කන්න බොන්න කලින් එන්න

තාරා මස් රස බලන්න එන්න කෝට්ටේ පිහිටි සුපිරි චීන අවන්හලට Shanghai Terrace – Kotte

banner

සුපිරි මට්ටමේ චීන ආහාර වේලක රස බලන්න හොඳම තැන අතර ඉහලින්ම තියන නමක් විදියට කෝට්ටේ නගරයේ පිහිට් ශැන්හයි ටෙරස් අවන්හල නම් කරන්න පුලුවන්.2011 වසරේ ආරම්භ කල මේ අවන්හල වේ වන විට චීන ආහාර වලට ප්‍රිය බෝහෝ දෙනා අතර ගොඩක් ජනප්‍රිය අවන්හලක්.නියම චීන ආහාර පිසින අමුද්‍රව්‍ය වලින් හදන රසම රස චීන කෑම වේලක් පිරිනමන මේ Shanghai Terrace අවන්හල ගැන අද අපි කියන්න යන්නේ

වටපිටාව

shanghayi23

මේ අවන්හල ටිකක් විශාල එකක්.අවන්හල ඉදිරිපස විශාල ප්‍රමානයේ රථ ගාලකින් සමන්විතයි.මහල් තුනකින් යුක්ත මේ අවන්හල නවීන පෙනුමකින් යුක්තව නිර්මානය කරලා තියනවා.අවන්හලේ දොර විවුර්ථ කරන තැන ඉදන්ම චීන අවන්හලකට පැමිනි ගතිය මෙහි එන අයට දනවන්නට මේ අවන්හලේ ඇතුලත සකස් කරලා තියනවා.ඇතුලුවන දොරේ මකරුන් දෙදෙනෙකුගේ රූපයක් සහිතව තමයි තියෙන්නේ.ඇතුලත රතු පැහැයට හුරු වෙන්නට බිත්ති වර්න ගන්වලා තියනවා.මෙහි මේස සහ හිඳගන්නට තිබෙන පු‍ටු කුශන් කරලා ඉතාම සැපවත් විදිය්ට තියෙන්නේ.මේස පු‍ටු අතර පරතරය නම් ටිකක් අඩුයි.ඒක නම් පොඩි අවුලක්.කොහොම උනත් හොඳින් ඒ සී එක වැඩ කරනවා.ඇතුලත ඉතා පිරිසිදුයි.රාත්‍රී කාලයට අවන්හල ඇතුලත ටිකක් අඳුරුයි වගේ උනත් කහ ආලෝකයත් එක්ක අවන්හල ඇත්ලත අමුතු ගතියක් ගන්නවා.

shanghayi1

මෙනුපත

ගොඩක් චීන අවන්හල් වල වගෙම දිගු මෙනු එකක් මේ අවන්හල සතුයි.ඒ අතරට ඇපටයිසර් සුප් වර්ග ඉස්සෝ කකුලුවෝ දැල්ලෝ තාර මස් බීෆ් පෝක් රයිස් වර්ග නූඩ්ල්ස් වගේ කැම කැටගරි යටතේ විවිද චීන ක්‍රමයට සකස් කල කෑම ගොඩක් මේ අවන්හලට ආවොත් කන්න ගන්න පුලුවනි.මේ කෑම අතරේ මෙහි ඔවුන් සතු නූඩ්ල්ස් මෙනු එක ඉතා රසවත් කියන්න පුලුවනි.ඒ මෙනු එකේ නූඩ්ල්ස් වර්ග වෙන්නේ සිංගප්පුරු,මලයාසියානු හොංකොං ඉඩුනීසියානු සහ චීන විදියට තමයි.මේ නූඩ්ල්ස් මෙනු එකේ ඕනි එකක් සුපිරි මට්ටමේ කියන්න පුලුව්නෛ.ඔබට කැමති පරිදි චිකන් ‍ෆිශ් පෝක් වගේ කැමති ග්‍රේවි එකකුත් එක්ක මේවා රස බලන්න පුලුවනි.මේ කුඩා පෝශන් එකක් 4 දෙනෙක්ට ඇති තරම් කියන්න ඕනි.

shanghayi

මේ අව්න්හලේ දැල්ලන්ගෙ මෙනු එකේ දල්ලන්ගේ පිටත ක්‍රන්චි විදියට හැපෙන විදියට ඇත්ලත ඉතා මෘදුවත් හදලා තියනවා.ඒකත් ඉතා රසයි.ඒ වගෙම කකුලුවෝ මෙනු එකේ කලපු සහ මුහුදු කකුලුඔව විදියට කැමති පරිදි ඒ මෙනු එක ‍තෝරගන්න මෙහි ආවොත් ඔබට පුලුවනි.

ඒ වගෙම ශැංඝයි පන්නයේ රෝස් චිකන් එක,තායි පන්නයේ ගරූපා එක හොංකොං පන්නයට හදාපු ඉස්සෝ සහ පැන්කෝ මෙහි එන ගොඩ දෙනෙක් කැමති ආහාර තමයි.මෙහි තාර මස් වලින් හදාපු රසවත් කෑම් මෙනු එකකුත් කන්න ගන්න පුලුවනි.ඔබට මේ අවන්හලට ඇවිත් තාරා මස් සහිත ආහාර වේලක් කන්න ඕනි නම් ටිකක් කලියෙං ඔවුන්ට දැනුම් දෙන්න වෙනවා.

shanghayi24

මේ අවන්හලේ කෑම පොශන් අතින් ගත්තොත් ගෙවන මිලට වටින්න ගොඩක් හම්බවෙනවා.රස අතින් ගත්තත් ඔබ මෙහි ඇවිත් හරියට ‍තෝරලා කැවොත් කැම ඉතා රසවත් කියන්න පුලුවන්.ඒ වගෙම මේ ආහාර ඉතා නැවුම් මට්ටමේ කියන්න ඕනි.කැම වල මිල ගනන් නම් ටිකක් විතර වැඩි උනාට ගෙවන මිලට ඒ තරම් පාඩුවක් නම් වෙන්නේ නෑ.දෙන්නෙක් මේ අවන්හලට ඇවිත් බඩ පිරෙන්න කන්න 3000-4000ක් වගේ මිලකට පුලුවන්.

සේවාව

මේ අවන්හලේ සේවාව ඉතා අනර්ග මට්ටමේ එකක්.මෙහි කලමනාකරු පුද්ගලිකව මෙහි යන එන අයගේ අවශයතා හොයා බලනවා.ඒ වගෙම කාර්‍ය මන්ඩලය ඉතා විනීත සහ කාර්‍යශීලී අය.ඔබ මෙහි ඇවිත් ඇනවුම් කරන මෙනු එක විනාඩි 20ක් වගේ කාලයකින් මේසයට ලබාගන්න පුලුව්නෛ.ඔබට මේ මෙනු එකේ තියන කෑම ගැන වැඩි අවබෝදයක් නැත්නම් මෙහි සේවකයන් උනන්දුවෙන් ඔබට ඒ කැම ගැන කියා දෙන්න සැදී පැහැදී ඉන්නවා

මග

මේ අවන්හල පිහිටන්නේ කෝට්ටේ පාරේ.දියත උයන අසලින් වැටෙන කෝට්ටේ පාර දිගේ පිට කෝට්ටේ පැත්තට කිලෝමීටරයක් විතර එනකොට පාරෙන් දකුනු අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0112878878.ඔවුන් උදේ එකොලහේ ඉඳන් සවස තුන වෙනකන් දවල් ආහාර සඳහා විවුර්ථයි.ආයෙත් රාත්‍රී වරුවට සවස 6 ඉඳන් එකොලහ පමන වෙනතුරු මේ අවන්හල ආහාර සපයනවා.200 දෙනෙක්ට පමන මෙහි එක වර ආහාර ගන්න පුලුවනි.පුන්චි පහේ ඔ‍ෆිස් පාටි වලට උනත් මේ අවන්හල වෙන කරගන්න පුලුවනි.ඔබත් රසවත් චීන කෑම වෙලක් ගන්න හොඳ තැනක් ගැන හිතනවා නම් Shanghai Terrace හොඳ තේරීමක් වේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *