්හලේ සේවාව අනික් සියලු දේ වගේම අනර්ග මට්ටමේ තියනවා.ඉතා කාර්යශීලි සුහද සේවක මඩුල්ලක් මෙහි සේවයේ නියුතුයි.අවන්හල ආරම්භ කර්ලා වැඩි කලක් නැති නිසාදෝ වැඩි කාර්ය බහුල ගතියක් නැ.ඉතින් ඔබ මෙහි ආවොත් නිදහසේ රසවත් කෑම වේලක් ගන්න අවස්ථාව ඔබට සැලසෙනවා

මග
මෙහි ලිපිනය වෙන්නේ Renaissance ගොඩනැගිල්ල අංක 821, තලංගම මාලබේ.මාලබේ නගරයේ ඉඳන් මීටර් 350ක් විතර තලාහේන පැත්තට එනකොට Renaissance ගොඩනැගිල්ලේ ඉහල මාලයේ තමයි මේ අවන්හල පිහිටන්නේ.ඔබ වාහනයකින් එනවා නම් පාකිං පහසුකමත් මේ අවන්හල සතුයි.

ඔවුන් දිවා සහ රාත්රිහ වරුවලට තමයි ආහාර සපයන්නේ. උදේ 11 ඉඳන් රාත්රීට 11 පමන වෙනතුරු මේ අවන්හල විවුර්ථයි.Silk Route Malabe අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 0115554433.පුංචි පහේ සාහයකට උනත් මේ අවන්හල පංකාදුයි.වටපිටාව සේවාව කෑම බීම මේ හැම දෙයක්ම ඉතා හොඳින් පවතින නිසා ඔබත් සිල්ක් රූට් අවන්හලට ගොඩ උනොත් රසවත් අමතක නොවෙන අත්දැකීමක් විදගන්න පුලුවන් වේවි. ඒ වගේම එක වරක් ආවොත් ආයෙත් එන්න හිතේවි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *